පරිපුරක ඇස්තමේන්තුව පරාජය කිරීම තුළින් විපක්ෂ නායකවරයාගේ මූල්‍ය පිළිබඳ දැනුම මනාව පෙන්නුම් කරන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
විපක්ෂ නායකවරයෙක් මූල්‍ය පිළිබඳ කිසිදු දැනුමක් නැතිව හැසිරෙන පළමු අවස්ථාව මෙය බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.
අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙය් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
සිංහල අවුරුද්දට පෙර සියලු ගෙවීම් ගෙවා නිම කිරීම වෙනුවෙන් මෙම පරිපුරක ඇස්තමේන්තුව ගෙන ආ බවයි ඒ මහතා ප්‍රකාශ කර සිටියේ.
පාර්ලිමේන්තුවේ වගකීම වන්නේ ආදායම් වියදම් අතර ගණුදෙනු පිළිබඳව රටේ ජනතාවට වගවීම බවත් ඒ වගකීම ඉටු කිරීමට විපක්ෂ නායකවරයාට නොහැකි නම් රජයට සේවා සැපයු අයට සිය දිවි නසා ගැනීමට වනු ඇති බවත් ඒ මහතා කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...