විදේශ පුවත්

අමෙරිකානු පුවත්පත් ආයතනයකට අයත් මාධ්‍යවේදීන් තිදෙනෙකුගේ මාධ්‍ය බලපත්‍ර අහෝසි කිරීමට චීන රජය පියවර ගෙන තිබේ.

ඒ චීනයේ ව්‍යාප්ත වී ඇති නව කොරෝනා වෛරසය පිළිබඳ තොරතුරු වාර්තා කිරීමේදී චීන රජය හෑල්ලුවට ලක් කිරීමේ සිද්ධියකට අදාලවයි.

වෝල් ස්ට්‍රීට් ජර්නල් නම් අමෙරිකානු පුවත්පත් ආයතනය විසින් පසුගිය 3 වනදා ප්‍රකාශයට පත් කළ පුවත්පත් වාර්තාවකින් චීනය ආසියාවේ සැබෑ රෝගියා ලෙස හදුන්වමින් කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ චීන රජය ගත් ක්‍රියාමාර්ග විවේචනයටලක් කර තිබුණි.

වාර්ගික වෙනස්කම් සහිත මාතෘකාවක් යොදා ගනිමින් පල කළ අදාල වාර්තාව පිළිබඳ චීන රජය අප්‍රසාදය පල කළ අවස්ථාවේ හෝ එම මාධ්‍යවේදීන් ඒ පිළිබඳ කණගාටුව පල කිරීමක් සිදු කර නොමැති බව චීන රජය පවසන්නේය.

මෑත කාලයේ චීනය විසින් විදෙස් මාධ්‍යවේදීන් තිදෙනෙකු නෙරපාහැරි පළමු අවස්ථාව මෙය බව ද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කොරෝනා පාලනයේ කියුබානු පරමාදර්ශය – පරීක්ෂණ වැඩි කිරීමෙන් රෝගය පාලනය කළ හැටි – ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය

ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් භාගයකට ප්‍රමාණයක් වාසය කරන එහෙත් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් මෙන් දෙගුණයකට වැඩි සංචාරකයින...


Read More

දිස්ත්‍රික්ක 18 ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර , යාපනය දිස්ත්‍...


Read More

තම සන්තකයේම තිබුණු රුපියල් 200න් 100ක් දීලා කොරෝනා නිසා අසරණ වූ අයට උදව් කරන්න කියපු උතුම් අම්මා (Video)

මේ දවස්වල ඇඳිරි නීතියත් එක්ක එදා වේල හම්බකරගෙන කාපු බීපු මිනිස්සුන්ට මේක බොහොම අමාරු කාලයක් කියන එකනම් අමුතුවෙන් කියන්න දෙයක් නොවෙයි. මහ...


Read More