ව්‍යාපාරික පුවත්

අමතර අයකිරීම් සහ වත්මන් බදු අනුපාත වැඩි කිරීම අත්හිටුවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පළාත් සභා සහ පළාත් පාලන බලධාරීන්ට ඊ​යේ (19 වැනිදා) නියෝග කර ඇත.

සමස්ත පළාත් පාලන අනුපාත සහ ගෙවීම් ව්‍යුහය විමර්ශනය කොට ඊයේ (19 වැනිදා) සිට දින 30ක් ඇතුළත එය සරල කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා.

ජනාධිපතිවරයාගේ නියෝග ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර විසින් සියලුම ආණ්ඩුකාරවරුන්ට සහ ප්‍රධාන ලේකම්වරුන්ට දැනුම් දී ඇත.

රටේ සමස්ත බදු සහ බදු නොවන පද්ධති සරල කිරීමත්, ජන ජීවිතය පහසු කිරීම, ගනුදෙනු පිරිවැය අඩුකිරීම, දූෂණ සහ අක්‍රමිකතා පිටු දැකීම සහ කුඩා ආයතනවල සිට මහා පරිමාණ සමාගම් දක්වා ව්‍යාපාර සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම ඇතුළු අරමුණු ජයගැනීමත් ජනාධිපතිවරයාගේ අපේක්ෂාව වී තිබෙනවා.

රජ​යේ සමස්ත සංවර්ධන දැක්ම සහ ඊට පාදක උපාය මාර්ග අඩාළ කරමින් පළාත් සභා සහ පළාත් පාලන ආයතන විවිධ බදු, අනුපාත සහ අයකිරීම් පුළුල් කරන බව පෙනී ගොස් ඇතැයි ජනපති ලේකම්වරයා දැනුම් දී ඇත.

පළාත් සභා සහ පළාත් පාලන ආයතන විසින් පනවා ඇති බහු අනුපාත බදු සහ ගෙවීම් වෙනුවට ජන ජීවිතය පහසු කිරීමට සරල, පරදෘශ්‍ය හා දැරිය හැකි අයකිරීම් ව්‍යුහයක් හඳුන්වා දෙන ලෙසටද ආණ්ඩුකාරවරුන්ට දැනුම් දී තිබේ.

විමධ්‍යගත පාලන ඒකකවල ආදායම් අවශ්‍යතා රජය පිළිගන්නා නමුත් මූල්‍ය විමධ්‍යගතකරණය සහ ආදායම් බෙදාගනීමේ ක්‍රමවේදය ජාතික ප්‍රතිපත්ති ව්‍යුහය සමග සමපාත විය යුතු බවද මෙහිදී පෙන්වා දී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More