දේශීය පුවත්

රාජපක්ෂවරුන්ගෙන් පළිගැනීම සදහා යහපාලන ආණ්ඩුව ඉකුත් වසර පහේදී මෙරට දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති අතහැර දැමු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර – හම්බන්තොට අධිවේගී මාර්ග දිගුව ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයේදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

දකක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා අධිවේගී මාර්ග දිගුව ජනතා අයිතියට පත් කිරීමට අදාල ප්‍රධාන උත්සවය ඊයේ(23) පස්වරුවේ පැවැත්වුණේ බරවකුඹුක අන්තර් හුවමාරුව අසලදීයී.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී අදහස් දැක්වු අමාත්‍ය ජොන්සන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ, අග්නිදිග ආසියාවේ ජාත්‍යන්තර වරායන් දෙකක් හා ගුවන් තොටුපල දෙකක් යා කරන එකම අධිවේගය මෙය බවයි.

ශ්‍රී ලංකාවේ ඇති දීර්ඝතම ගුවන් පාලම ඇත්තේම මෙහි බව පැවසු අමාත්‍යවරයා, අන්තර් හුවමාරු 9 ක් ඇස්තමේන්තු කර තිබුණ ද එය පසුගිය ආණ්ඩුව විසින් 8 කට අඩු කළ බවත් පැවසීය.

බැදිගම අන්තර් හුවමාරුව අතහැර දමා ඇති බවත් පැවසු අමාත්‍යවරයා, සමාජ මාධ්‍ය තුළින් රාජපක්ෂ මහත්වරුන්ගේ ගෙදර යන්න තවත් අන්තර් හුවමාරුවක් නිර්මාණ කර කෝටි ගණනාවක් මුදල් වියදම් කර ඇතැයි පවසන බවත් කියා සිටියේය.

අන්තර් හුවමාරු 9 ක් තීරණය කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයේ සිටින විට දී බවත් පැවසු අමාත්‍යවරයා, බැදිගම අන්තර් හුවමාරුවෙන් හෝටල් විශාල සංඛ්‍යාවකට විනාඩි 6කින් යා හැකි බවත් පැවසීය‍.

රාජපක්ෂ පවුලෙන් පළිගැනීමට අවශ්‍ය නිසාවෙන්, ගිය ආණ්ඩුව විසින් මෙය නතර කළ බවත් පැවසු අමාත්‍යවරයා, මෙම උත්සවයට කිසිදු අනවශ්‍ය වියදමක් නොකරන ලෙස ජනාධිපතිවරයා විසින් දැනුම් දුන් බවත් කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ, චන්‍ද්‍රිකා ආණ්ඩුවේ තමා අගමැතිවරයා වශයෙන් සිටියදී තමා මහාමාර්ග අමාත්‍යධූරය බාර ගනු ලැබුවේ රටේ එක් කොනක සිට තවත් තැනකට යා නොහැකි තත්ත්වයක් තුළ බවයි.

මන්නාරමේ මඩු දේවස්ථානයට යන මාර්ගය අලුතින් සාදා දෙන ලෙස එවකට තමාගෙන් ඉල්ලීමක් කළ බවත් පැවසු ඒ මහතා, ඒ අනුව අඩි 40 ක් පළලට මඩු දේවස්ථානයට යෑමට මාර්ගයක් සකස් කර දුන් බවත් පැවසීය.

මන්නාරමේ බිෂෝප්වරයා විසින් එම මාර්ගය විවෘත කිරීමට තමාට ඇරයුම් කළ බවත් ඒ අනුව එල්.ටී.ටී.ඊ යෙන් අවසර ගන්න ලිපියක් ඉල්ලු බවත් පැවසු අගමැතිවරයා, කිසි දිනක ඔවුන්ගෙන් අවසර නොගන්නා බවත් තමාට හැකි දිනක පැමිණ මාර්ගය විවෘත කරන බවත් පැවසු බව කියා සිටියේය.

එනිසා මෙවැනි අයුරින් පළාත් නැගිටිනවාට අකමැති දේශපාලඥයින් මේ රටේ ඉන්නා බවත් පැවසු අගමැතිවරයා, “අධිවේගී මාර්ගයේ සිටින තලගොයින් දැක්කේ මොවුන්“ යැයි ද පැවසීය.

මත්තල ගුවන් තොටුපල වී ගබඩාවක් බවට පත් කරනු ලැබුවේ හේතුවක් නැතිව නොවුනත් අද වන විට එහි වටිනාකම ලෝකයට දැනී ඇතැයි ද කියා සිටියේය.

කොරෝනා රෝගීන් පැමිණි විට ඔවුන් නිරෝධායනය කිරීමට ඔවුන්ව රට තුළට ගනු ලැබුවේ මත්තල හරහා බවත් පැවසු අගමැතිවරයා, සුරියවැව විවෘත කළ ජාත්‍යන්තර ක්‍රිඩාංගනය වසර 4ක් 5ක් එක තරගයක් නොපැවැත් වු බවත් පැවසිය.

ඕනෑකමින් එහි පුටු පවා ගළවා ගෙන ගොස් කොළඹ සවි කළ බවත් පැවසු අගමැතිවරයා “ මොකද්ද මේ දකුණත් එක්ක තියෙන වෛරය“ යනුවෙන් ද මෙහිදී ප්‍රශ්න කර සිටියේය.

මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර – හම්බන්තොට අධිවේගී මාර්ග දිගුවේ මාතර සිට බරවකුඹුක කොටස අද මධ්‍යම රාත්‍රියේ සිට ගමනාගමනය සඳහා විවෘත කිරීමට නියමිතයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More