දේශීය පුවත්

වත්මන් රජය ගෙවුණු මාස 3ක කාලයේ රුපියල් බිලියන 600ක් විනාශ කර දැන් යහපාල ආණ්ඩුවේ වැරදි කියමින් ජනතාව මුළකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

මෙවර සිංහල අවුරුද්ද සැමරීමට පවා නොහැකි වන්නේ යහපාලන ආණ්ඩුවේ වැරදි නිසා යැයි මේ අය කියනවා.

වර්තමාන ආණ්ඩුව බලයට පත් වී මාස 3යි සතියක් ගතවෙලා ඒත් තවමත් ජනතාවට සහන ලබාදීමට අයවැයක් හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නැහැ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහිදී පැවැසීය.

​ඊයේ (22 වැනිදා) කොළඹ, නව පුරහල ශාලාවේදී පැවැති බටහිර කොළඹ සහ නැගෙනහිර කොළඹ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ හමුවක් අමතමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රේමදාස මහතා මෙසේද පැවැසීය.

‘මේ ආණ්ඩුව බලයට පත්වෙමින් මුලින්ම කළේ පාර්ලිමේන්තුව කල් දාන එකයි. හැටනව ලක්ෂයක් ජනතාව ගෝඨාභය රාජපක්ෂට ඡන්දේ දුන්නේ ඒකටද? අපිත් බලන් හිටියා මොන මොහොතේ හරි ජනතාවට සහන දෙන්න අයවැය ගෙනෙයි කියලා. අපිත් ඒකට අත්දෙකට උස්සලා සහයෝගය ලබාදෙන්න හිටියේ. නමුත් පසුගිය බ්‍රහස්පතින්දා රජය පාර්ලිමේන්තුවට යෝජනා 2ක් ගෙනාවා. ඒ එක යෝජනාවක් සංවර්ධන යෝජනාවක්, අනෙක ණය ගන්න යෝජනාවක්.

සංවර්ධන යෝජනාවට විපක්ෂය විදිහට අපි කැමැති වුණා. නමුත් ණය ගන්න යෝජනාවට අකමැති වුණා. අගමැතිවරයා ඉන්දියාව ගිහින් කියනවා ණය ගෙවන්න තියන කාලය දික් කරන්න කියලා. පාර්ලිමේන්තුවට ණය සීමාව වැඩි කරන යෝජනාවක් ගේනවා.

මේ රජය මේ තරම් විනාශ කරලා ඒ ඔක්කොම අපේ යහපාලන ආණ්ඩුව පිට දානවා. අපි කියන්නේ අපිට කාත් එක්කවත් ඩීල් නෑ. අපිට ඩීල් තියෙන්නේ ජනතාව එක්ක විතරය. අපි නූතනවාදී ප්‍රගතිශීලී විපක්ෂයක්. අපි රජය ගේන හැමදේටම විරුද්ධ නැහැ. මේ රටට හොඳක් වෙනවා නම් ඒක තමයි අපෙත් ප්‍රාර්ථනය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More