දේශීය පුවත්

ජිනීවා යෝජනාවට අදාළ මහා පාවාදීම යුද ජයග්‍රහණයෙන් දින පහකට පසු එවක රජය විසින් සිදුකළ බවද අදත් විඳිමින් සිටින්නේ එහි ඵල විපාක යැයිද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (25 වැනිදා) ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු සංකීරණයේ ඊයේ (25 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විපක්ෂ නායකවරයා මේ බව කීවේය.

ජිනීවා යෝජනාවේ සම අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත්වීම සම්බන්ධව මාධ්‍යවේදියා විපක්ෂ නායකවරයාගෙන් ප්‍රශ්න කළේය. මානව හිමිකම් උල්ලංඝනය වීමක් සිදුවූ බව යුද ජයග්‍රහණයෙන් දින පහකට පසු ආණ්ඩුව ඒකාබද්ධ ප්‍රකාශයක් ඔස්සේ පිළිගත් බව කී විපක්ෂ නායකවරයා එම පිළිගැනීම මගින් රට අභ්‍යන්තරයේ තිබූ ප්‍රශ්නය ජාත්‍යන්තරකරණයකට ලක්වූ බවද කීවේය. මෙම ජාත්‍යන්තරකරණ ක්‍රියාවලියේ ඵල විපාක එදා සිට අද දක්වා භුක්ති විඳින බවද, මේ සියල්ලේ පූර්ණ වගකීම බැන්කි මූන් සමග ඒකාබද්ධ ප්‍රකාශයක් කළ එවක රජය භාර ගත යුතු යැයිද විපක්ෂ නායකවරයා කීවේය. ඒකීය ශ්‍රී ලංකාවේ සියලු ජාතීන් හා ආගම් එක්කර ගනිමින් ස්වෛරී ගමන සිදුකළ යුතු බවද, ඒ තුළ සැබෑ දේශප්‍රේමීත්වය හා දේශමාකත්වය ජයගන්නා බවද හෙතෙම ප්‍රකාශ කළේය. ජිනීවා යෝජනාවට අදාළ මහා පාවාදීම සහ දේශද්‍රෝහී ක්‍රියාව යුද්ධයෙන් දින පහකට පසු කිරීම පිළිබඳ කනගාටුවන බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More