දේශීය පුවත්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 සැසිවාරය ජිනීවාහි දී අද(24) ආරම්භ වෙයි.

එළඹෙන පෙබරවාරි 26 වැනිදා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සැසිවාරය ඇමතීමට නියමිතයි.

ශ්‍රී ලංකා ධූත පිරිස මෙවර මෙම සැසිවාරයට සහභාගී වන්නේ ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ වන ජිනීවා යෝජනාවේ සම අනුග්‍රාහකත්වය ඉල්ලා අස්කර ගැනිමට රජය තීරණය කර ඇති පසුබිමක වීම විශේෂත්වයකි.

මානව හිමිකම් කවුන්සිල 43 වැනි සැසිවාරය අද ආරම්භ වූණේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල මූලස්ථානයේදී.

එළඹෙන මාර්තු 20 වැනිදා තෙක් පැවැත්වෙන් එම සැසිවාරයේදී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 47ක මානව හිමිකම් තත්ත්වය විමසා බැලෙන බව වාර්තා වෙයි.

මෙවර මානව හිමිකම් සමුළුවට ශ්‍රී ලංකාවෙන් යෝජනා 5 ක් ඉදිරිපත් කිරීමට නියමිතයි.

එමෙන්ම 2015 සහ 2017 වසරවලදී , 30/1 සහ 34/1 යන පූර්ව යෝජනා සම්මුති ඇසුරින් 2019 දී සකස් කෙරුණු  “ශ්‍රී ලංකාවේ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම” පිළිබඳ 40/1 දරන යෝජනාවේ සම අනුග්‍රාහකත්වය ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය පිළිබඳ, මෙරට ධූත පිරිස මානව හිමිකම් කවුන්සිලය දැනුවත් කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

පෙබරවාරි 27 වැනිදා මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලෙට් මහත්මිය විසින් සිදු කෙරෙන ශ්‍රී ලංකාව පිළිබඳ වාචික කරුණු දැක්වීම්වලට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රතිචාර දැක්වීමටද නියමිතයි.

මේ අතර අද පස්වරුවේ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැදුටුවේය.

ජිනිවා මානව හිමිකම් සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ අදත් අදහස් පළවුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More