ඒ රටේ දේශපාලනය වඩා ඉහළින් රටට අදරය කරන මාධ්‍ය භාවිතයක් තියෙන්න ඕන.
අපේ රටේ මාධ්‍ය කදුළු විකුණන කොට මිනී විකුණන කොට ඇක්සිඩන්ට් විකුණන කොට
චීනය කොරා්නා හෙවත් කොබික් 19 හරහා චීන ජනතාවගේ හයිය උත්සාහය කැපවීම එකමුතුව විකුණනවා.
ව්‍යවසනය මුවා වෙලා රටට රිංගලා පඩේ වෙඩිල්ල කරන විදේශීය මාධ්‍ය වාරණය සීමා පනවන කොට
චීන මාධ්‍ය වේදියෝ කියන අය මාධ්‍ය සංවිධාන කලදුටු කල වල ඉහගන්න හදන සූපිං දේශපාලන මාධ්‍ය මාධ්‍යයට ඉඩ දීපියව් කියාගෙන ාරදි කරට අරං තියෙන්මෙන් චතුරශයට එන්නේ නෑ.
මේ කොරෝනා වෛරසය සමග චීනය හුදකලා වෙනකොට ලෝකයට දකින්න චීන මාධ්‍ය පෙන්නමින් ඉන්නේ
අසරණ වෙන කදුළු සලන චීන ජනතාවක් නෙවේ.
මරණය දැක දැක දීන ජනරජයට කැපවන මහජන චීන රාජ්‍ය නිළධාරින් හෙදියන් කම්කරැවන්
නිවස් අත ඇරලා ගිය ජනතාව නැති ගෙවල් වල සරතල් සතුන්ට පවා කෑම බීම සපයන ලෙඩුන් ස්වේජ්චාවෙන් ගෙනයන තරැණයන්.
තමන්ගේ සියළුම මානව සබදතා ඉවත් වෙලා සරස්ථව රෝහල් වල හිරවෙලා රාජකාරිය කරන චීන ජාතික පිරිමින්ගේ සහ ගැහැණුන්ගේ දරා ගැනීම්.
මේ වෛරසය සමග චීනය තමන්ගේ රට ආපදාව තුළ පවා ඉඑළට මාකට් කරන්න තරම් ශක්තියක් දැක්මක් හා දර්ශණයක් සහිත වෙලා තියනවා.
අපේ මාධ්‍ය වෙනස් විය යුතුයි.
අපේ රට ගැන ආත්ම විශ්වාසය ගැන මොනම අධ්‍යාපන ආයතනයකින්වත් හදන්න බැරි තැනක් මාධ්‍ය තුළින් හදන්න පුළුවන්
අපේ රටේ මාධ්‍ය නිදහස යන්න මහ වල් බූරු නිදහසක්.
චීනය මාධ්‍ය නියාමනය කරනවා .ඒක විය යුතු දෙයක්.
අපේ රටට ඇවිත් රට ගැනම අපකීර්තියට පත් කරන වාර්ථා වැඩසටහන් හදලා අවශ්‍ය නම් රට ඇතුලෙයි රාටන් පිටයි දෙකේම විකාශය කරලා යන්න පුළුවන් තරම් වල් බූරැ නිදහසක් තියනවා.
වාහනයක් හැප්පිලා මැරැනොත් මැරුන එකාගේ පවුලේ,උං පොලවේ පස් කකා අඩනවා පෙන්නනවා
මාසයක් පුරා ගත්තොත් මුද්‍රිත විද්‍යුත් අන්තර්ජාල මාධ්‍ය සියල්ලේම
රටට ආදරය හිතෙන මේ අපේ රට කියලා හිතෙන තොරතුරැ 10% වාර්ථා වෙයි.
රැල්ලට කදුළු විකුණන පුවත් තොරතුරු හීනමානය පරාජිත බව වඩවන
කොටින්ම මේකේ හිටියට වැඩක් නැ කියලා හිතෙන පුවත් 90% යි.
රටක් රැකෙන්න කොච්චර මාධ්‍ය භාවිත.කරන්න පුළුවන්ද යන්න තේරුමි ගන්නට මේ කාලය තුළ චීන මාධ්‍ය හැසිරීම අධ්‍යයන කරා නම් ඇති.
ලංකාවේ ඉමේජ් එක හදන්න අළුතින් මිලියන ගනන් වියදම් කර කර රට රටවල් වල කැම්පේන් කරන්න ඕන නෑ.
අද ලංකාව ඇතුලේ ජීවිතය රටෙන් පිට නැතිවෙයි කියලා මහ සටවක් කරපු චීන කාන්තාව සුවය ලබලා රටෙන් ගියා.
අපේ සෞඛ්‍ය සේවය එහි කාර්ය මන්ඩල ගැන අපේ මාධ්‍ය වලින් යම් ප්‍රසංසනීය හිතිවිලි රටට ගන්න ඉඩක් හැදුවද?
ලංකාවේ දැක්ම ලෝකයට අඩුම තරමේ චීනයට පෙන්වන්න මෙය අවස්ථාවක් වුනාද?
අපි රටට අළුත් ආන්ඩු පත් කර ගත්තට
කවදාවත් රටට අළුත් මාධ්‍යයක් කලාවක් පත්කර ගත්තේ නෑ
හැමදේම වගේ ඒකත් පහළ වෙනකල් අපි කදුළු බලනවා ඒවා රේටින්ග් කරන මාධ්‍ය ආයතන බිහිකර ගන්නවා.
අපේ සිංහල භාෂාවේ වැඩියෙන්ම විකුණන්න පුළුවන්
අනේ පව් කියන වචනය
ඒක වෙනස් වෙලා දවසක
වැඩියෙන්ම විකිනෙන වචනය අපට පුළුවන් කියන එක
ආදේශ වන මාධ්‍ය කළාවක් ආව දාට අපිට ගොඩ යන්න පුළුවන්.
අද අපේ වටපිටාවේ අපිට අපි නැති වෙනවා කියන එක පෙන්වීමත් ලාභදායක ව්‍යාපාරයක්.
………. නුවන් මොණරවිළ ………………
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...