30/1 සහ 34/1 යෝජනාවලට අදාළව සම්මත වූ අවසාන යෝජනාව වන 40/1 යෝජනාවෙන් ඉවත් වූ පමණින් රණවිරුවන් යුද අපරාධ චෝදනා වලින් නිදහස් නොවන බවත්, ඒ නිසා එම චෝදනා අඩංගු OISL වාර්තාවට පිළිතුරු බැඳීම මඟින් අදාළ චෝදනා නිෂ්ප්‍රභා කළයුතු බවටත් ජාතික සංවිධාන එකමුතුව සහ ගෝලීය ශ්‍රී ලාංකික සංසදය දිගින් දිගටම අදහස් පළකරනු ලැබීය.
එම සංවිධාන විසින් එම තර්කය මත පදනම් වූ රාජ්‍යයට පරිබාහිර සංවිධානයක් ලෙස යුද අපරාධ චෝදනා නිෂ්ප්‍රභා කිරීම සඳහා නීති තර්ක සහ කරුණුමය සාක්ෂි සහිත විත්ති වාචිකයක් මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කරනු ලැබීය.
ඔවුන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ එම ක්‍රියාවලිය රජයක් ලෙස ඉදිරියට ගෙන ගොස් රණවිරුවන් යුද අපරාධ චෝදනා වලින් සහ ජාත්‍යන්තර අධිකරණ බලය නැමැති මරඋගුලින් නිදහස් කරගන්නා ලෙසය.
දැන් අවසාන මොහොතේ විදේශ අමාත්‍යංශය විසින් අදාළ චෝදනා සහිත OISL වාර්තාව විමර්ශණය කොට කරුණු දැක්වීමට තීරණය කොට ඇත. ඒ පිළිබඳ මතය ජනගත කිරීම පිළිබඳව ‘‘ලංකා ලීඩ් නිව්ස්‘‘ අප වෙත ස්තූති කළ සාහිත්‍ය ශූරී ගුණදාස අමරසේකර මහතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ද ගෞරවය සහ ප්‍රණාමය පුදකරන බව පැවසීය.
විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අරුණ පුවත්පත කළ විමසීමකදී පවසා ඇත්තේ ජිනීවා නුවරදී (24 වැනිදා) ආරම්භ වන හතළිස්තුන්වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සැසියට යෝජනා පහක් ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇති බවය.
එම යෝජනා පහතින් –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
බටහිර ඊනියා ‘ජාත්‍යන්තර ප්‍රජාවගේ’ මනදොළ පිනවීමට රනිල්ලා, මංගලලා ඇටවූ ජනීවා 30/1 මර උගුලෙන් අපේ මව්බිම නිදහස් කරගැනීමේ කාර්යභාරය සඳහා රජයේ නියෝජිතයා වූ බොරලුගොඩ ජාතිකවාදියා දිනේෂ් ඇමතිතුමාට අපගේ ගෞරවය හා සුබපැතුම්! සියලු දෑ හිතවතුන් මේ අවස්ථාවේ ඔහුට සහයෝගය දැක්විය යුතුය.