දේශීය පුවත්

පසුගිය රජය නිවාස ආධාර ලබාදීමේදී ලේඛන සකස් කළේ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ වුවත් වත්මන් ජනාධිපති හා අගමැති දෙපොළ ඉදිරිපත් කරනු ලැබූ නිවාස සංකල්පය නැවුම් වැඩපිළිවෙළක් බැවින් මෙහි නිවැරදි තේරීම් සිදුකිරීම නිලධාරීන්ගේ වගකීමක් බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පැවසීය.

මෙම උත්සව පවත්වමින් ආණ්ඩුවේ මුදල් ලක්ෂ ගණනාවක් වියදම් කරන්න අප සූදානම් නැහැ. මේ ආකාරයට සෑම මැතිවරණ කොට්ඨාසයකම නිවාස ඉදිකරනු ලබනවා. ගෝඨාභය මහත්තයා ජනාධිපති වී දින අනූහතරයි. අප එදා විවිධ දේ ඔළුවේ තියාගෙන ඡන්ද පොළට ගියා. ගෝඨාභය මහත්තයාට ඡන්දය ලබා නොදුන් අය මෙහි ඉන්නවා. මේ නිවාස ලබාදීමේදී කාටද ඡන්දය දුන්නේ කියා අප සොයා බැලුවේ නැහැ. ඒත් ඉස්සර නම් නිවාස ආධාර දෙන අවස්ථාවේදීත් දේශපාලන පක්ෂය සොයා බැලුවා. පසුගිය වසර පහේ මේ වගේ දේවල්වලදි එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙක්ද කියා සොයා බැලුවා. නමුත් වත්මන් අගමැතිතුමාත්, ජනාධිපතිතුමාත් එසේ සොයන්න එපා කියා උපදෙස් ලබා දුන්නා යැයිද ඇමැතිවරයා මෙහිදී කියා සිටියේය. ඇමැතිවරයා මේ බව කියා සිටියේ මාලිම්බඩ ප්‍ර‍දේශයේ නිවසක් නොමැති පවුලක් සඳහා නිවසක් ඉදිකිරීමට මුල්ගල තැබීමේ උත්සවයකට සහභාගි වෙමිනි. එහිදී තවදුරටත් කතා කළ ඇමැතිවරයා, එදා ණය දෙන්නත් ලැයිස්තුවක් හැදුවේ එජාප කාර්යාලයේ. සජිත් මහත්තයා රුපියල් ලක්ෂ පහක ණය මුදලක් ලබා දුන්නත් උත්සවයක් පවත්වනවා. සමරු ඵලකයට පමණක් රුපියල් දෙලක්ෂ පනස්දාහක් වැය කරනවා. සමරු ඵලක දෙකකින් නිවාසයක් හදා දෙන්න පුළුවන්. හැම පත්තරයකම දැන්වීම් දානවා. මේ වගේ පත්තර දොළහක දැන්වීම් දානවා. පිටු භාගයකට ලක්ෂ දෙකක් යනවා. ඒ මුදලින් මේ වගේ ගෙවල් කීයක් හදන්න තිබුණද? නමුත් ඒ විදියට මුදල් විනාශ කරන්න එපා කියා ජනාධිපතිතුමා හා අගමැතිතුමන් අපට උපදෙස් දීලා තියෙනවා. ඒ වගේම මේ වගේ ගෙවල් දෙන්න අපි තෝරා ගත්තේ ඉන්න හිටින්න තැනක් නැති අයයි. මේ ආදර්ශය ලබා ගන්නා හැටියට අපි නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගෙනුත් ඉල්ලා සිටිනවා.

පොලිස් අධිකාරීතුමා අද මෙතැනට ආවෙත් ගමේ නිසයි. එහෙම නැතිව අපට විශේෂ ආරක්ෂාවක් අවශ්‍ය නැහැ. ජනාධිපතිතුමා යන උත්සවවලටත් එහෙමයි. මේ රජය රටට ලබා දීපු ආදර්ශය එයයි.

ජනපති අගමැති දෙපොළ අපට උපදෙස් දී ඇත්තේ එහෙමයි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More