දේශීය පුවත්

විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ (21දා* පෙරවරුවේ මල්වතු මහා විහාරයේ මහානායක තිබ්බටුවාවේ ශ‍්‍රී සුමංගල මහ නාහිමිපාණන් වහන්සේ සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඥානරතන මහනාහිමියන් බැහැදැක උන්වහන්සේලාගේ ආශිර්වාදය ලබා ගත්තේය.

විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ ප‍්‍රථමයෙන් මල්වතු මහා විහාරයේ මහනායක පූජ්‍යපාද තිබ්බටුවාවේ ශ‍්‍රී සුමංගල මහ නාහිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසීය.

තමන් විපක්ෂ නායකයා ලෙස ඉකුත් වකවානුවේ කටයුතු කළ ආකාරය පිළිබඳව මහ නාහිමියන්ව දැනුවත් කළ විපක්ෂ නායකයා, කරුණු අටක් ඔස්සේ පාර්ලිමේන්තුවේ දී අවධානය යොමු කළ බව ද පැවසීය.

ඉදිරි මහ මැතිවරණය උදෙසා ආශිර්වාද ලබා ගැනීමට ද ඒ මහතා කටයුතු කළේය.

මේ අතර විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඉන් අනතුරුව අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන මහ නාහිමියන් බැහැදුටු අතර විපක්ෂ නායකවරයා උන්වහන්සේගේද ආශිර්වාදය ලබාගත්තේය.

එහිදී විපක්ෂ නායකවරයා මහ නායක හිමියන් මෙලෙස දැනුවත් කළේය.

‘‘අපි හැම විටම ගෞරවනීය වන්දනීය මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගන්නවා. ඒ අනුව තමයි අපි කටයුතු කරන්නේ. මහනායක හාමුදුරුවනේ අපි සම්ප‍්‍රදායික විපක්ෂයක් නොවේ.

ඊයේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වෙච්ච යෝජනාවක කොටස් දෙකක් තිබුණා. එහි තිබූ සංවර්ධන යෝජනාවට අපි එකඟයි. නමුත් ණය සීමා ඉහළ දාන්න අපි එකඟ නෑ. ඒ අනුව අපි ඉතාම සුහදව නවීන විපක්ෂයක් ලෙස කටයුතු කළා. අපි හැමදාම රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටියා. ජගත් ජයසූරිය, ශවේන්ද්‍ර සිල්වා වැනි මහත්වරු වෙනුවෙන් අපි පෙනී සිටියා. ඒ ස්ථාවරය පිරිසිදුයි.

ලොවුතුරා බුදුහිමි දේශනා කළ පරිදි අපි සියලූ ආගම්, සියලූ ජාතීන්ට ගරු කරනවා.

එහිදී අනුශාසනාවක් කළ අස්ගිරි මහා විහාරයේ ලේඛකාධිකාරී පූජ්‍යපාද මැදගම ධම්මානන්ද නාහිමියෝ මෙසේ පැවසූහ.

‘‘ඔබතුමා කරපු කාර්යභාරය පිළිබඳව අපි දන්නවා. හම්බන්තොට වගේ ප‍්‍රදේශයක් තෝරාගෙන විශාල සේවයක් කළා. කිසිම විටෙක කලකිරිලා මේ සමාජ මෙහෙවරෙන් ඉවත් වෙන්න එපා. ඔබතුමාගේ සේවය නොපිරිහෙලා ඉටුකරන්න.’’



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More