පුරවැසි කොලම

2015 වර්ෂයේ බලයට පත් යහපාලන ආණ්ඩුව රටේ මෙතෙක් නොමැති අපුරු කමිටුවක් පිහිටවනු ලැබුවේය .එයට කියනුයේ  ජීවන වියදම් කමිටුව කියාය . පාස්කරලිංගම්,චරිත රත්වත්තේ සහ ඩික්සන් නීලවීර,රවී කරුණානායක ,මලිත් සමරවීර  යන රනිල් වික්‍රමසිංහවාදී ආර්ථික ඔස්තාද්ලාගේ තවත් වික්‍රමයක් වූ එහි මූලික අරමුණ වුයේ ආනයනකරුවන් විසින් වසරකට මහා භාණ්ඩාගාරයට ගෙවූ රු බිලියන 100ක පමණ වාර්ෂික බද්දක් බඩු  මිල අඩු කිරීම සඳහා යයි පවසමින් අහෝසි කිරීමය.

රජයට ගෙවමින් තිබු ආහාර ආනයනයේ බද්ද පමණක් වාර්ෂිකව බිලියන 70කට අධිකය .ගෙවමින් තිබු බදු රජයට එපා කියමින් කොම්පැනිවල සාක්කුවට ගන්නා ලෙස පැවසීමට සැදූ  කිමිටුවට දැමු නම ජීවන වියදම් කමිටුව නම් වේ. එහි යෝජනා දින 100 අයවැයට ඇතුල් කර මහා භාණ්ඩාගාරය සහ දේශීය ගොවියන් බංකොලොත් කරමින් මැතිවරණයට ගිය යහ පාලන ආණ්ඩුව ආනයන කොම්පැනිවලට බිලියන 100ක් සාක්කුවේ දමාගැනීමට ඉඩදී වර්ෂයකට රු බිලියන 100ක්ම සොයාගැනීමට යයි කියමින් අපේ මිරිස්කුඩු පැකට්ටුවේ සිට ලුනුදෙහි බෝතලය දක්වා vat බදු 2016 දී පනවන ලදී .

අපේ ගොවියන් සහ මිනිසුන් සුරා කෑමේ මහා ක්‍රියාදාමය දියත්කලේ මේ ජීවන වියදම් කමිටුවේ සාකච්ඡාවලට යාවජීව සාමාජිකයින් බවට පිටකොටුව වෙළඳ  සංගම් සහ ආනයන කරුවන් පත්කර ගනිමිනි.මේ ලියුම් කරුද බලහත්කාරයෙන් මෙන් රැස්වීම් කීපයකට ගාමිණී ජයවික්‍රම ඇමතිතුමා සහ කරු ජයසුරිය මැතිතුමා විසින් යොමු කර බැවින් මේ ගැන හොදින් දනී.අවසාන ප්‍රතිඵලය වුයේ රු 16000ක් පමණක් මසකට අදායම් ලබාගන්නා ගොවිපවුලකට සීනි,කිරිපිටි,පාන්පිටි,ටින්මාළු ,පලතුරු වෙළඳපොලෙන් ලබාගත හැකිව තිබු රු 75000 ක මාසික ආදයම අවස්ථාව තවදුරටත් අහිමි කර දමා  මුදල් සංසරණයේ සහ සමස්ත වෙළදාමේ අවස්ථාව අහිමි කිරීමයි. .

පිටරට භාණ්ඩ  වලට ගෙවූ වසරකට බිලියන 100ක බදු ගෙවූ සමාගම් ඒ බදු එපා යයි කිවූ අයට සොච්චමක්වත් දුන්නේ නැද්දැයි ඕන ගොනෙකුගේ ඔලුවට එන ප්‍රමුඛ ප්‍රශ්නය බව කිව යුතුව නැත.දැන් පැන නැගී ඇති ප්‍රශ්නය පිටරටට ඇදී යන සියලු මුදල් ගොවීන්ට ආපසු හරවනවා යයි දේශප්‍රේමී යයි කියාගන්නා මේ ආණ්ඩුවද ගොවි ජීවන හෝ පුරවැසි ජීවන අදායම් කමිටු වෙනුවට වෙළෙන්දන්ගේ යෝජනා රජයේ ආයතන හරහා ලැබෙන ලෙස ජීවන වියදම් කමිටුවම ක්‍රියාත්මක කර ලනු ගිලිමින් සිටීමයි.හොඳම උදාහරණය සහල් හිගයක් ඇතිවේ යයි කියමින් පිටකොටුවේ ආනයන කරුවන්ට ලබාදුන් තිරිගු පිටි බදු සහනයයි .එමගින් සින්ගප්පුරුවේම සමාගම් වලින් සහ තුර්කි සමාගම් වලින් තිරිගු කිලෝ එකක්වත් මේ  රටට ඒමට පෙර අපේ ගොවීන් වී ටොන් ලක්ෂ 35ක ඓතිහාසික වී අස්වැන්න රටට මුදා හැරීම ආරම්භ කිරීමයි  .ඇතිවූ හාල් හිඟයක්ද නැති අතර සිදුවුයේ රටට  පිටි සමාගම් දෙකේ පිටි වලට අමතරව තවත් පිටි තොගයක් මහා වී අස්වැන්නක් එන අතරතුර රට තුලට පැමිණීමයි. මෙය මේ ආණ්ඩුවේ පළමු ලනු ගිලීම් කීපයෙන් එකක් පමණි.

දැන් තව දුරටත්  ජීවන වියදම් කමිටුව ජනාධිපති කාර්යාලයේ තිබයදීම ලනුව දික්කර ඇත.ජනවාරි 15 වන දිනට අවසන් වීමට නියමිත තිරිගු පිටි ආනයන සහනය විශේෂ පරිභෝජන භාණ්ඩ පනත යටතේ නැවත දික් කිරීමට රේගුව වෙත නිර්දේශ ඉදිරපත් කර තිබීමෙනි.මෙය මුදල් අමාත්‍යංශයේ අදාල අංශ සහ ශ්‍රී ලංකා රේගුවේ අදාල අංශ විසින් මේ ලියුම්කරු වෙත  තහවුරු කල අතර මහා වී අස්වැන්නක් අභියස තිරිගු පිටි කදු පැටව් ගසමින් සිටී.තිරිගු පරිභෝජනය පහල දමා සහල් පරිභෝජනය ඉහල දැමීමට සැලසුම් කරමින් සිටින ජනාධිපති කාර්ය මණ්ඩලය මෙය හොදින් දන්නේදැයි  නොදනිමි.

කුඩා පරිමාණ සහල් කර්මාන්ත ශාලා 2000කට ආසන්න ප්‍රමානයක් මහා පරිමාණ කර්මාන්තශාලා දහයක් සමග ක්‍රියාත්මකවී    මසකට සහල් ටොන් 280000 නිකුත් කිරීමට නියමිත නමුත් මේ වන විට වෙලදපොලේ විකිනෙන්නේ ටොන් 180000 කි.මේ  කන්නයේ වී නිෂ්පාදනය  ටොන් ලක්ෂ 33 ඉකමවන්නේ නම් සහල් පමණක් ටොන් ලක්ෂ 21කි.සහල් කිලෝව රු 45 තිබයදී තිබුණු වසර ගණනක් පැරණි පාන් මිල යහපාලන සමයේ ජීවන වියදම් කමිටුවේ පිහිටෙන් අරුම පුදුම ලෙස තවම පවතී .පාන් සහ තිරිගුපිටි මිල තායිලන්තය,මියන්මාරය ,වියට්නාමය හෝ ඉන්දියාව  මෙන් ඉහලට ඔසවා තිරිගු පරිභෝජනය පාලනය නොකර නැවත වී නිෂ්පාදනය සීමා කිරීමේ ගොවිජන  විරෝදී යහපාලන තීරණය දක්වාම ජීවන වියදම් කමිටුව තිබියදීම රාජ්‍ය නිලධාරීන් සහ කොමිසන් වලට කැමති දේශපාලකයින් විසින් නැවත ආණ්ඩුව තල්ලු කිරීමට ඉඩ ඇති බව ජනධිපති තුමා දන්නේ දැයි අප විමසිලිත්මත්ව බලා සිටිමු.

අරුණ කාන්ත බණ්ඩාර
ජාතික කෘෂිකර්ම එකමුතුව



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More