දේශීය පුවත්

පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට ගිය අතුරු සම්මත ගිණුම වැළකී යෑමෙන් සිංහල අවුරුද්දට කැවුම් කිරිබත් හදාගෙන සතුටු වීමට ගම්බද ජනතාවටත් කම්කරු ජනතාවටත් තිබූ අවස්ථාව වැළකී ගියේ යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මහනුවර උඩරට කලා සංගම් ශාලාවේදී ඊයේ (21 දා* මහනුවරදී පැවැති ශ‍්‍රී ලංකා ග‍්‍රාම නිලධාරී සංගමයේ ජාතික සමුළුව අමතමින් හෙතෙම පැවසීය.

පසුගිය ආණ්ඩුව නොගෙවා සිටි ණය ගෙවීමට සහ තවත් අත්‍යවශ්‍ය කරුණු කිහිපයක් සඳහා මුදල් ගෙවීමට මෙම අතුරු සම්මත ගිණුම පිළිබඳ යෝජනාව ඉදිරිපත් කිරීමට සූදානම් වූ නමුත්, එම යෝජනාව පරාජය කිරීමට විපක්ෂය සූදානමක් තිබුණු බව දැන ගත් නිසා යෝජනාව ඉදිරිපත් නොකළ බව අගමැතිවරයා පැවසීය.

පනත ඉදිරිපත් කළේ නම් එය පරාජය කිරීමට විපක්ෂය සූදානම්ව සිටි බවට දැන ගත් බවත්, එයින් විපක්ෂය මෝඩකමක් කරගත් බවත් හෙතෙම කීවේය.

විපක්ෂය නිසා සිදුවූයේ අවුරුදු කෑමට සූදානමින් සිටි ජනතාවට පවා අතට මුදලක් ලැබීමට තිබූ අවස්ථාව වැළකී යෑම යැයි ද හෙතෙම තවදුරටත් පැවසීය.

පසුගිය ආණ්ඩුව අවුරුදු පහකට ඉටු නොකළ පොරොන්දු වත්මන් ආණ්ඩුව මාස තුනකදී ඉටුකර දීම පිළිබඳව පුදුම විය යුතු නැතැයි ද වත්මන් ආණ්ඩුව හුදෙක්ම සිටින්නේ ජනතා සේවය සඳහා යැයි ද අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More