දේශීය පුවත්

සිය පක්ෂයේ කිසිදු කණ්ඩායමක් අතරමංව නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව සිටින දේශපාලනඥයින්ට සිය පක්ෂයට එක්වන ලෙසට ඊයේ(24) පැවති මාධ්‍ය හමුවකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදුකළ ආරාධනයට පිළිතුරු ලබාදෙමින් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මෙම අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, විපක්ෂ නායකවරයාගේ ආරාධනය ශ්‍රීලනිප පාක්ෂිකයින්ට පෙර තමන්ගෙන් ගිලිහී ගිය නායකයින් රඳවා ගැනීමට කටයුතු කරන ලෙසයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට එන බව පැවසුවත් විපක්ෂනායකවරයා මෙවර කොළඹින් මැතිවරණයට එන බව පවසන බවත් කියා සිටි ඒ මහතා, “ තමන්ගේ අඩුපාඩු සොයා ඒවාට කටයුතු කරනවා විනා අන්අයගේ ප්‍රශ්න හොයන්න එපා “ යනුවෙන් ද පැවසීය.

ශ්‍රීලනිපයේ අතරමං වු පිරිසක් නොමැති බවත් පැවසු ඒ මහතා, පක්ෂයේ ඇති කරුණු ඒ තුළින්ම නිරාකරණය කර ගැනීමට හැකියාව ඇති බවත් කියා සිටියේය.

ශ්‍රීලනිපය තුළ සියලු පිරිස් ඉතා සහයෝගයෙන් එකමුතුව කටයුතු වන බවත් පැවසු පියදාස මහතා, එක්සත් ජාතික පක්ෂය තුළ කෘත්‍යාධිකාරී මණ්ඩලය පවා විවිධ මත දරමින් සිටින බවත් පැවසීය.

විපක්ෂනායකවරයා තමන්ගේ ඇති “පොල් පරාලය නොදැක වෙනත් තැනක ඇති කන්දක් අල්ලාගෙන කටයුතු කිරීම කණගාටුවක්“ බවත් කියා සිටි රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා, ශ්‍රීලනිපයට කිසිදු ගැටලුවක් නැති බවත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More