දේශීය පුවත්

රට පුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාවට බලය පැවරීම තවත් මාසයක කාලයක් සඳහා දීර්ඝ කර ඇත.

ඊට අදාල අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්.

හදිසි නීතිය ඉවත් කිරිමෙන් පසු හිටපු ජනාධිපතිවරයා විසින් මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරෙනු අතර පසුව මාසිකව මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනාධිපතිවරයා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කෙරෙයි.

කොළඹ, ගම්පහ, කළුතර, නුවරඑළිය, ගාල්ල, මාතර, හම්බන්තොට, යාපනය, මන්නාරම, මුලතිව්,මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය හා පුත්තලම යන පරිපාලන දිස්ත්‍රික්ක සහ ඒ යාබද දේශීය වෙරළ තීර ඇතුළු නිශ්චය කොට දක්වා ඇති ප්‍රදේශවල ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදාසාමාජිකයින් යෙදවෙන බවයි අදාල ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ලෝක සෞඛ්‍යය සංවිධානයට ආධාර කිරීම නවතා දමනවා – ඩොනල්ඩ් ට්‍රම්ප්

ලෝක සෞඛ්‍යය සංවිධානයේ විශාලතම දායකයා වන අමෙරිකා එක්සත් ජනපදය එම සංවිධානයේ සාමාජික රටවල් 194 ම COVID-19 වෛරසය ආසාදනය හේතුවෙන් බරපතල...


Read More

කොරෝනා පරීක්ෂණ අවුල ගැන වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂවරයාගේ පුද්ගලික මතය ලෝක සම්මතයට පටහැනියි – ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය

ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය මේ වන විට කොරෝනා වසංගත පාලනයට අදාළව ලෝකය පුරා ප්‍රකාශයට පත්වන මතවාද සහ ඒ ආශ්‍රිත සාක්ෂි ගැඹුරින් අධ්...


Read More

කොරෝනා පාලන වැරදි නිවැරදි කරගැනීම සඳහා ජාතික සංවිධාන වලින් දීර්ඝ උපාය මාර්ගික පැහැදිළි කිරීමක්

ජාතික සංවිධාන නියෝජනය කරමින් ලෝකයේ මේ වන විට අනුගමනය කරන වසංගත පාලන ක්‍රමවේද වල සාර්ථක අසාර්ථක භාවය ගැඹුරින් අධ්‍යයනය කොට ව...


Read More