ප‍්‍රධාන පුවත්

චීනය ලෝක පාරිභෝගික අවශ්‍යයතාවයෙන් විශාල ප්‍රතිශතයක් තෘප්ත කිරීම භාරගෙන සිටීම නිසා, කොරෝනා වෛරසය ආසාදනය හේතුවෙන් චීන ජනසමාජයට එල්ල කළ බලපෑමට සමාන හෝ ඊටත් වඩා වැඩි ප්‍රතිශතයක බලපෑමක් ලෝකයේ පාරිභෝගිකයන්හට එල්ල වී ඇති බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

අයි ෆෝන් නිෂ්පාදනය මෙන්ම නව මෝටර් රථ නිෂ්පාදනයද අඩාල වී ඇති අතර වසංගතය රටවල් 24කට වඩා වැඩිගනනක ඇති කර්මාන්තශාලා සිය ගනනක් වසා දැමීමට බල කර ඇත්තේ කර්මාන්ත වර්ග දුසිම් දෙකකට වඩා වැඩි ගනනකට බලපෑම් ඇතිකරවමිනි. මෙමගින් පැහැදිලි කරනු ලබන්නේ, කොරෝනා වෛරසය ගෝලීයකරණය යන සංකල්පය නැවත වරක් සිය ගමන් මගේ ආපසු හැරවීමකට ලක්කිරීමට සමත් වූ බව යැයි ආර්ථික විශ්ලේෂකයන්ගේ මතයයි.

කොරෝනා වෛරසය හුදකලාවම ලෝක පාරිභෝගික භාන්ඩ නිෂ්පාදනයට බලපෑම් එල්ල කළාට වඩා වෛරසය සම්බන්ධයෙන් වූ කටකතා විසින් ලෝක පාරිභෝගික භාන්ඩ වෙළෙඳ පොළට එල්ල කළ බලපෑම ඉතා ඉහළ බව ආර්ථික විශේෂඥයන්ගේ මතයයි.
චීන අමුද්‍රව්‍යය මත බරපතල ලෙස යැපෙන හොංකොං වෙළෙඳපොළ තුළ ඇති සුපිරි වෙළෙඳසැළවල් වල ඇති රාක්ක ඉක්මනින් හිස්ව ගියේ අනිසි බියට පත්වූ පාරිභෝගිකයා අසාමාන්‍යලෙස පාරිභෝගික භාන්ඩ මිළදී ගැනීම හේතුවෙන් සහ ඉල්ලුමට සරිලන සැපැයුම තෘප්ත කිරීමට තරම් නිෂ්පාදකයාට කර්මාන්තශාලා විවෘතකර පවත්වාගෙන යාමට ඉඩ අවකාශ දීමට කොරෝනා වෛරසය සූදානම් නොවූ හෙයිනි.
වැසිකිලි කඩදාසි (Toilet Papers) හිඟයක් සම්බන්ධව හොංකොං පාරිභෝගිකයා තුළ භීතිය ඇතිකිරීමට සමත්වූ කට කතාව අවසානයේදී හොංකොං සුපිරි වෙළෙඳසැල් වල වැසිකිලි කඩදාසි පිරවූ රාක්ක හිස් කිරීමට පවා සමත්විය.

චීනයේ ජනයාට අවශ්‍යය මස් වගර්‍ සැපයීමට මෙන්ම අවශ්‍යය ඇඳුම් පැළඳුම් සැපයීමටද කොරෝනා වෛරසයෙන් ඇති කළ බලපෑම සුළුපටු නොවේ.ක්‍රීඩා ඇඳුම් නිපදවන බෙහීමොත්, අන්ඩර් ආමර් වැනි සමාගම් දැනටමත් පවසා ඇත්තේ රෙදිපිළි නිෂ්පාදනයේ ඇතිවී ඇති පසුබෑම හේතුවෙන් තම නිෂ්පාදන වෙළෙඳ පොළට එවීම ප්‍රමාද වන බවයි.එම සමාගම් දෙකෙහි පමණක් 2020 පළමුවන කාර්තුවේදී ඩොලර් මිලියන 60ක ආදායම් පහළ යාමක් අපේක්ෂිත බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. බටහිර වෙළෙඳපොළට ඇඳුම් නිපදවන බොහෝ සමාගම් චීනය සමඟ කුමන හෝ ආර්ථික සම්බන්ධතාවයක් ගොඩනඟා ගෙන ඇති බැවින් එම සමාගම් වල නිෂ්පාදනවලටද සෘනාත්මක බලපෑම් එල්ල වෙමින් පවතී.

රුසියානු ලිංගික ක්‍රීඩා භාන්ඩ වෙළෙඳපොළට භාන්ඩ සපයන රුසියානු ජාතික ව්‍යාපාරිකයෙකු පවසා සිටියේ කොරොනා වෛරසය හේතුවෙන් ලිංගික ක්‍රීඩා භාන්ඩ අලෙවියද නොසිතූ ලෙස පහත බැස ඇති බවයි. එයට හේතුව ලෙස ඔහු පවසන්නේ ලිංගික ක්‍රීඩා භාන්ඩ නිෂ්පාදිත වලින් බොහෝ ගනනක් චීන නිෂ්පාදන හෝ චීනයේ අමුද්‍රව්‍ය මත නිපදවන ඒවා බවයි. කොරෝනා වෛරසයට ඇති කළ සමාජ භීතිකාව සහ ඒ ආශ්‍රිත පැතිරවූ කට කතා හේතුවෙන් සින්ගපූරුවේ සහ හොංකොං දේශයේ ජනයා කොන්ඩොම් අසීමාන්තිකව මිළදී ගැනීම හේතුවෙන් එරට සුපිරි වෙළෙඳසැල්වල බරපතල කොන්ඩොම් හිඟයක් දක්නට ලැබෙන බව මාධ්‍ය වාර්තා පවසයි. මෙවැනි තත්වයක් ඇතිකිරීමට අවශ්‍යය බොරුව පැතිරවීමට සමාජ මාධ්‍ය ජාල සුපිරි පිටිවහලක් වූ බව සමාජ විද්‍යාඥයෝ පවසති.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More