දේශීය පුවත්

ජිනීවා යෝජනාවලියට සම අනුග්‍රාහකත්වය ලබාදී රට අමාරුවේ නොදමන ලෙස ජිනීවා නුවර ලංකාවේ නිත්‍ය නියෝජිත ලෙස කටයුතු කළ රවිනාථ ආරියසිංහ විසින් එවකට විදේශ ඇමැතිව සිටි මංගල සමරවීරගෙන් ලිඛිතව ඉල්ලා ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පැවැසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය පක්ෂ කාර්යාලයේ ඊයේ (25 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේද පැවැසීය.

යුද අපරාධ කළ බවට නගන චෝදනා කිසිම සාක්ෂියක් නොමැති හිතළු වීම අතිශයින්ම හාස්‍යජනකයි.

අපේ හමුදා යුද අපරාධ නොකළ බව යුද සමයේ ලංකාවේ සිටි එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත සහ එක්සත් රාජධානියේ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක නිලධාරීන් සැකසූ වාර්තාවලින් පැහැදිලි වෙනවා.

අතුරුදන්වූ බව කියන සමහර පුද්ගලයන් සරණාගතයන් විදියට යුරෝපීය රටවලට ගිහින්.

ඒ අයගේ තොරතුරු ලංකා රජයට ලබාදුන්නොත් මියගියා කියන අය ඇත්තටම ඉන්නේ කොහේදැයි දැනගන්නට පුළුවන්.

ලෝකයේ කිසිම රටක් තමන්ට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාවකට සම අනුග්‍රාහකත්වය දක්වලා නැහැ. සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වෙනවා කියන්නේ එකී යෝජනාවේ අඩංගු කරුණු ලංකාව පිළිගන්නේ නැහැ කියන එකයි. අපිට සම අනුග්‍රාහකත්වයෙන් ඉවත්වීමට තාක්ෂණික හේතු, හරයාත්මක හේතු සහ ප්‍රායෝගික හේතු වශයෙන් හේතු වර්ග තුනක් තිබෙනවා.

ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් තිබුණු සංහිඳියාවත් නැති වුණා.

පසුගිය ජනාධිපතිවරණය තරමට ජනතාව වාර්ගිකව බෙදුණු මැතිවරණයක් ලංකා ඉතිහාසයේ නැහැ. සිංහල ජනතාවගෙන් සියයට හැත්තෑවක් එක් අපේක්ෂකයකු තෝරා ගන්නා විට, සුළු ජාතීන්ගෙන් සියයට අසූපහක් තෝරා ගත්තේ ප්‍රතිවාදී අපේක්ෂකයා.

ඒකෙන් පෙනී යනවා ජිනීවා යෝජනාව අනුව පසුගිය ආණ්ඩුව ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ නිසා තිබුණු සංහිඳියාවත් නැතිවුණා කියන එක.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More