දේශීය පුවත්

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනා පත්‍රයකට අදාළ වාචික දේශන ඉදිරිපත් කිරීම මැයි මස 29 වන දා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මේ වනවිට රිමාන්ඩ් භාරයේ පසුවන වගඋත්තරකාර රංජන් රාමනායක මහතා එදින අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

මෙම පැමිණිල්ල අද(26) සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවේය.

අද දින මෙම නඩුවට අදාළ වාචික දේශන ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් වගඋත්තරකාර රංජන් රාමනායක මහතා රිමාන්ඩ් භාරයේ පසුවන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් සරත් ජයමාන්න මහතා අධිකරණයට දන්වා සිටියේය.

මෙහිදී රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුව විභාග කරන විනිසුරු මඩුල්ලේ යම් වෙනසක් මේ වන විට සිදුව ඇති නිසා දැනට ඉදිරිපත් වී තිබෙන සාක්ෂි මත මෙම නඩුව පවත්වාගෙන යන්නේ ද? නැතිනම් අලුතින් සාක්ෂි කැඳවීමට පියවර ගන්නේද?  යන්න සලකා බැලීමට හැකියාවක් තිබෙන බව සඳහන් කළේය.

අධිකරණ සංවිධාන පනත අනුව මේ පිළිබඳව තීරණයක් ගැනීමේ බලය අධිකරණය සතු වන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතා මේ සම්බන්ධයෙන් තම සේවාදායකයා ගෙන් උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය බවද සඳහන් කර සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නඩුවට අදාළ වාචික දේශන මැයි මස 29 වනදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස පාර්ශවකරුවන්ට නියම කළේය.

අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා කරන ලද ඉල්ලීමක් පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ල වාචික දේශන ඉදිරිපත් කරන අවස්ථාවේ රන්ජන් රාමනායක මහතාගේ ප්‍රශ්නගත ප්‍රකාශය අඩංගු වීඩියෝ පටය අධිකරණයේ වාදනය කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගන්නා ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය රෙජිස්ට්‍රාර්වරයාට නියම කළේය.

2017 වසරේ අගෝස්තු මස 21 වනදා අරලියගහ මන්දිරයේ දී එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රන්ජන් රාමනායක මහතා මෙරට විනිසුරුවරුන්ගෙන් සහ නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිත පුද්ගලයින් බව  ප්‍රකාශ කර තිබුණි.

ඒ තුළින් රන්ජන් රාමනායක මහතා මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි පවතින මහජන විශ්වාසය පලුදු වන ආකාරයෙන් කටයුතු කර ඇති බවත් ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් පවසමින් පූජ්‍ය මාගල්කන්දේ සුදන්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙක් වු සුනිල් පෙරේරා යන අය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කර තිබුණි.

එම පැමිණිල්ල පදනම් කරගෙන නීතිපතිවරයා විසින්  රන්ජන් රාමනායක මහතාට එරෙහිව මෙම චෝදනා පත්‍රය ඉදිරිපත් කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More