ප‍්‍රධාන පුවත්

අමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලනය සහ නිවාරනය කිරීමේ මධ්‍යස්ථානය Centers for Disease Control and Prevention (CDC).

පවසා සිටින්නේ නව කොරෝනා වෛරසය හෙවත්  COVID-19  වෛරසය අමෙරිකාවේ පැතිරීමේ අවධානමක් උද්ගතව ඇති බවයි. එසේම එම මධ්‍යස්ථානයේ ගනන් බැලීමට අනුව අමෙරිකානු සෞඛ්‍ය අංශ මෙතෙක් ගෙන ඇති රෝගය නිවාරනය කිරීමේ ක්‍රියාමාර්ග වලින් රෝගය නිවාරනය කිරීමක් සිදු වී නැති අතර පැතිරීම යම් පමණකට පාලනය   කිරීමට පමණක්    සමත්ව ඇති බවයි. ඔවුන් වැඩිදුරටත් පවසා සිටින්නේ අමෙරිකානු සමාජය රෝගය පාලනය කිරීමට සූදානම් වීමට තව කාලයක් ගත වනු බවයි.

අමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලනය සහ නිවාරනය කිරීමේ මධ්‍යස්ථානය තවදුරටත් ඊයේ(21) පැවති මාධ්‍යය සාකච්ඡාවේදී අනාවරණය කර සිටියේ කොරෝනා වෛරසය ආසාදිත යැයි තහවුරු වූ රෝගීන්  13ක් මේවන විට අමෙරිකානු භූමිය තුළ හමුවී ඇති බවත් නව රෝගීන් 21ක් සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණ සිදුකරන බවත්ය. අමෙරිකානු රජය විසින් විශේෂ ගුවන්යානා මගින් වෙනත් රටවලින් ගෙන්වාගත් මගීන් තවමත් නිරෝධායන කාලය ගත කරන අතර ඔවුන් අතරද ආසාදිතයන් සිටිය හැකි බව අපේක්ෂා කරන බව මධ්‍යයස්ථානය අපේක්ෂා කරන බවද අනාවරණය කළේය.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com


Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More