දේශීය පුවත්

ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය සමඟ මැතිවරණයක් සඳහා  සන්ධාන ගත වීමේ කිසිඳු සාකච්ඡාවක් පවත්වා නොමැති බව ශ්‍රී ලංකා මුස්ලිම් කෝන්ග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (24) සවස මහනුවර පැවති මාධ්‍ය හමුවක් පවත්වමින්.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා,

“මම අද මේ මාධ්‍ය සාකච්ඡා කැඳෙව්වේ විශේෂයෙන් ඊයේ අපේ වාර්ෂික නියෝජිත සමුළුවේදී කළ කතාවක කොටසක මම  කිව්ව කාරණාවන් සම්බන්ධයෙන් වැරදි අවබෝධයක් ඇති වෙලා තියෙනවා. ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කළ යුතුයි.

සුළු සහ සුළු ජාතින් නියෝජනය කරන පක්ෂ එක් වී පුළුල් සන්ධානයක් හරහා ප්‍රජාතාන්ත්‍ර විරෝධි කටයුතුවලට එරෙහිව අපි  එක වේදිකාවක්  සෑදීමේ වුවමනාවක් සහ සූදානමක් තිබෙන බව කියා සිටියා.

ඒකෙන් මා කිසි විටෙක අදහස් කළේ නෑ අපි මැතිවරණයක් සඳහා වූ සන්ධානයකට ලැහැස්ති වෙනවා කියන අදහසක්.  එහෙම අදහසකින් මම  කිසි විටෙක එම ප්‍රකාශය සිදු කළේ නැති බව මම පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕන.

කවුරුත් දන්නා විදිහට ජනතා විමුක්ති පෙරමුණ දෙමළ ජාතික සන්ධානය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කෝන්ග්‍රසය විවිධාකාරයේ වෙනස්  ප්‍රතිපත්ත අනුගමනය කරන පක්ෂ හැටියට  අපිට එවන් පුළුල් සන්ධානයකට එකතු වම ඉතා අසීරු කාරණයක්.

ඇත්තටම මම අදහස් කළේ  සුළු පක්ෂවලටත් සුළු ජාතින් නියෝජනය කරන පක්ෂවලටත්  අභියෝගයට තුඩු දුන්න  කාරණා කිහිපයක් තිබෙනවා.

ප්‍රජාතාන්ත්‍ර විරෝධි ලෙස එවන් කාරණා ඇති වීම වළක්වා ගැනීම සඳහා අපි අවම න්‍යාය පත්‍රයක් උඩ එකතු වීමක් පිළිබඳවයි මම කතා කළේ.

ඒ පිළිබඳව පූර්ව සාකච්ඡා කිහිපයක් අපි නායකයින් අතරේ සිදු වී තිබුණත් තවම නිගමනයකට එළඹිලා නැති බවත් කියන්න ඕන.

කිසි විටෙක ජනතා විමුක්ති පෙරමුණ දෙමළ ජාතික සන්ධානය  වැනි පක්ෂ සමඟ ශ්‍රී ලංකා මුස්ලිම් කෝන්ග්‍රසය මැතිවරණයක් ඉලක්ක කර ගනිමින්  සන්ධාන ගතවීමක් අදහස් කළේ නෑ කියන එක පැහැදිලිව කියා සිටිනවා.

ඒක විශාල කැළඹීමක් ඇති වෙලා තියෙනවා අපි දැක්කා ජවිපෙ සමහර මන්ත්‍රීවරු මෙ විවේචනය කර  අදහස් ප්‍රකාශ කර තිබුණා.

එක්සත් ජාතික පක්ෂය වැනි ප්‍රධාන පක්ෂ පැත්තක තියලා මේ වගේ එකමුතුවකට එන්න හදනවා කියල කිව්ව එක ගැනත් වැරැදි අවබෝධයක් ඇති වෙලා තියෙනවා.මම පැහැදිලිව කියන්න ඕන සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් එජාපයත්  සමඟ ඇති වන පුළුල් සන්ධානයත් සමඟ එකතු වීමේ සූදානමක් තිබෙනවා.

එහි ශ්‍රී ලංකා මුස්ලිම් කෝන්ග්‍රසයත් කොටස්කාර පක්ෂයක් ලෙස තරඟ කිරීමට සූදානමින් ඉන්නවා.  මම මහනුවර දිස්ත්‍රික්කයෙන් සජිත් ප්‍රේමදාස මහතා සමඟ එකතු වන පුළුල් සන්ධානයෙන් තරඟ කරන්න අදහස් කරනවා .

ඊයේ මම නියෝජිත සමුළුවේ කළ කරුණු නොයෙකුත් නාලිකාවල විකාශණය වෙද්දී ජනතාව වැරදි විදිහට අවබෝධ කර ගන්න ඉඩ තියෙන බව පෙනී ගිහින් තියෙනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More