දේශීය පුවත්

මහමැතිවරණය සඳහා රුපියල් ​කෝටි 750ක මුදලක් අවශ්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍යාංශයට මෙම සතියේදී දැනුම් දීමට තීරණය කර ඇත.

මහ මැතිවරණය සඳහා රුපියල් කෝටි 550ක මුදලක් වැය වෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව මීට පෙර ඇස්තමේන්තු කර තිබිණි. එහෙත් මැතිවරණයට ඉදිරිපත් වන දේශපාලන පක්ෂ ඉහළ යාම නිසා ඡන්දය ප්‍රකාශ කරන ස්ථාන වැඩි කිරීමටද සිදුවන බව කොමිෂන් සභාව පෙන්වා දෙයි.

ජනාධිපතිවරණයේදී මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය සේවකයන් දෙලක්ෂ අසූ දහසක් කටයුතු කර ඇත. නමුත් මහ මැතිවරණයේදී රාජ්‍ය සේවකයන් ලක්ෂ තුනකට අධික පිරිසක් මැතිවරණ රාජකාරි සඳහා යොදා ගැනීමට සැලසුම් කර තිබේ. කා​ඩ් බෝඩ් ඡන්ද පෙට්ටි යළි සකස් කිරීමටද තීරණය කර ඇත. කෙසේ වෙතත් ජනාධිපතිවරණය සඳහා වැය වූ රුපියල් මිලියන 1200ක මුදලක්ද මෙතෙක් මැතිවරණ කොමිෂන් සභාවට ලැබී නැත. එම මුදලද මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටීමට කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මේ අතර 2019 ඡන්ද හිමි නාමලේඛන සහතික කිරීම මැතිවරණ කොමිෂන් සභාව මේ වන විට අවසන් කර ඇත. මහ මැතිවරණයේදී මෙම නාමලේඛනය යොදා ගැනීමට නියමිතය. 2018 ඡන්ද හිමි නාමලේඛනය හා සැසදීමේදී නව ඡන්ද දායකයන් දෙලක්ෂ 70,000ක් පමණ අලුතින් එක්ව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More