පුරවැසි කොලම

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව අපේ රටේ රාජ්‍ය ආයතනවල නිරීක්ෂණයට පැමිණීම ගැන ජනතාව තුළ මහත් ප‍්‍රසාදයක් ඇති විය. එසේම එතුමා නිරීක්ෂණය කළ සමහර ස්ථාන වල සිදු කරන ලද වෙනස්කම් නිසා එම විශ්වාසය තවදුරටත් වැඩි වර්ධනය විය. එහෙත් අපේ රටේ පවතින ඉහළ සිට පහළට දිවයන සියලූම ආකාර රාජ්‍ය ආයතන වලට පෞද්ගලිකව ජනාධිපතිවරයාට එසේ ගොස් නිරීක්ෂණ චාරිකා කිරීමට අවකාශයක් ලැබෙන්නේ නැත. එහෙත් අපේ රටේ ජනතාව බලාපොරොත්තු වන්නේ ලොකු කුඩා සෑම ආයතනයක්ම ජනාධිපති වරයාගේ පෞද්ගලික නිරීක්ෂණයට ලක්විය යුතු බවයි.

එවන් හැඟීමක් ජනතාව තුළ මතුව තිබෙන්නේ කුමන හේතුවක් නිසාද යත් අනෙකුත් මැති ඇමැතිවරුන් ගැන ද රාජ්‍ය නිලධාරීන් ගැන විශ්වාසය බින්දුවටම ඇදවැටී ඇත. පසුගියදා මට හමුවූ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ඉහළ නිලධාරිවරයෙකු පැවසුවේ අපේ රටේ වැඩි වශයෙන්ම විමර්ශනවලට ලක්වන්නේ අවංකවම රාජ්‍ය සේවයේ නිරත වන නිලධාරීන් බවත් ඇතැම් නිලධාරීන් තමා නිසි පරිදි රාජකාරි ඉටු කරනවා වෙනුවට සීත කාමරවලට වී අවංකවම රටේ ජනතාව තුළ සැබෑ වෙනසක් ඇති කිරීමට කටයුතු කළ නිලධාරීන්ට එරෙහිව කකුල් ඉදිමීම දැන් පුරුද්දක් කරගෙන ඇති බවයි. නිදහස් වාහන බලපත‍්‍රය ලබාගැනීමේ දී මූලික විමර්ශනයක් හෝ පවත්වාගෙන යන්නේ නම් නිදහස් වාහන බලපත‍්‍ර

ලබාගැනීමට දැන් අවස්ථාවක් නොලැබුණ බැවින් බොහෝ ඉහළ නිලධාරීන් පහළ නිලධාරීන්ගෙන් පළි ගැනීම සඳහා කාට හෝ කියා පෙත්සමත් යොමු කොට වාහන බලපත‍්‍රය අත්හිටුවීමට කටයුතු කිරීම දැන් රාජ්‍ය සේවයේ එදිනෙදා රාජකාරියක් බවට පත්ව ඇත. මේ සම්බන්ධව ජනාධිපතිවරයාගේ ඍජුව අධීක්ෂණය හා විමර්ශනය යොමු යුතුය.

අපේ රටේ සෞඛ්‍ය අධ්‍යාපනය රාජ්‍ය පරිපාලනය ඇතුළු බොහෝ අමාත්‍යාංශවල දෛනික රාජකාරි සිදු කරවා ගැනීමේදී සාමාන්‍ය මහජනතාවට අනේක වූ දුක් පීඩාවන්ට මුහුණපෑමට සිදුව ඇත. නිදහසින් වසර 72 ක් වූ තැන රාජ්‍ය සේවය නිසා රජයට අහිමි වන ආදායම රුපියල් බිලියන ගණනක් බවත් පසුගිය

විගණකාධිපතිවරුන් ගේ වාර්තා මගින් මොනවට පැහැදිලි වෙයි. සෑම ආයතනයක් තුළම ¥ෂණය වංචාව අකාර්යක්ෂමතාව ඉහවහා ගොස් ඇත. එක් රාජකාරි කටයුත්තක් සිදු කරවා ගැනීම සඳහා අවම වශයෙන් තිස් හතළිස් වරක්වත් සමහර රාජ්‍ය ආයතන වලට ගමන් කිරීමට මෙරට සාමාන්‍ය මහජනතාවට සිදුවේ. මෙය ඉතා කනගාටුදායක තත්ත්වයකි. අවම වශයෙන් ආයතන සංග‍්‍රහය හෝ මූල්‍ය රෙගුලාසි අනුව පැවරී ඇති වගකීම් ඉෂ්ට නොකරන රාජ්‍ය නිලධාරී සේවයේ නිසා මේ තත්ත්වය දැන් කුණු ගඳ ගහන තත්ත්වයකට පත්ව ඇත.

රාජ්‍ය ආයතනයකට ඇතුල්වන ස්ථානයේ විවිධාකාර වූ සම්මාන සහතික වලින් ඒ දොරටු පිරී ඇති නමුත් ආයතනය තුළට සේවයක් ඉෂ්ඨ කරගැනීමට යන පිරිසට සේවක සේවිකාවන්ගෙන් සාමාන්‍ය මහජනතාවට සිදුවන පීඩා වල නම් අඩුවක් දකින්නට නැත. හැමතැනම කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේවා හරිගස්සාවි කියාය. ප‍්‍රායෝගික තත්ත්වය නම් මේ සියලූම ස්ථාන සකස් කිරීමට තනි පුද්ගලයකුට හැකියාවක් නොමැත. අපේ රටේ රාජ්‍ය නිලධාරීන්ද දැන් බලා සිටින්නේ තමාගේ ආයතනයට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පැමිණ එතුමා අතින් මෙරට සාමාන්‍ය මහජනතාවට විය යුතු සේවාවන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් ඉටුකරන තුරුය. අනිකුත් රාජ්‍ය නිලධාරීන් සහ ජනතාවට බැන අඬගසන සාමාන්‍ය මහජනතාව හා රාජ්‍ය නිලධාරීන්ද තමා අතින් වන දුර්වලතා හෝ අඩුපාඩු සකස් කරවා ගන්නවා වෙනුවට ජනාධිපතිවරයා පැමිණ අතින් අල්ලා ඒවා සකස් කරන දවසක් එනතුරු බලා සිටින බව දැන් සෑම රාජ්‍ය ආයතනයක් තුළදී ම දැකිය හැකි ඉතා කනගාටුදායක කරුණක් වන අතර එසේ වන්නේ නම් ආයතන පාලනය කිරීම සඳහා අමාත්‍යවරුද අමාත්‍යාංශ ලේකම්වරුද අධ්‍යක්ෂ ජනරාල්වරු ඇතුළු පරිපාලන සේවයේ නිලධාරීන් පත් කරන්නේ මොන බම්බුවකට දැයි විමසා බැලිය යුතුය.

රාජ්‍ය සේවයේ නිලධාරීන් බොහෝ දෙනකු තමාගේ සේවා කාලය සම්පූර්ණ කොට නොමිලේ ලබාදෙන වාහන බලපත‍්‍රය රැුගෙන නිවෙසට යෑමට බලා සිටිනවා මිස තමාගේ ආයතන තුළ සිදුවන ¥ෂණ වංචා අක‍්‍රමිකතා හෝ ලෝකයේ සිදුවන කාලීන නව ප‍්‍රවණතාවන්ට ගැළපෙන පරිදි තම ආයතන පද්ධතිය වෙනස් කොට රටේ සංවර්ධන කාර්යය සඳහා නව පද්ධතිමය වෙනසකට මං පාදන ක‍්‍රමෝපායන් ගැන කල්පනා කරන වගක් පෙනෙන්නට නැත. මෙයට එක් ප‍්‍රධාන හේතුවක් වන්නේ ඉහත සඳහන් කළ පරිදි ඇතැම් සක‍්‍රිය ලෙස කටයුතු කරන රාජ්‍ය සේවයහි සැබෑ නායකයන්ට හා නිලධාරීන් එරෙහිව විමර්ශන සිදුකිරීම කාලකන්නි පුරුද්දක් කරගෙන තිබීමයි. සත දෙකක අඩුපාඩුවක් ගැන සොයන විගණන ඒකකය ඉහළ නිලධාරීන් අතින් සිදුවන කෝටි ගණන් වන වංචා ගැන ඇහැක් ඇරලවත් බලන්න නැත.

පසුගියදා ජනාධිපතිවරයා රාජ්‍ය අංශයේ ඉහළ නිලධාරීන් අමතමින් ප‍්‍රකාශ කළේ රාජ්‍ය අංශයේ පවතින ජනතාව පීඩාවට පත් කරන නීති රීති වලට වහල් වීම වෙනුවට ජනතාවට උපරිම සේවයක් ලබා දෙන පරිදි නව ක‍්‍රමෝපායන්ගෙන් හා පද්ධතිමය වෙනස්කම් සඳහා සේවයට සූදානම් විය යුතු බවයි. එහෙත් කනගාටුදායක කරුණක් අපේ රටේ රාජ්‍ය සේවය තුළ නව ක‍්‍රමෝපායන් යුක්තව කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් සඳහා ඉහළ සේවා නිලධාරීන්ගේ නිලධාරිවාදය දැඩි බලපෑමක් එල්ල කළ බවයි. මේ සම්බන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෘජු අවධානය ලක්විය යුතු අතර රාජ්‍ය නිලධාරිවරයකු ලෙස ලිවීමට හා කීමට බොහෝ නිදසුන් ඇති නමුත් එක් කරුණක් පමණක් සඳහන් කරන්නේ මෙම ලිපියේ මූලික හරය පැහැදිලි කිරීමට තවදුරටත් අවශ්‍ය වන නිසාය.

පසුගිය ජනවාරි මාසයේදී වලස්මුල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා ලෙස සේවය කරන සමයේදී මා බාහිර රෝගී අංශය සවස 4 පසුව වෛද්‍ය ප‍්‍රතිකාර කිරීමත් පිළිකා සත්කාර ඒකකයක් ඇතුළු නව ක‍්‍රමෝපායන් රාශියක් ආරම්භ කිරීම කරන ලද අතර අමාත්‍යාංශය චක‍්‍රලේඛන නීතිරීති අණපනත් වලට අනුව නොව ප‍්‍රදේශයේ දුක්විඳින ජනතාවගේ සේවා අවශ්‍යතාව මත පිහිටා වැඩසටහන් ආරම්භ කරන ලදී. එසේම හම්බන්තොට දිස්ත‍්‍රික්කය පනස් දහසකට ආසන්න ගොවීන් කේන්ද්‍රකොට නොමිලේ වකුගඩු රෝග සායන මාලාවක් ආරම්භ කරනු ලැබූ අතර එම කිසිදු ප‍්‍රජාසත්කාර කටයුත්තක් සඳහා රාජ්‍ය මුදල් භාවිතා නොකිරීමට වගබලා ගන්නා ලදී.

හාස්‍යජනක කරුණ නම් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ අතර සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් මගෙන් ප‍්‍රශ්න කරනු ලැබුවේ මා වලස්මුල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා ලෙස සේවය කරන ලද මෙම වසරේ මුල් කාල සීමාවේදී එම රෝහලේ බාහිර රෝගී අංශය සවස 4 පසුව විවෘතකොට රෝගීන්ට නොමිලේ වෛද්‍ය ප‍්‍රතිකාර ලබා දුන්නේ කුමන චක‍්‍රලේඛනයක් මත පිහිටාද බව ය. මා වැනි වෛද්‍යවරයෙකු එය නොමිලේ වෛද්‍ය ප‍්‍රතිකාර කරන අවස්ථාවන්වලදී ඒ අන්දමට නොමිලේ වෛද්‍ය ප‍්‍රතිකාර සිදු නොකරන, එහෙත් ප‍්‍රමාණවත් තරම් වෛද්‍යවරුන් ඇති අනිත් රෝහල් වල රෝහල් අධ්‍යක්ෂවරුන් එමගින් අපහසුතාවට පත්වන බැවින් මේ වැනි වැඩ කටයුතු සිදු කර දැමීම මින් පසු නතර කරන ලෙසත්, හැකිනම් ඔබට විරුද්ධව කරන විමර්ශන වල දී ඔබ පුළුවන් තරං අමාරුවේ දැමීමට බලන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ ඉහළ නිලධාරීන් තමාට උපදෙස් දුන් බවත් එම නිලධාරියා මා සමග පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෘජු අධීක්ෂණය හා විමර්ශනයට මෙම කරුණ ලක්විය යුතු වන්නේය. අප රාජ්‍ය නිලධාරීන් ලෙස නිසි අන්දමට කටයුතු කිරීමටත් රාජ්‍ය සේවය තුළින් උපරිම ප‍්‍රතිලාභයක් ජනතා ලබාදීමටත් කටයුතු කරන අවස්ථාවල් වලදී රාජ්‍ය සේවය නිලධාරිවාදය හා වෘත්තීය සමිති බලපෑම් නිසා සිදුවන විනාශය රටට සිදු කර ඇති හානිය රන්ජන් රාමනායකගේ හඬ පට වලට වඩා වැඩි බව නිර්භයව ප‍්‍රකාශ කළ හැක. ජනාධිපතිවරයාට පසුගිය කාලසීමාව උදව් කළ පමණින් ඇතැම් රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන් ප‍්‍රකාශ කරන සියලූ කරුණු ඒ අන්දමින් සත්‍ය නොවන බව විශ්ලේෂණය කර ගැනීමට තරම් ප‍්‍රාමාණික බුද්ධියක් රටේ රාජ්‍ය නායකයා සතු විය යුතුය.

අපේ රටේ බිහි වූ බොහෝ රාජ්‍ය නායකයන් ජනතාව තුළ අපකීර්තියට පත් වීමට බලපාන ලද ප‍්‍රධාන කරුණක් වූයේ ඔහු වටා සිටින ඇතැම් මන්දබුද්ධික කේවට්ට ආචාරීන් වරුන්ගේ උපදෙස් වලට අනුව රාජ්‍ය පාලනයට පියවර ගැනීම නිසාය. සත්‍ය සත්‍ය ලෙසත්, අසත්‍ය අසත්‍ය ලෙසත් දැකගැනීමේ හැකියාවක් වර්තමාන ජනාධිපතිවරයාට ඇතැයි රටේ මහජනතාව තුළ විශ්වාසයක් ඇත. ඔහුට පැවරී ඇත්තේ විශාල වගකීමකි. රාජ්‍ය නායකයාගේ ඇතැම් උපදේශකවරුන් පෞද්ගලික ලාභ ප‍්‍රයෝජන සඳහා ඔහුට උපදෙස් දෙනු වෙනුවට රටේ වෙනස්කමක් වෙනුවෙන් කටයුතු කරන්නේදැයි ඉදිරි කාලයේ දී අවබෝධ වනු ඇත.

අපේ රටේ සෞඛ්‍ය දර්ශකය ඉහළ අගයක තිබුණද අපේ රටේ සාමාන්‍ය මහජනතාව රෝහල් පද්ධතිය තුළ දී ඖෂධ ලබා ගැනීමට පැමිණ වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීමේදී විඳින පීඩා ප‍්‍රමාණය අප‍්‍රමාණය. ඇතැම් රෝගීන් ශල්‍යකර්ම සඳහා බලාපොරොත්තුවෙන් සිටින අතරතුරදී ශල්‍යකර්ම සඳහා දින ලබාගත නොහැකිව මිය යන ප‍්‍රමාණය ද සැලකිය යුතු වශයෙන් ඉහළ අගයක පවතී. එක වසර සිටම දරුවාට ටියුෂන් පන්ති යෑමට පොළඹවන ක‍්‍රමයක් පාසල් පද්ධතිය තුළ නිර්මාණය වී ඇත. සෞඛ්‍ය අධ්‍යාපන කෘෂිකර්ම වාරිකර්මාන්ත රාජ්‍ය පරිපාලනය ඇතුළු මේ සියලූ අංශ වල ඇත්තේ දේශපාලනය තරමටම හෝ දේශපාලන ක‍්‍රමවේදයට වඩා ඉක්මවා ගිය අතිශයින්ම අප‍්‍රසන්න වූ වාතාවරණයකි. දේශපාලන යාන්ත‍්‍රණයම කුණු ගඳ ගසන අවස්ථාවක දී එක් ක්ෂේත‍්‍රයක් පමණක් සුවඳ ගසන්නේ යැයි අප විශ්වාස කිරීමද එක් අතකින් විහිළුවක් වන නමුත් ඒ සියල්ල නිවැරදි කරගැනීමේ භාර¥ර වගකීම ජනාධිපතිවරයාට පමණක් නොව සෑම පුරවැසියෙකුම සතුය. එහෙත් අවාසනාවට මෙන් දැන් ජනතාව සියල්ල රාජ්‍ය නායකයා විසින් පෞද්ගලිකවම ඉෂ්ට කරනු ඇතැයි බලා සිටීමෙහි කනගාටුවයි. මාර්ගයේ යන අතරතුරදීය මාර්ග නීති කඩකරමින් රිය පදවන රියැදුරකු මට පැවසුවේ මේ මාර්ග පද්ධතිය සහ වාහන තදබදය අවම කිරීමට ජනාධිපතිවරයා පියවරක් ගන්නේ නම් වැදගත් වන බවයි. මේ අනුව රටේ මහජනතාව තනි තනිව තමන් වෙත පැවරී ඇති වගකීම් ඉෂ්ට කරනවා වෙනුවට ජනාධිපතිවරයා පෞද්ගලිකවම සමස්ත රාජ්‍ය සේවයම, සමස්ත දේශපාලන යාන්ත‍්‍රණයම පෞද්ගලිකවම නිවැරදි කරන්නේ යැයි බලා සිටින තුෂ්නිම්භූත වූ ජනතාවක් බවට පත්ව ඇත.

වෛද්‍ය ජී. ජී. චමල් සංජීව

(හම්බන්තොට හිටපු දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ*

පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනය

කොළඹ විශ්වවිද්‍යාලය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More