විදේශ පුවත්

රුසියානු ආරක්ෂක අමාත්‍යයවරයා මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් ප්‍රකාශ කර සිටියේ සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රාන්තයේ මෙහෙයුම් කටයුතු වල යෙදී සිටින සිරියානු ආරක්ෂක හමුදාවට ප්‍රහාර එල්ල කරන තුර්කියේ සහය ලබන සන්නද්ධ කන්ඩායම් පලවා හැරීමට රුසියානු ගුවන් හමුදාවේ ප්‍රහාර දියත්වූ බවයි.

සිරියාවේ ස්ථානගතව සිටින රුසියානු සංහිඳියා මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ පවසා සිටියේ ත්‍රස්තයන් ඉඩ්ලිබ් ප්‍රදේශයට නිරිතදිගින් පිහිටි නගරයක සිට සිරියානු හමුදාවට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළේ තුර්කියේ කාලතුවක්කු හමුදාවෙන් එල්ලවූ ප්‍රහාර වල අධාරයෙන් බව පවසා සිටියේය.

ගුවනින් ගන්නා ලද වීඩියෝ දර්ශන ඉදිරිපත්කරමින් රුසියානු සංහිඳියා මධ්‍යස්ථානය පවසා සිටියේ තුර්කි හමුදාවේ හොවිට්සර් වර්ගයේ ප්‍රභල කාල තුවක්කු ප්‍රහාර නීත්‍යානුකූල සිරියානු හමුදා මෙහෙයුම් ඉලක්ක කරගනිමින් එල්ල කරමින් ත්‍රස්තවාදීන්හට රුකුල් සැපයූ බවයි.
දමස්කස් පාලනයේ ඉල්ලීම පරිදි රුසියානු හමුදාවේ එස් -24 ගුවන් යානා සිරියානු හමුදාවලට එරෙහිව ඉදිරියට පැමිණෙන ත්‍රස්තයන් හට දැවැන්ත ප්‍රහාර එල්ල කර මැඩ පැවැත්වූ බව  රුසියානු ආරක්ෂක ඇමතිවරයා පවසා සිටියේය.

මෙම සිදුවීම සිදු වූයේ තුර්කිය සිරියානු හමුදා ඉඩ්ලිබ් ප්‍රදේශයේ සිදුකරනු ලබන මෙහෙයුම් සම්බන්ධයෙන් දමස්කස් පාලනය සහ අන්කාරා පාලනය අතර දැවැන්ත මතභේද ගොඩනැගුනු වටපිටාවක් තුළ වීම විශේෂත්වයකි.

 

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More