දේශීය පුවත්

මෙරටට ගෙන්වන ඖෂධවල ප්‍රමිතිය පරික්ෂා කිරීම සඳහා ඖෂධ නියාමන රසායනාගාරයක් ඉදිකිරීමට පියවරගෙන ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අරගියගහ මන්දිරයේ ඊයේ පස්වරුවේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ, පසුගිය කාලයේ ඖෂධ ගෙන්වීම් සම්බන්ධයෙන් නොයෙක් චෝදනා ඇති බවයි.

සමහර අවස්ථාවලදී ඖෂධ අඩු මුදලට මිල දී ගැනීමට හැකියාව ඇති අවස්ථාවල දී පවා අධික මිල ගණන් යටතේ ඒවා ලබා ගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇතැයි ද අගමැතිවරයා මෙහිදී පැවසීය.

එකසිය ගුණයක් වැඩියෙන් මුදල් මේ සඳහා ගෙවා දමා ඖෂධ ලබා ගෙන ඇතැයි මේ වන විට පැමිණිලි ලැබෙමින් පවතින බවත් කියා සිටි අගමැතිවරයා, ඖෂධවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම වැදගත් වන බවත් සඳහන් කළේය.

ඒ සඳහා ඖෂධ තත්ත්වයන් නියාමනය කිරීමට හැකි රසානායාගාරයක් ඉතා ඉක්මනින් ස්ථාපිත කිරීමට පියවර ගත යුතු බවත් පැවසු ඒ මහතා, දැනටමත් ඒ සඳහා කටයුතු යොදා ඇතැයි ද පැවසීය.

විශේෂයෙන්ම කොරෝනා වෛරසයට ගොඳුරු වු කාන්තව සුව කර නැවත චීනය බලා යැවු බවත් එය පැතිරීමට ඉඩ නොදී පාලනය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ගෞරවයට පාත්‍ර වන බවත් අගමැතිවරයා මෙහිදී කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More