පුරවැසි කොලම

මතුගම සෙනෙවිරුවන්

පැවති යහපාලන රජය විදේශ න්‍යාය පත‍්‍රයක් සමග බලයට පත් වීමෙන් මෙරට ජාතික ආරක්ෂාවත් ජාතික උරුමයත් බරපතල ලෙස අර්බුදයට ගිය ආකාරය පසුගිය කාලයේ දී දැක ගත හැකි විය. ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හා එකඟව 30/1 යෝජනාවලියට සම අනුග‍්‍රහය දැක්වීම මින් පළමුවැන්නයි. ඉන් පසු එම න්‍යාය පත‍්‍රය ප‍්‍රකාරව රට බෙදීමට අවශ්‍ය නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම ආරම්භ විය. හමුදා බුද්ධි අංශ අකර්මණ්‍ය කරනු ලැබූ අතර උතුරේ දෙමළ අන්තවාදී දේශපාලනඥයන් හට වරදාන ලැබුණි. රටට අහිතකර නොයෙකුත් පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේ දී සම්මත කරනු ලැබූවේ ඉතාම හිතුවක්කාර පරිදිය. අතුරුදන් තැනැත්තන් පිළිබඳ පනත එම කාර්යාලීය පනත ආදිය සම්මත කර ගැනීමට කළ උත්සාහය නිසා කොටි ත‍්‍රස්තයන් ගේ පවුල්වලටද අද වන්දි ගෙවීමට සිදු ව තිබේ. එසේම රණවිරුවන් රාශියක්ද ස්වාමීන් වහන්සේලා රාශියක්ද සිරගත කරනු ලැබිණ. යහපාලන රජයේ මේ අමන තකතීරුකම් වළක්වාලීමට කළ අරගලය 2015 වසරේ සිටම ආරම්භ විය. ගෙදර යැවූ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා දෙස සානුකම්පිකව බැලූ ජනතාව යළි ඔහුගේ දේශපාලන ආගමනය බලාපොරොත්තු වූයේ රටම අසරණ වී ඇතැයි සිතූ නිසාය. එම තත්වය මත, විමල් ගම්මන්පිල ආදීන් ගේ මෙහෙයවීමෙන් නුගේගොඩින් ඇරඹී මහින්ද සුළඟ දේශපාලන පක්ෂයක් බවට පත් වී පැවති පළාත් පාලන මැතිවරණයෙන් මහා ජයග‍්‍රහණයක් ලබා ගත්තේය. මේ අරගලය දේශපාලන අරගලයක් පමණක් නොවේ. එය දේශපේ‍්‍රමය ජාතිකත්වය කුළු ගන්වා රටේ අනාගතය සුරක්ෂිත කර ගැනීමට ඇරඹි ජාතික සටනක් බවට පත් විය.

චන්ද්‍රිකා ජනපතිනිය සමයේ ඇරඹි මුස්ලිම් අන්තවාදයේ කූට ප‍්‍රාප්තිය සිදු වූයේ පැවති යහපාලන සමයේ දීය. ආරාබි විදුහල් මද්‍රසා පාසල් ආදිය පාර්ලිමේන්තු කෙටුම්පත්වලින් ආවරණය වී ශක්තිමත් වූ මේ අන්තවාදය තුළ මත්ද්‍රව්‍ය සහ වෙනත් අනාචාරයන් වේගයෙන් වර්ධනය විය. රජයේ නිලධාරීන්ද දේශපාලකයන්ද තරගයට මෙන් මේ මුස්ලිම් අන්තවාදීන්ට නතු වීමෙන් රජයේ ආයතන හරහා පවා මත්ද්‍රව්‍ය වෙළෙඳාම ප‍්‍රචලිත වූ බව නොරහසකි. විල්පත්තු පරිවාර රක්ෂිතයක් වූ මරිච්චකට්ටුව කපා මුස්ලිම් අන්තවාදීන් ගේ ජනාවාසයක් ස්ථාපිත කරලීම 2012-13 කාල වකාවානුවේ සිදු වුණද එයට අවශ්‍ය පසුබිම නිර්මාණය වූයේ අනූව දශකයේ දීය. කෙසේ වෙතත් විල්පත්තුව කැපූ දේශපාලනඥයාගේ අන්තවාදී අත්පත් කිරීම් සහ මූලධර්මවාදී බලාපොරොත්තු සියල්ල දැන් හෙළි වී අවසන්ය. ඇමරිකාවේ අවශ්‍යතාවය මත මේ අන්තවාදීන් ට නොයෙකුත් ආධාර උපකාර ලැබුණේ රට අස්ථාවර කරනු පිණිස ය. සහරාන්ලා බිහි වූයේ ඒ නිසාය. පාස්කු ප‍්‍රහාරය තුළින් ජන හදවත් දෙදරුම් කෑ අතර මේ ව්‍යසනයට එකම පිළියම යහපාලනය පෙරළා දමා නව පාලනයක් පිහිටුවා ගැනීම බවට මහා අවශ්‍යතාවයක් පැන නැගිණ. රනිල් වික‍්‍රමසිංහ කෙතරම් උත්සාහ කළද මේ ජන රැල්ල ආපසු හැරවිය නොහැකි විය. 2019 ජනපතිවරණය සමය වන විට විදෙස් ගත දේශපේ‍්‍රමීන් පවා මෙරටට පැමිණෙමින් රට දැය සමය ආරක්ෂා කර ගැනීමට ඉදිරිපත් වූයේ 2009 යුද්ධ කාලයේ මෙන් පෙළ ගැසුණු ජාතිමාමක බලවේග ආදර්ශයට ගනිමිනි. මේ අරගලයේ අවසාන බලාපොරොත්තුව ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ නායකත්වයට පත්වීම සැනසුම් සුසුමක් බවට පත් වූයේ ඔහු රුවන්මැලි මහා සෑ රදුන් අභියසදී කළ දිවුරුමත් කළ ප‍්‍රකාශයත් හේතු කොටගෙනයි.

edifea2දැන් නව ජනපතිවරයෙක් යටතේ නව ආණ්ඩුවක් බලයට පත්ව මාස තුනක් ඉක්මවා යමින් ඇත. පසුගිය යහපාලන සමයේ මහ බැංකුව කොල්ල කමින් කළ ආර්ථික ඝාතනයන් නිසා රට බංකොලොත්ව තිබෙන ආකාරය ඇස් පනා පිට ප‍්‍රදර්ශනය වන්නේ සංවර්ධන කටයුතු සඳහා පවා මදි පාඩු නැතිව වියදම් කරලීමට මහා භාණ්ඩාගාරයට හැකියාවක් නොමැති බැවිනි. එය ජනතාව නොදන්නවා නොවේ. සහල් මිල ගණන් එළවළු මිල ගණන් අහස උසට යමින් පීඩාවක් ඇති කළද ජනතාව ඉවසා දරාගෙන සිටින්නේ රට සුරක්ෂිත වේ යැයි පවතින විශ්වාසය මතය. නමුත් නව රජයේ අගමැති මහින්ද සිය කැබිනට් මණ්ඩලය තුළ කරන කටයුතු දෙස මේ මොහොතේ විමතියෙන් බලා ඉන්නට සිදුව තිබේ. නව රජය පත් වූ අලූතම ගල් වැලි ප‍්‍රවාහනයට පනවා තිබූ බලපත‍්‍ර ක‍්‍රමය අහෝසි කෙරුණි. කඳු වැටි කපා වෙල් ගොඩ කරන්නට සිය ජාවාරම් මගින් ලාභ උපයන්නට සිටි පුද්ගලයන්ට එය රජ මගුලක් විය. පනතේ කෙසේ සඳහන් වුවද කැබිනෙට්ටුවේ ක‍්‍රියාකලාපය නීතියට පිටින් යෑමක් බවට පත්ව තිබේ. දිනෙන් දිනම ඔවුන් ගන්නා තීරණ ප‍්‍රගතිශීලී නොවේ. වසර හතරක් පුරාවට අරගල කොට දේශපේ‍්‍රමය අවදි කරමින් සිටි දේශමාමක ජනතාවට මෙය ඉවසුම් දෙන්නක් නොවේ.

2015 ට පෙර මහින්ද රාජපක්ෂ මහතා ජනපතිවරයාව සිටි සමයේ මුස්ලිම් අන්තවාදය පෝෂණය කළ ආකාරය ඉතා ඛේදජනක ය. රිෂාඞ් බදියුදීන් ට අවශ්‍ය ආකාරයට ආයතන පවරා දෙමින් නීති විරෝධීව ජාවාරම් කරන්නට උඩගෙඩි දුන් ආකාරය රහසක් නොවේ. අලූත්ගම දර්ගා නගරයේ ඇතිවූ සිද්ධිය රාජිත සේනාරත්න ඇතුලූ කුමන්ත‍්‍රණකරුවන් විසින් ඇවිල වූවක්ය. එම ගින්න නිසා ඇතිවූ ගැටුම තුළ මුස්ලිම් ජනතාවට වඩා සිංහල ජනතාව මහින්ද කෙරෙන් බිඳුණි. මෙය මහින්ද තේරුම් ගත්තේ නැත. ඔහුගේ හිතුවක්කාර ආධිපත්‍ය නිසා බස්නාහිර පළාතේ ඡන්දවලින් ඔහු පරාජයට පත් වූ ආකාරය අදටත් පිළිගන්නේ නැති බව නිසැකය. අද වන විට මහින්ද මේ රටේ අගමැතිවරයා වෙයි. නව ජනපතිවරයෙකු යටතේ නව ගමනක් යා යුතු මොහොතක ඔහුගේ හැසිරීම ගැන අපට සතුටු විය හැකි නොවේ. යම් යම් පත්වීම් ලබා දීමට ඔහු කටයුතු කරන ආකාරය මෙන්ම මුස්ලිම් අන්තවාදය නැවත පෝෂණය කරලීමට ගන්නා උත්සාහය ඉතා පිළිකුල් සහගතය. පැවති රජය හෙබවූ අගමැති රනිල් වික‍්‍රමසිංහ ඉන්දීය අගමැතිවරයාගේ වුවමනාව මත අඹගමුව ප‍්‍රාදේශීය සභාව තුනකට කඩා ජාතිවාදී පදනමින් මස්කෙළිය සහ නෝර්වුඞ් ප‍්‍රාදේශීය සභා දෙකක් ඇති කළේය. ඒ අති විශේෂ ගැසට්ටුවක් උපයෝගී කරගනිමිනි. මේ සඳහා සීමා නිර්ණ කොමිසමේ නිර්දේශය පවා නොලැබී තිබුණි. දැන් මහින්ද රාජපක්ෂ රජය සයින්දමරුදු සඳහා නගර සභාවක් ලබා දී ඇත. කලින් කල්මුණේ නගර සභාව බිහිවන්නේ 1987 වසරේ දීය. පසුව 1999 දී එය මහ නගර සභාවක් බවට පත් වන්නේ සිංහල දේශපාලනඥයන් ගේ ඡන්ද අවශ්‍යතාවය මතය. කල්මුණේ උතුර හැරුන කොට සයින්දමරුදු සහ කල්මුණේ සියයට සියයක් සිටින්නේ මුස්ලිම් අයයි. මේ පෙදෙස සඳහා වෙනම මුස්ලිම් පරිපාලනයක් ඉල්ලා සිටීම කාලයක් තිස්සේ සිදුවූවක්ය. අනාගත මුස්ලිම් දේශයක් කරා යන ගමනේ අනිවාර්ය අවශ්‍යතාවයක් ලෙසට එය ඔවුන් විසින් සළකන බව පෙනේ. මහින්ද රාජපක්ෂ ජනපතිවරයා යටතේ 2014 දක්වා ද රනිල් වික‍්‍රමසිංහ රජය යටතේ 2019 දක්වා ද එය සිදු කළ නොහැකි විය. එයට හේතුව වූයේ ඒ රජයයන් අප‍්‍රසාදයට පත් වේ යැයි තිබූ බිය නිසාය. නමුත් දැන් මහින්ද රජය කිසිම බියක් නොමැතිව සයින්දමරුදු සඳහා මුස්ලිම් අන්තවාදී පාලන පෙදෙසක් ලබා දී ඇත. මෙය ඉතාම කනගාටුදායකය. වවුනියාවේ බෝගස්වැවට සහකාර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ස්ථාපිත නොකර, වැලිඔයට තනි ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශයක් අනුමත නොකර, ආණ්ඩුව මුස්ලිම් බහුතරයක් වෙසෙන පෙදෙස්වලට අති විශේෂ ගැසට් ප‍්‍රකාශයට පත් කරති. එයින් අදහස් වන්නේ සිංහල බහුතරයකගේ ඡන්ද ලැබීම බලයක් බවට පත් නොවී ඇති බවයි.

පසුගිය පාස්කු ප‍්‍රහාරය සිදුවූ කාලවකවානුවේ සයින්දමරුදු නගරයේ මුස්ලිම් අන්තවාදය හා ත‍්‍රස්තවාදය ඉතාමත් ඉහළ මට්ටමක පැවතුණි. මේ බැව් ගෝඨාභය රාජපක්ෂ මහතාද නොදන්නවා නොවේ. එහෙත් මේ සම්බන්ධව පරිපාලන තීරණ ගැනීමකදී එයට බාධකයක් එල්ල නොවිණ. මෙයට හේතුව ලබන මැතිවරණයේ දී මුස්ලිම් ඡන්ද බලාපොරොත්තු වීමයි. නැවතත් බදියුදීන් වැනි අන්තවාදීන් තුරුලට ගැනීමට මුස්ලිම් ඡන්ද වැඩි ප‍්‍රතිශතයක් ලබා ගත යුතුය. බදියුදීන්ලා ගේ කුඩු සල්ලි වලින් මෙරට දේශපාලනය පමණක් නොව නිලධාරි තන්ත‍්‍රයද පාලනය කරන බවට තිබෙන තවත් උදාහරණයක් ලෙසට මෙම පියවර හඳුනාගත හැකිය. කෙසේ වුවත් මෙම පියවර අප වහා පරාජයට පත් කළ යුතු අතර දේශයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම සහ නව රජය සුරක්ෂිත කරලීමේ වගකීම තිබෙන නමුත් ඔවුන් ගන්නා අමන තීරණ ආපසු හැරවීමටත් මේ අවස්ථාවේ දී නව අරගලයකට සූදානම් විය යුතුය. එසේ නැතහොත් මේ රටේ සිංහල බෞද්ධ ජනතාව කබලෙන් ළිපට වැටෙනවා නිසැකය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More