දේශීය පුවත්

ජනාධිපති සහ පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව 2015 සැප්තැම්බර් මස අත්සන් කළ 30/1 ජිනීවා යෝජනාවෙන් ඉල්ලා අස්වීමට හේතු දක්වමින් විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා අද (26 දා* දහවල් ජිනීවා මානව හිමිකම් සමුළුව අමතනු ඇත.
මෙම යෝජනාවෙන් ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ ඒකීයභාවය උල්ලංඝනය වීම සහ රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇති බවට ද හෙතෙම එහිදී කරුණු ඉදිරිපත් කරනු ඇත.

දිනේෂ් ගුණවර්ධන මහතා සමුළුව අමතන අවස්ථාවේ එකී යෝජනාව ඉදිරිපත් කළ ඇමෙරිකාව සහ බි‍්‍රතාන්‍යය යන රටවල් මානව හිමිකම් කවුන්සිලයේ නැත.

මේ අතර මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් මහත්මිය විසින් ශ‍්‍රී ලංකාව සම්බන්ධ සිය වාර්තාව මාර්තු 27 දා (හෙට* ඉදිරිපත් කිරීමට නියමිතය.

ජිනීවා යෝජනාවෙන් ශ‍්‍රී ලංකාව ඉවත්වීම ගැන විදේශ ඇමැතිවරයා කරන ප‍්‍රකාශය නිරීක්‍ෂණය කිරීම සඳහා මේ වනවිට ඩයස්පෝරා ක‍්‍රියාකාරීහු 61 ක් මානව හිමිකම් කවුන්සිලයට පැමිණ සිටිති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More