දේශීය පුවත්

කථානායක කරු ජයසූරිය මහතාට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් ලබාදීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණ විසින් යෝජනාකර ඇති බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බව කථානායක මාධ්‍ය ඒකකය පවසයි.

මේ පිළිබඳව සාකච්ඡාවක් කථානායක නිල නිවසේදී පැවැති බවටද ඇතැම් මාධ්‍ය තොරතුරු වාර්තා කළත් එම ප්‍රවෘත්තියද අසත්‍ය බව කථානයක මාධ්‍ය ඒකකය පවසයි.

“කථානායක කරු ජයසූරිය මහතාගේ සහභාගීත්වය ඇතිව එවන් සාකච්ඡාවක් කථානායක නිල නිවසේ හෝ වෙනත් කිසිදු ස්ථානයක නොපැවැත්වුණු බව සහ කරු ජයසුරිය මහතාගේ අනු දැණුම ඇතිව වෙනත් කිසිවෙකු විසින් හෝ ඔහු වෙනුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් සම්බන්ධව එවන් ඉල්ලීමක් සිදු කර නොමැති බවත්, ඉතා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමු.” යැයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More