පුරවැසි කොලම

ශ්‍රී ලංකාවේ බහුජාතික  සමාගමක් විසින් නිශ්පාදනය කරන සබන් නිශ්පාදනවල සෝඩියම් ඇල්කයිල් සල්ෆේට් සහ සෝඩියම් ඩොඩෙසයිලි බෙන්සීන් සල්ෆේට් යන රසායන ද්‍රව්‍ය අඩංගුකර ඇති බව  පෙන්වා දෙමින් කොළඹ වාණිජ්‍ය අධිකරණයට ඉදිරිපත් වූ නඩුවකට අදාල තොරතුරු ඇතුලත් ලිපියක්  ලංකා ලීඩ් නිව්ස් වෙත ලැබී ඇත.

එම ලිපියට අනුව පැමිණිලිකාර බහු ජාතික සමාගම විසින් නිශ්පාදනය කරන සබන් වර්ග කුඩා දරුවන්ගේ ශරීරයට ඉතා අහිතකර බවත් ඇස්පෙනීමේ දුර්වලතා ඇති කරන රසායනික ද්‍රව්‍ය ඇති  බවටත් සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති වාර්තාද ඊට ඇතුලත් කර ඇත.

එසේම එම පැමැණිලිකාර සමාගම  ලංකාව හැර වෙනත් රටවල නිශ්පාදනය කරන  සබන් සදහා එම රසායන ද්‍රව්‍ය යොදන්නේ නැති බව ද  එම ලේඛන මගින් පෙන්වා දී ඇත.

‘‘ මේ පව්කාරකමට නොයෙක් ආකාරයෙන් සම්මාදම් වූ සහ සම්මාදම් වන ඉහළ සිට පහළට වූ ඕනෑම කෙනෙකුට ද මේ කණවැල අල්ලාගෙන තම පවින් එතෙර විය හැක. ඒ සදහා හිත හදාගත නොහැකිව මේ බූතයා යටතේ පඩියට වැඩ කරන විධායක නිළධාරියාගේ සිට සේල්ස් රෙප් දක්වා සියළු බූත සහායකයින්ට(ත් ඔවුන්ගේ අඹු දරුවන්ටත්) හෙන ගහන්නේ නැද්ද? ඒ උපයන මුදලින් කන කෑමත් බොන බීමත් අපත්ති වන්නේ නැද්ද? කන්නාඩි දමාගෙන පාසල් යන දරුවෙකුගේ මුහුණ දෙස ඔවුන් බලන්නේ කෙසේද? එවන් දරුවෙකු ඉදිරියට හමුවූ විට මහා පව්කාරකමක් ඔවුන්ගේ හිතට නොහැගේ ද? සමහරවිට ඒ ඇස් පෙනීම දුර්වල දරුවා තමන්ගේම දරුවා විය නොහැකිද? තම පියා විසින් තම ඇස් පාදනු ඇතැයි දැඩිව විශ්වාස කරන තමන්ගේම දරුවාගේ ඇස්, වොෂින් පවුඩර් දමා විනාශ කරන්නේ තමාම බව දරුවා දැනගත් විට ඒ දරුවාගේ ශාපය කෙසේ හිස මත පතිත වනු ඇත්ද? ‘‘

සම්පූර්ණ ලිපියට පහතින් පිවිසෙන්න

ඇස් පෙනීම දුර්වලද – හේතුව භූත දෝෂයකි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More