දේශීය පුවත්

මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය කඩිනමින් ක‍්‍රියාත්මක කරන ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා රජයෙන් ඉල්ලා සිටියේය.

මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව විගණකාධිවරයාගේ ඉල්ලීම මත රුපියල ලක්ෂ 220 ක් වැය කර වෝහාරික පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කර තිබෙන නිසා එය පාදක කරගෙන කඩිනමින් චෝදනා එල්ල වී ඇති පිරිසට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමේ හැකියාව ඇතැයි සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (23 දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා පැවසීය.

වෝහාරික පරීක්ෂණය සිදුකළ ආයතනය පිළිගත නොහැකි බව පවසමින් ආණ්ඩුව බැඳුම්කර වෝහාරික වාර්තාව මගහැර යෑමට උත්සහ කළත්, පරීක්ෂණය සිදුකළ සමාගම ලෝකයේ එවැනි පරීක්ෂණ සිදුකරන හතරවැනි සමාගම බවත් මෙම සමාගමේ වාර්තා ලෝකයේ ඕනෑම අධිකරණයක පිළිගන්නා බවත් මන්්ත‍්‍රීවරයා කීය.

මහ බැංකු බැඳුම්කර වංචාව ගැන කථා කිරීමේදී තම රජය සමයේ රුපියල් මිලියන 889 ක වංචාවක් සිදුවී ඇතැයි පැවසුවද, මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි වකවානුවේ රුපියල් මිලියන 10,470ක වංචාවක් සිදුවී ඇතැයි මන්ත‍්‍රීවරයා පැවසීය. තම රජය කාලයේ සිදුවූ වංචාව පියවා ගැනීමට අවශ්‍ය නම් ඊට වඩා වැඩි මුදලක් බැංකුවේ රඳවා ගෙන තිබෙන බවත්, පසුගිය ආණ්ඩුවේ වංචාව අයකර ගැනීමේ හැකියාවක් නැති බවත් මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් කීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More