දේශීය පුවත්

ජවිපෙන් නිවේදනයක්

February 24, 2020 8:58 pm | Lanka Lead News

රාවුෆ් හකීම් මන්ත්‍රිවරයා ඊයේ පැවසූ ආකාරයට ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසය හා දෙමළ ජාතික සන්ධානය සමඟ සන්ධාන ගතවීම සඳහා තමන් කිසිදු සාකච්ඡාවක් පවත්වා නැතැයි ජනතා විමුක්ති පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනය නිකුත්වීමෙන් පසු රවුෆ් හකීම් මන්ත්‍රීවරයා අද මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ තමන් අදහස් කළේ පුළුල් විපක්ෂ බලවේගයක් ගැන මිස , මහමැතිවරණයට එක්ව තරගකිරීමක් පිළිබඳව නොවන බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් ජනතා විමුක්ති පෙරමුණ අද නිවේදනයක් නිකුත් කර තිබුණි.

එහි දැක්වුණේ ජනතා විමුක්ති පෙරමුණ එවැනි සන්ධානගත වීමක් සම්බන්ධයෙන් ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසය හෝ දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා සිදු කොට නොමැති බවයි.

තමන් තරග වදින්නේ ජාතික ජන බලවේගය සන්ධානයෙන් බව එම පක්ෂය නිවේදනය කරයි.

මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා  අද මහනුවරදීත් මාධ්‍ය හමුවක් පවත්වමින් මේ පිළිබඳව අදහස් පළ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More