දේශීය පුවත්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලියේ 43 වැනි සැසිවරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එම මූලස්ථානයේදී අද (24දා) ආරම්භවීමට නියමිතය.

මෙවර සැසිවරය ශ්‍රී ලංකාවට විශේෂයෙන් වැදගත් සැසිවාරයක් වෙයි. ඒ 2015 ඔක්තෝබර් මස 30/1 දරණ සහ 2017 මාර්තු 34/1 දරන පූර්ව යෝජනා සම්මුති ඇතුළත් කර සකස් කරන ලද ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ පිළිබඳ 2019 මාර්තු 40/1 දරන යෝජනාව සම්බන්ධයෙන් සිය සම අනුග්‍රාහකත්වය ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු කිරීමට නියමිත හෙයිනි.

එංගලන්තය, ප්‍රංශය හා කැනඩාව ඇතුළු රටවල් කිහිපයක් එක්ව ගෙනා මෙම යෝජනාවලියට පසුගිය රජය විසින් සම අනුග්‍රහය දැක්වීය.කෙසේ වෙතත් එවකට විපක්ෂයේ සිටි වත්මන් රජය ඒ සඳහා දැඩි විරෝධයක් එල්ල කළේය.

එම යෝජනාවලියෙන් ඉවත්වීම සඳහා පසුගිය සතියේදී කැබිනට් මණ්ඩලයට විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට පසුගිය බදාදා කැබිනට් අනුමැතිය හිමිවූ  අතර යෝජනාවලියේ සමඅනුග්‍රහයෙන් ඉවත්වන බවට පසුගිය සතියේ බ්‍රහස්පතින්දා පැවැති පාර්ලිමෙන්තු සැසිවාරයේදි විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව නිල වශයෙන් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේ 43 වැනි සැසිවාරයට එක්වන ශ්‍රී ලංකා දූත පිරිසේ නායකත්වය විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් දැරීමට නියමිතය තිබේ.

මෙවර සැසිවාරය මාර්තු මස 20 දා තෙක් පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජතීන්ගේ මානව හිමිකම් කොමිෂමේ මහ කොමසාරිස්වරිය විසින් 27දා වාචික කරුණු දැක්වීමට නියමිතය. එම කරුණු සඳහා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රතිචාර දක්වන අතර ඔහු  ජිනීවාහි රැඳී සිටින කාලය තුළ දී මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලෙට් මහත්මිය හමුවීමට ද නියමිතය.

මේ අතර විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා “ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ පිළිබඳ 2019 මාර්තු 40/1 දරන යෝජනාව සම්බන්ධයෙන් සම අනුග්‍රාහකත්වය ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය පිළිබඳව, මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිනි තානාපති එලිසබෙත් ටිචි-ෆිස්ල්බර්ගර් මහත්මිය සිකුරාදා දිනයේදී දැනුවත් කිරිමට කටයුතු කළේය.

මෙම යෝජනාවලියෙන් ඉවත්වීමට අදාළව ශ්‍රී ලංකාවට මිත්‍ර රටවල්වල සහාය ලබාගැනීමටද සිදුවෙයි. කෙසේ වෙතත් විපක්ෂය චෝචනා කරන්නේ යෝජනාවලියෙන් ශ්‍රී ලංකාව ඉවත්වීම හරහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් හුදෙකලා වීමට අවස්ථාවක් ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More