දේශීය පුවත්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ඉදිරිපත් කළ යෝජනාවන් දෙකකින් ඉවත් වීමට වර්තමාන රජය කටයුතු කළද, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සලයේදී ඒ වෙනුවෙන් වගකීමට රජයට සිදුවන බව දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් පවසයි.

සම්බන්ධන් මහතා වැඩිදුරටත් පැවසුවේ මෙරට අවසන් යුද සමයේ සිදුවූ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ජිනීවා මානව හිමිකම් කවුන්සලයේදී රජය එකඟ වූ 30/1 යෝජනාව ඇතුළු යෝජනාවන් දෙකකින් ඉවත්වීමට වර්තමාන රජය සූදානම් බවට ප්‍රකාශ කොට ඇති බවයි.

රජයේ කැමැත්ත මත රජය අදාළ යෝජනාවන්ගෙන් ඉවත් වුවද 2015 වසරේදී රජය එකඟ වී ඇති එකඟතා මත අදාළ යෝජනාවන් ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇති බවද දෙමළ ජාතික සන්ධාන නායකයා ප්‍රකාශ කරයි. සම්බන්ධන් මහතා වැඩිදුරටත් පැවසූවේ 2015 දී ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලයේදී එකඟ වූ යෝජනාවන් ක්‍රියාවට නැංවීම වෙනුවෙන් 2017 වසරේදී, 2019 වසරේදීද රජයන් එකඟ වී ඇති බවයි.

මෙරට රජය යුද සමයේ උතුරු නැගෙනහිර සිදුවූ යුද අපරාධ වෙනුවෙන් සාධාරණය ඉටු කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය අවධානයෙන් පසුවන බැවින් රජයට ඒ වෙනුවෙන් සාධාරණය ඉටු කිරීමට සිදුවනු ඇති බවද සම්බන්ධන් මහතා කීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More