ව්‍යාපාරික පුවත්

ගිය වසරේ (2019) වෙළෙඳ හිඟය (අපනයන අදායම ඉක්මවා ගිය ආනයන වියදම) ඇමරිකානු ඩොලර් මිලියන 7997 ක් දක්වා අඩු වී ඇත. 2018 වසරේ වෙළෙඳ හිඟය ඇමරිකානු ඩොලර් මිලියන 10343 ක් විය.

මේ අනුව 2018 වසරට සාපේක්ෂව 2019 වසරේ දී වෙළෙද හිඟය ඇමරිකානු ඩොලර් මිලියන 2346 කින් අඩු වී තිබේ.

2019 වසර තුළදී ආනයන වියදම සැලකිය යුතු ප‍්‍රමාණයකින් අඩුවීම හේතුවෙන් වෙළෙඳ හිඟය මෙලෙස සැලකිය යුතු ලෙස අඩු විය.

2019 දෙසැම්බර් මාසයේදී අපනයන ආදායම අඩු වූ අතර, ආනයන වියදම වැඩිවීමෙන් වෙළඳ හිඟය පුළුල් වූ බවද මහ බැංකුව කියයි.

වසර තුළදී සමුච්චිත පදනම මත සංචාරක ඉපැයීම් අඩු වුවද, 2019 දෙසැම්බර් මාසයේදී සංචාරක කර්මාන්තය නැවත යථා තත්ත්වයට පත්වීම වේගවත් විය.

2019 දෙසැම්බර් මස විදේශ සේවා නියුක්තිකයන්ගේ පේ‍්‍රෂණ, පෙර වසරේ අනුරූප කාලපරිච්ෙඡ්දයට සාපේක්ෂව සැලකිය යුතු ප‍්‍රමාණයකින් වැඩි වීම, 2019 වසර තුළදී සමුච්චිත පදනම මත එහි අඩු වීම සුළු වශයෙන් පහළ යෑමට උපකාරී විය.

මේ අතර, 2019 දෙසැම්බර් මාසයේදී රාජ්‍ය සුරැුකුම්පත් වෙළඳපොළ වෙතින් සැලකිය යුතු ලෙස විදේශීය ආයෝජන ගෙවීමක් වාර්තා වූ අතර කොළඹ කොටස් වෙළඳපොළ තුළින්ද සුළු ශුද්ධ ගෙවීම් දක්නට ලැබුණි. 2019 වසරේදී ශ‍්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අතිප‍්‍රමාණය වූ අතර 2020 වසරේ මේ දක්වා කාලපරිච්ෙඡ්දය තුළදී ස්ථාවරව පැවතුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More