දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ සන්ධානයට තවත් දේශපාලන පක්ෂ පහක් ඇතුළත් කර ගැනීමට විධායක සභාව ඊයේ (25 වැනිදා) අනුමැතිය ලබාදී තිබේ.

ලංකා කම්කරු කොංග්‍රසය, ඊළම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ජාතික කොංග්‍රසය, දමිළ මහජන විමුක්ති සන්ධානය, එක්සත් මහජන පක්ෂය එම දේශපාලන පක්ෂ වෙයි. ඒ අනුව මෙම සන්ධානයේ සාමාජික පක්ෂ සංඛ්‍යාව 14කි. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ප්‍රථම විධායක සභා රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (25 වැනිදා) පස්වරුවේ පැවැත්විණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු සන්ධානයේ නායකයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ. ආරම්භයේදීම අදහස් දැක්වූ සන්ධානයේ මහලේකම් බැසිල් රාජපක්ෂ පැවැසුවේ ශක්තිමත් දේශපාලන ගමනක් උදෙසා නව සන්ධානය කටයුතු කරන බවයි. මෙම සන්ධානයේ නියෝජ්‍ය සභාපති ලෙස දිනේෂ් ගුණවර්ධනද ජාතික සංවිධායක ලෙස විමල් වීරවංශ මහතාද, උප සභාපතිවරුන් ලෙස වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර යන මහත්වරුන්ද, උප ලේකම්වරුන් ලෙස අසංග නවරත්න, ඩී. කලංසූරිය යන මහත්වරුන්ද පත් කිරීමට විධායක සභාවේ අනුමැතිය හිමිවිය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More