දේශීය පුවත්

විදේශ සබඳතා,නිපුනතා සංවර්ධන ,රැකීරක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍යය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා අද ජිනීවා නුවර එක්සත් එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ පැවති මානව හිමිකම් කවුන්සිලයේ 7වන සමුළුවේ 43 වන ස්ථාවර සභාවාරය අමතමින් සිය වාග් කෞෂල්‍යය මෙන්ම ජාතිමාමකත්වය මොනවට ප්‍රදර්ශනය කරමින් වාදාභිසිංහයෙකුගේ භූමිකාව මෙන්ම සෑබෑ ලාංකීය දේශප්‍රේමියා කවුදැයි යන්න ලෝකයට ප්‍රදර්ශනය කරන අතිශය වැදගත් දේශනයක් ඉදිරිපත් කළ බව ජිනීවා නුවර ආරංචි මාර්ග පවසයි.

පසුගිය රජය කරනු ලැබූ ලාංකේය රණවිරුවා පාවාදීමේ සැලසුම් සියල්ල ආපසු හැරවීමට සමත් ප්‍රවේශයක් ශ්‍රී ලංකා රජයට ගත හැකි බව ජගත් මානව හිමිකම් කවුන්සිල වේදිකාව මතදීම තහවුරු කිරීමට දිනේෂ් ගුණවර්ධන අමාත්‍යයවරයා සමත් වූ බව ජිනිවා මානව හිමිකම් සමුළුවට සහභාගි වී සිටින ශ්‍රී ලංකාවට හිතැති විදේශිකයන් පවසන බවද අප වෙත වාර්තා වේ.

අමාත්‍යයවරයාගේ මැදිහත්වීම සම්බන්ධයෙන් අප දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බන්ඩාර මහතාගෙන් විමසූ කළ ඒ මහතා “මංගල සමරවීර මහතාගේ පාවාදීම ආපසු හැරවීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජාතික සංවිධානවල ගෞරවය ඒ මහතා වෙත පිරිනමනවා.ඒ වගේම අද ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 7වන සමුළුවේ 43 වන සැසිවාරයේදී 80 දශකයේදී අප දුටු දිනේෂ් ගුණවර්ධන නම් සටන්කාමියා දක්නට ලැබීම බලවත් සතුටට කාරනයක්.එතුමාගේ මැදිහත්වීමට සමස්ත ශ්‍රී ලාංකික ජාතියේම ගෞරවය හිමි විය යුතුයි.ඔහු අභිමානවත් දේශනයක් ලෝකය හමුවේ ඉදිරිපත් කළා.

ඔහුගේ ප්‍රවේශය සම්බන්ධයෙන් අපට ඇත්තේ එක් විවේචනයක් පමණයි.එනම් විනිසුරුවරයෙකු යටතේ පත්කරනවා යැයි කියන කොමිසම මගින් රණවිරුවන්ට එරෙහිව OISL වාර්තාව මගින් එල්ල කර ඇති චෝදනා වලට පිළිතුරු බැඳීමට අතීතයේ පිහිට වූ සියළු කොමිසම් වාර්තා, නීතිමය සහ කරුණුමය සාක්ෂි අධ්‍යයනය කරන බව සෘජුව සඳහන් නොකිරීම පමණයි.රණවිරුවා යුද අපරාධ චෝදනා වලින් ගලවා ගැනීමටනම් එම කොමිසම් වාර්තාව මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කරන බව කිව යුතුමයි.” යනුවෙන් පැවසුවේය.



2 thoughts on “දිනේෂ් ගුණවර්ධන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී බොරළුගොඩ සිංහනාදය පතුරුවයි! (vedio)”

  1. So proud of you as a patriotic and peace loving Sri Lankan. Finally, someone had the guts to stand up against the injustices done to our country by those who want to divide and destroy it and their local puppets.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More