ප‍්‍රධාන පුවත්

විදෙස් රටවලින් ප්‍රංශයට පැමිණි ඉමාම්වරු (ඉස්ලාමීය පූජකවරු ) තම අනුගාමිකයන් ප්‍රංශ නීතිය කඩකිරීම පිණිස පෙළඹවීම වහාම මැඩපවත්වන බවත් ප්‍රංශ භූමිය තුළ ඉස්ලාමීය අන්තවාදය පැතිරවීමට තුර්කිය කරනු ලබන මැදිහත්වීම වහාම නැවැත්විය යුතු බවත් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෙන් පවසා සිටී.

ප්‍රංශ රජය, ඉස්ලාම් සංස්කෘතිය සහ අරාබි භාෂාව ඉගැන්වීම පිණිස ප්‍රංශයට පැමිනෙන ඉස්ලාමීය පූජකවරුන්ගේ ක්‍රියා මෙතෙක් විධිමත් අධීක්ෂණයක් නොකළද ඉදිරියේදී එවැනි කටයුතු ක්‍රමක්‍රමයෙන් නවතා දැමීමට තම රජය කටයුතු කරන බව පවසා සිටියේය. ප්‍රංශ ජර්මන් දේශසීමාවේ කුඩානගරයක් වන මුල්හවුස් නගරයේ පැවති උත්සව සභාවක් අමතමින් ප්‍රංශ ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ විදෙස් ජාතික ඉස්ලාමීය පූජකවරු තම අනුගාමිකයන් ප්‍රංශයෙන් වෙනම භූමියක් ගොඩනැගීම පිණිස මෙහෙයවමින් ප්‍රංශ නීතියට පවා ගරු නොකරන තත්වයට පත්ව ඇති බවයි.

ප්‍රංශ ජනාධිපතිවරයා තුර්කිය විශේෂකොට අදහස් දැක්වීමට කටයුතු කරනු ලැබුවේ , ඇල්ජීරියාව, මොරොක්කෝව සහ ටියුනීසියාව මෙන් නොව තුර්කියේ පාලනය තවමත් ප්‍රංශය සමඟ ආගමන විගමන කටයුතු සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිනීමට කටයුතු කිරීමට අපොහොසත් වීම නිසයි. “තුර්කියට තමන්ගේම වූ වැඩපිළිවෙලකට අනුව කටයුතු කිරීමට හැකියාව තිබෙනවා.නමුත් අපේ ජනරජය තුළ කිසිදු ආකාරයකින් බෙදුම්වාදයට උඩගෙඩි දෙන සංස්කෘතික,ආගමික මතවාදයන් ප්‍රචලිත කිරීමට, ප්‍රවර්ධනය කිරීමට ඉඩ දෙන්නේ නැහැ.” යනුවෙන් ප්‍රංශ ජනාධිපතිවරයා පවසා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ තමා කිසිවෙකු අමනාප කිරීමට උත්සහා නොකරන අතරම කිසිවෙකු සතුටු කිරීමටත් කටයුතු නොකරන බවයි.බෙදුම්වාදය පරාජය කිරීමට නම් “ප්‍රංශ මුස්ලිම් කවුන්සිලය” මුස්ලිම් පූජකවරුන්ට ප්‍රංශ නීතිය හැදෑරීමට ඉඩ ප්‍රස්තාව ඇති කළ යුතු බව අවධාරනය කිරීමටද ජනාධිපතිවරයා කටයුතු කළේය.

ප්‍රංශ ජනාධිපතිවරයාගේ අදහස් දැක්වීමට ප්‍රතිචාර දක්වමින් තුර්කි අභ්‍යන්තර කටයුතු අමාත්‍යය ක්‍රිස්ටෝපර් කාස්ට්නර් මහතා ට්වීටර් පණිවිඩයක් මගින් ප්‍රකාශ කර සිටියේ, ප්‍රංශ ජනාධිපතිවරයා “ඉතාම ප්‍රාථමික ඉස්ලාමීය භිතිකාවක්” ඇතිකිරීමට උත්සහා කරන බවයි.ප්‍රංශ ජනාධිපතිවරයා අප්‍රිකාවේ සහේල් ප්‍රදේශයේ සහ ලිබියාවේ සාමය ඇතිකිරීමට බාධාකරමින් මුස්ලිම් ලෝකය තුළ ව්‍යාකූලත්වයක් නිර්මාණය කරමින් සිටින බවට තුර්කි අමාත්‍යාවරයා සිය ට්වීටර් පණිවිඩයෙන් චෝදනා කර සිටියි. තුර්කි රාජ්‍යයේ සතුරෙකු ලෙස සලකන ලිබියාවේ ක්‍රියාත්මක කැරලිකරුවෙකු වන ලිබියානු ෆීල්ඩ් මාර්ෂල් කාලීෆා හෆ්තාර් හට ආයුද සැපයීමටද ප්‍රංශය කටයුතු කරන බව තුර්කි අභ්‍යන්තර කටයුතු ඇමතිවරයා වැඩිදුරටත් අවධාරනය කරයි.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More