පුරවැසි කොලම

* ගානියා සහ දරීෂාගේ සබඳතා වසන් කිරීමට වෙබ් අඩවිකරුවන්ට තොරතුරු සපයන්නෝ දැඩි උත්සහයක නිරත වෙති
* ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ශ‍්‍රී ලංකාවට එරෙහි චෝදනා 7 ක්
* හිටපු ජනපති යුද අපරාධ චෝදනා නැතැයි පැවසුවත් යුද අපරාධ චෝදනා එල්ල වෙයි

* ගානියා ප‍්‍රැන්සිස් සිද්ධිය ස්විට්සර්ලන්තයට යයි

* දරිෂා බැස්ටියන්ගේ සැමියා කොළඹට කැඳවයි

* වසර 11 ක් ඇප නැතිව සිටින පොලිස් අධිකාරි ලක්‍ෂ්මන්කුරේද වැලිකඩදී ජනපති හමුවෙයි

43 වැනි ජිනීවා මානව හිමිකම් සැසිවාරය පෙබරවාරි 24 දා ආරම්භ වේ. මාර්තු 20 දා දක්වා පැවැත්වෙන මෙම සැසිවාරයේදී ශ‍්‍රී ලංකාවට අදාළ වාර්තා 2 ක් ප‍්‍රකාශයට පත්වන්නේ මාර්තු මස මැදභාගයේදීය. එහෙත් ශ‍්‍රී ලංකාව ඊට සූදානම් වී සිටින්නේද?

එසේම 2019 පෙබරවාරි මස යහපාලන රජය කි‍්‍රයාත්මක වන සමයේ හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනි යස්මින් සුකා වන්නි මෙහෙයුමේ නිලධාරීන් 59 කට එරෙහිව යුද අපරාධ චෝදනා ගොනුකර වාර්තාවක් මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කළාය. ඒ වනවිට හිටපු විදේශ ඇමැති මංගල සමරවීර මුළු හමුදාවම බටහිර රටවලට පාවාදෙමින් 30/1 ජිනීවා යෝජනාවට සමඅනුග‍්‍රහය ලබාදීමට එකඟ වී තිබුණි.

ara2ඉන් සිදු වූයේ යුද අපරාධ චෝදනා පිළිගැනීමයි. මේ අනුව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න, ජගත් ඩයස්, ප‍්‍රසන්න අල්විස්, චාගි ගාල්ලගේ සත්‍යපි‍්‍රය ලියනගේ, අනුර ගුණවර්ධන, සංජය වනිගරත්න, සංජය බන්සජයා ඇතුළු නිලධාරීහු 59 ක් යුද අපරාධකරුවන් ලෙසට මානව හිමිකම් කවුන්සිලයේ සටහන් වීමයි.

මේ පසුබිම මැද මේ කිසිදු නිලධාරියකුට මෙරටින් විදේශගත වීමට නොහැකි වේ. එහිදී මානව හිමිකම් කවුන්සිලය සර්වලෝක නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස සාමාජික රටවල් 47 ක් ඉල්ලා තිබුණි. එසේ වුවත් මේ නීතිය ඉන්දියාව, පාකිස්තානය, රුසියාව, චීනය, සිංගප්පූරුව ඇතුළු ආසියානු රටවලට බලනොපැවැත්වේ.

එහෙත් යුරෝපා රටවල් ඇතුළු බටහිර රටවල්වල සර්වලෝක නීතිය කි‍්‍රයාත්මක වන අතර එම රටවලදී අත්අඩංගුවට ගැනීමේ ඉඩකඩ තිබේ. මෙවන් තත්ත්වයක් මැද රජයේ බලධාරීන් හා විදේශ කටයුතු බලධාරීන් වන්නි මෙහෙයුමේ හමුදා නිලධාරීන්ට එරෙහිව දියත්වී ඇති මේ තහනම ඉවත්කරගැනීමට මෙතෙක් කි‍්‍රයාකර නැත.

යස්මින් සුකා සාවi සාක්‍ෂි මත මෙම හමුදා නිලධාරීන්ට චෝදනා කර ඇතත් අද වනතෙක් මානව හිමිකම් කවුන්සිලය පරීක්‍ෂණ පැවැත්වීමට කි‍්‍රයාකර නැත.

එහෙත් යහපාලන රජය 30/1 යෝජනාවේ කරුණු 9 ක් ඉටුකිරීමට එකඟ විය.

මෙහි දැක්වෙන්නේ එම කරුණුයි.

1. කාලානුරූපී අධිකරණ කි‍්‍රයාවලියක් සඳහා පුළුල් ජාතික උපදේශකත්වයක් ලබාදීම

2. සත්‍ය නීතිය හා සංහිඳියාව සහ යළි ගැටුම් ඇති නොවීමට කොමිසමක් පත්කිරීම

3. අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයක් ස්ථාපිත කිරීම

4. වන්දි ගෙවීමේ කාර්යාලයක් ස්ථාපිත කිරීම

5. අධිකරණ යාන්ත‍්‍රණයක් පිහිටුවීම

6. අධිකරණ සහ නීතිමය ආයතන මෙහෙයවීමට අවංකව සහ අපක්‍ෂපාතී පිරිසක් මෙහෙයවීම

7. හයිබි‍්‍රඞ් අධිකරණයක් ස්ථාපිත කිරීම ජාත්‍යන්තර විනිසුරුවරුන් නීතිවේදීන් සහ විමර්ශකයන් ඒකාබද්ධ කිරීමේ විශේෂ නීති සම්පාදනය කිරීම

8. අධිකරණ කි‍්‍රයාවලිය සඳහා ජාත්‍යන්තරයෙන් තාක්‍ෂණික සහාය ලබාගැනීම මෙකී යෝජනා ගැන එවකට විපක්‍ෂ නායකව සිටි මහින්ද රාජපක්‍ෂ පැවසුවේ මෙරට ආරක්‍ෂක හමුදා නිලධාරීන්ට හා දේශපාලන ප‍්‍රධානීන්ට විදේශ රටවල සංචාරය කිරීමේදී ගෝලීය අධිකරණ බලය කි‍්‍රයාත්මක වීම නිසා විශාල අපහසුතාවන්ට මුහුණදීමට සිදුවන බවයි.

මේ ප‍්‍රකාශය ගැන එදා මුදල් ඇමැතිව සිටි මංගල සමරවීර සඳහන් කළේ ශ‍්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වී නැති බවයි.

එසේම නේපාලයට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් වී නොතිබූ අවස්ථාවක බි‍්‍රතාන්‍යයේදී නේපාල හමුදාවේ කර්නල්වරයකු අත්අඩංගුවට ගනු ලැබුවේ කෙසේද?

මෙවන් තත්ත්වයක් මැද යහපාලන රජය සහ හිටපු ජනපති මෛත‍්‍රිපාල සිරිසේන ශ‍්‍රී ලංකා හමුදාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා ගැන නිසි අවධානය යොමුකර නොතිබුණි.

මානව හිමිකම් කවුන්සිලයේ (ධෂීඛ* වාර්තාවේ යුද අපරාධ වචනය සඳහන් වන්නේ නැතැයි හිටපු ජනපති තර්ක කළේය.

එහෙත් මානව හිමිකම් කවුන්සිල වාර්තාවේ ස්ථාන 37 ක යුද අපරාධ යන වචනය සඳහන් වී ඇත. වගන්ති 1281 කින් යුත් එම වාර්තාවේ වගන්ති 27 ක යුද අපරාධ වචනය පැහැදිලිවම සටහන් වී ඇති අතර නිර්දේශ 39 අතරින් 3 ක යුද අපරාධ යැයි දක්වා ඇත.

එම වගන්ති මෙසේයි.

2-6 – 70 – 90 ක90 (පසු සටහන් 190) පාද සටහන් (190-115-191 117-193 – 118 194-120 – 205 – 132 – 322 – 325 -659 675 – 938 – 1118 – 1116 – 1118 – 1119 – 1130 – 1135 1139 – 1141 1152 1154 (පාද සටහන් * 1209-1161-1169 සහ 1243 නිර්දේශ – 18 – 20 – 36

මින් 193 සහ 194 යන වගන්තිය යුද අපරාධ යන මාතෘකාව යටතේ 1243 වන වගන්තිය, ශ‍්‍රී ලංකාවේ යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ වලට එරෙහිව නීතිමය පියවර ගැනීම යන මාතෘකාව යටතේද දක්වා ඇත.

මේ හැර මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාව අනුව දක්වා ඇති චෝදනා යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ ගණයට වැටෙන අතර ඉන් තහවුරු වන්නේ කවුන්සිලයේ වාර්තාවෙන් ශ‍්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කර ඇති බවයි. මෙම මානව හිමිකම් කවුන්සිල වාර්තාව මගින් අන්තර්ජාතික නීති රීති දෙකක් යටතේ චෝදනා ගොනුකර තිබුණි.

එනම් චෝදනා 3 ක් අන්තර්ජාතික නීතිය (ෂ්‍යක්‍) යටතේද චෝදනා හතරක්

අන්තර්ජාතික මානව හිමිකම් නීතිය :ෂ්‍යඍඛ* යටතේද වේ.

ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ චෝදනා මෙසේය.

1. සිවිල් සමාජය සහ සිවිල් ආයතන සහ ඇතිවන යුද්ධයේ බලපෑම්
්ග අවිචාරවත් ලෙස බෝම්බ දැමීම ඉග රෝහල්වලට බෝම්බ දැමීම

2. යුද්ධය පැවැති කලාපයේ ජීවත්වූ සිවිල් ජනතාවට මානුෂීය ආධාර දීම ව්‍යර්ථ කිරීම

3. නීතිවිරෝධී මිනිස් ඝාතන

ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් නීතිය යටතේ චෝදනා

1. නිදහස් හිමිකම් උල්ලංඝනය – නීතිවිරෝධීව අත්අඩංගුවට ගැනීම

2. බලහත්කාරයෙන් අතුරුදන් කිරීම

3. වධහිංසා පැමිණවීම

4. ලිංගික අපරාධ

2015 බලයට පත් රනිල් මෛත‍්‍රිපාල යහපාලන රජය මෙම චෝදනා ප‍්‍රතික්‍ෂේප කිරීමට කි‍්‍රයාකළේ නැත.

ara3 එහෙත් ගෝලීය ශ‍්‍රී ලංකා සංසදය විරුවන්ගේ චිත්තිවාචකය නම්වූ විමර්ශන වාර්තාවක් මානව හිමිකම් කවුන්සිලයට යොමුකර එම චෝදනා ප‍්‍රතික්‍ෂේප කරනු ලැබීය.

රණවිරුවන් නිදහස් කරමින් 34 වැනි මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කළ මේ වාර්තාවෙන් පසු 2019 නොවැම්බර් මස වත්මන් රජය බලයට පැමිණියත් විදේශ කටයුතු අමාත්‍යාංශය එකී චෝදනාවලට ප‍්‍රතිචාර දැක්වීමට කි‍්‍රයාකළේ නැත.

ශ‍්‍රී ලංකාවට එරෙහිව මෙම චෝදනා කෙටුම්පත්වී ඇත්තේ දරුස්මාන් වාර්තාව මතය. එම වාර්තාව සම්පාදනය කිරීමට මුල්ව ති‍්‍රපුද්ගල මණ්ඩලයේ සාමාජිකාවක්වූ යස්මින් සුකා අද කොටි ඩයස්පෝරාව වෙනුවෙන් හමුදා ප‍්‍රධානීන්ට එරෙහිව සාවi වාර්තා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරයි.

එහෙත් මේ දක්වාම සුකාගේ බොරු වාර්තාවලට අභියෝග එල්ල කිරීමට රජය කි‍්‍රයාකර නොමැත.

මේ අතර ස්විස් තානාපති කාර්යාල සේවිකා ගානියා ප‍්‍රැන්සිස් සිද්ධියට සම්බන්ධව බවට රහස් පොලිසිය විසින් සොයාගත් යහපාලන රජයේ ඉංග‍්‍රීසි පුවත්පතක කතුවරියවූ දරිෂා බැස්ටියන් මෙතෙක් ශ‍්‍රී ලංකාවට පැමිණ නැත. ඇගේ සැමියා ස්විට්සර්ලන්තයේ ජිනීවා තානාපති කාර්යාලයේ සේවය කරයි. 2019 සැප්තැම්බර් මස ඔහුට එම පත්වීම දී තිබුණි.

දරිෂාගේ සැමියා ශ‍්‍රී ලංකාවට කැඳවා ඇතත් මේ දක්වාම ඔහු සහ බිරිය පැමිණ නැත.

මේ පසුබිම මැද ගානියා සහ දරිෂා අතර සිදුවූ කි‍්‍රයාදාමයන් වසන් කරලීමට වෙබ් අඩවිකරුවන් දැඩි උත්සාහයක නිරත වී ඇත.

මෙයට සමගාමීව දරිෂා කල්ලියට අයත් එම ඉංග‍්‍රිසි පුවත්පතේ තවත් වාර්තාකාරියකගෙන් රහස් පොලිසිය ප‍්‍රශ්න කර තිබේ.

එහෙත් 2019 වසරේ එම ඉංග‍්‍රීසි පුවත්පතින් දියත්වූ ගෝඨාභය විරෝධි මෙහෙයුම් නිරීක්‍ෂණය කළහොත් නඩු ගෙතීම සහ අපරාධ දුටු බවට දැක්වෙන ලෙසින් ලියූ ලිපිවලින් දියත්වූ කි‍්‍රයාවන් සනාථ වේ.

මේ පසුබිම මැද ස්විට්සර්ලන්තය ශ‍්‍රී ලංකාව පිළිබඳව අනුගමනය කරන දුෂ්ට පිළිවෙත සනාථ වේ.

1. කොටි කොඩිය මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ එසවීමට ඉඩදීම

2. ජනපති අගමැති හමුදාපති යුද අපරාධකරුවන් යයි සඳහන් වන ඡුායාරූප මානව හිමිකම් කාර්යාලය ඉදිරියේ ප‍්‍රදර්ශනය කිරීමට අවසර දීම

3. මානව හිමිකම් කවුන්සිලයට කොටි අපරාධකරුවන්ට ඒමට ඉඩකඩ සැලසීම

4. වන්නියට පැමිණ නැති කොටි ඩයස්පෝරාවේ තරුණ තරුණියන්ට මානව හිමිකම් සමුළුව ඇමතීමට ඉඩදීම

5. හිටපු එක්සත්ජාතීන්ගේ නිලධාරිනි යස්මින් සුකාගේ බොරු වාර්තා මානව හිමිකම් කවුන්සිලය පිළිගැනීම

6. ශ‍්‍රී ලංකාවේ හිටපු හමුදා නිලධාරීන්ට මානව හිමිකම් සමුළුව ඇමතීම සඳහා වීසා බලපත් නොදීම

7. අපි‍්‍රකානු රාජ්‍ය නොවන සංවිධාන භාවිත කරමින් ශ‍්‍රී ලංකාවට බොරු චෝදනා එල්ල කිරීමට අවසර දීම

එහෙත් ශ‍්‍රී ලංකාවේ යහපාලන රජය මානව හිමිකම් කවුන්සිලයේ ඒකපාක්‍ෂික බවට අභියෝග කළේ නැත. ඒ වෙනුවට ජනතාවගේ බදු මුදල් වලින් ඩොලර් 10000 ක් මානව හිමිකම් කවුන්සිලයට පරිත්‍යාග කළේය. මේ බව මෙරට ජනතාවට හෙලිනොවූවත් අපි එය අනාවරණය කළෙමු. මේ පසුබිම මැද ගානියා සිද්ධියට මැදිහත්වී සිටින යහපාලන රජයේ ඉංග‍්‍රීසි පුවත්පතේ කතුවරියගේ දේශපාලන සහ තානාපති සබඳතා තහවුරු වූයේ 2019

අගෝස්තු මස ශ‍්‍රී ලංකා කාන්තා නියෝජිත පිරිසක් හිටපු අධිකරණ ඇමැතිනි තලතා අතුකෝරාලගේ ප‍්‍රධානත්වයෙන් ජර්මනිය බලා යාමෙනි. මේ කාන්තා නියෝජිත කණ්ඩායමට සහභාගි වූ පිරිස අතර එන්. ජී. ඕ. කි‍්‍රයාකාරීන් වූ නිමල්කා ප‍්‍රනාන්දු, ෂෙරින් සරුර්ද විය. ඊට අමතරව දරිෂා බැස්ටියන් අම්බිකා සත්තුනනාදන්, ෂ්‍යාවාලා ගෝමස්, දීපිකා උඩගම යන කාන්තාවක්ද ඊට සම්බන්ධ විය.

ජර්මන් තානාපති කාර්යාලය මෙම ජර්මානු සංචාරය සංවිධානය කර තිබුණි. එහෙත් එවකට විපක්‍ෂය මේ ජර්මානු සංචාරය ගැන නිරීක්‍ෂණය කළේ නැත. මේ අතර හිටපු උතුරු මහ ඇමැති විග්නේෂ්වරන් හිටිහැටියේම පිහිටුවා ගත් තමිල් මක්කල් නැෂනල් ප‍්‍රන්ට් නමැති සංවිධානයේ ඉලක්කය 43 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව බව අනාවරණය වී ඇත.

2009 මැයි මස අවසන් වූ වන්නි මෙහෙයුමේදී අතුරුදන්වූ බව කියන ද්‍රවිඩයන් මියගොස් ඇතැයි ජනපති ගෝඨාභය රාජපක්‍ෂ එක්සත් ජාතීන්ගේ නියෝජිත හානා සිංහර් වෙත කළ ප‍්‍රකාශය විග්නේෂ්වරන් දැනටමත් ජිනීවා වෙත යොමු කර තිබේ.

මේ නිසා මෙවර මානව හිමිකම් සමුළුව වෙත විග්නේෂ්වරන්ගේ සංවිධානයේ ආනන්දි සසිතරන් ඇතුළු කණ්ඩායමක් යන බවට තොරතුරු ලැබී ඇත.

මේ වාතාවරණය මැද ඉන්දියාවේ නිල සංචාරයක යෙදුනු ශ‍්‍රී ලංකා අගමැති මහින්ද රාජපක්‍ෂ ඇමතූ ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි 13 ් බලය බෙදීම කි‍්‍රයාත්මක කරන ලෙස ඉල්ලා තිබේ.

මෙරට ජනතාව ජනපති ගෝඨාභය රාජපක්‍ෂට අතිවිශාල ඡුන්ද සංඛ්‍යාවක් ලබාදුන්නේ මෝදිගේ ඉල්ලීම ඉටුකිරීමට නොවේ. ඉන්දියාව මෙරටට බලෙන් ඇතුළු කළ පළාත් සභා ක‍්‍රමය නිසා රටේ ජනතාවට එම පළාත් සභා නඩත්තු කිරීමට අතිවිශාල මුදලක් ගෙවීමට සිදුවී ඇත.

මේ අතර ශ‍්‍රී ලංකා රජයේ ආර්ථික සංවර්ධනය සඳහා ඩොලර් මිලියන 39.2 ක් ලබාදීමට ඇමරිකානු රජය ඉදිරිපත් විය. එසේම ශ‍්‍රී ලංකාවේ හමුදා පුහුණු සහ අධ්‍යයන කටයුතු සඳහා තවත් ඩොලර් 900000 ක් ලබාදීමටද යෝජනා වී ඇත.

මේ අරමුදල් සපයන්නේ ඇමරිකානු සී අයි ඒ සංවිධානයට සම්බන්ධ යූ. එස්. ඒඞ් සංවිධානයයි.

වොෂින්ටන් නුවරදී ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය වූ ඇලිස් වෙල්ස් මෙලෙස පවසා තිබුණි.

‘‘ශ‍්‍රී ලංකාව යනු ඉන්දු පැසිෆික් කලාපයේ වස්තුවයි.’’

එසේ නම් ඇමරිකානු රජය මෙලෙස අරමුදල් සපයන්නේ මේ වස්තුව රැුකගැනීමටද එසේත් නැතිනම් ඉන්දු පැසිෆික් උපාය මාර්ගික වැඩපිළිවෙල සඳහා ශ‍්‍රී ලංකාව ගොදුරු කරගැනීමටද?

මෙවන් පසුබිමක් මැද කොටි හිතවාදී සංවිධාන 11 ක් බි‍්‍රතාන්‍යයේ කිනිමිනි කුලී සොල්දාදුවන් සපයන සමාගම ශ‍්‍රී ලංකාවේ ද්‍රවිඩයන් ඝාතනය කිරීමට කි‍්‍රයාකළ බවට දක්වමින් විමර්ශනයක් පවත්වන ලෙස බි‍්‍රතාන්‍ය රජයෙන් ඉල්ලා ඇත.

කිනිමිනි සමාගම මෙරටට පැමිණියේ ජේ. ආර්. ජයවර්ධන මෙරට පාලනය කරන සමයේයි. පිහිල් මිලර් නමැති ලේඛකයකු රචිත ග‍්‍රන්ථයට එම තොරතුරු අඩංගු වන බව කොටි හිතවාදීහු තවදුරටත් ප‍්‍රකාශ කර තිබේ.

මේ අතර ස්විස් වීසා නිලධාරිනිය පැහැර ගත්තැයි කියන සිද්ධිය ගැන රහස් පොලිසිය පසුගිය 11 දා අධිකරණයට තොරතුරු වාර්තා කර තිබුණි.

මෙම සැකකාරියගේ ජංගම දුරකථන විශ්ලේෂණ වාර්තාවට අනුව හෙලිවූ දුරකථනයට අදාලව රජයේ මාධ්‍ය ආයතනයක සේවය කරන අනුරංගි පි‍්‍රයංවදා සිං නැමැත්තියගෙන් ප‍්‍රකාශයක් සටහන්

කරගැනීමටද කි‍්‍රයාකර ඇත.

මෙලෙස ගානියා ප‍්‍රැන්සිස් නැමැත්තිය පිළිබඳ සියළු තොරතුරු රහස් පොලිසිය

සොයාගැනීමත් සමඟ ලන්ඩන් නුවර සිට කි‍්‍රයාත්මක වන වෙබ් අඩවියක් දැඩි කලබලයට පත්විය.

මේ වෙබ් අඩවිය මෙහෙයවන්නා පැවසුවේ රහස් පොලිසිය විසින් ගානියා ප‍්‍රැන්සිස් සිද්ධියට රජයේ ඉංග‍්‍රීසි පුවත්පතක කතුවරිය වූ දරිෂා බැස්ටියන් පැටලවීමට සැලසුම් කරන බවයි.

එසේම රහස් පොලිස් නිලධාරීන් පසුගිය 21 දා අධිකරණයෙන් පිටතදී මාධ්‍ය අමතමින් දරිෂාගේ සැමියා වූ ගෙහාන් ඉන්ද්‍රගුප්ත විසින් රහස් පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වාට ස්විට්සර්ලන්තයට යෑමට සහය වී ඇතැයි කියා සිටි බව එම වෙබ් අඩවිකරුවා ප‍්‍රකාශ කර ඇත.

මේ ගැන රහස් පොලිස් ආරංචි මාර්ග පැවසුවේ එම ප‍්‍රකාශය සාවi බවයි. දරිෂාගේ සැමියා වූ ඉන්ද්‍රගුප්ත 2019 සැප්තැම්බර් මස සිට ජිනීවා ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කරයි.

මේ පසුබිම මැද ආරංචි මාර්ග පැවසුවේ රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන් සහ ඔවුන්ට සම්බන්ධ මාධ්‍ය පාර්ශද ස්විස් තානාපති කාර්යාලයට සම්බන්ධ වූ අතරමැදියන්ද ගානියා දරීශා, නිශාන්ත සිල්වා සහ ශානි අබේසේකර සම්බන්ධයෙන් හෙලිවන තොරතුරු මාධ්‍යවලින් වසන් කිරීමේ දැඩි උත්සාහයක නිරත වී ඇතැයි රජයට වාර්තා වී ඇත.

මේ තත්ත්වය යටතේ 43 වැනි ජිනීවා මානව හිමිකම් සැසි වාරයේදී තවත් කොටි හිතවාදී කණ්ඩායම් 17 ක් ශ‍්‍රී ලංකාවට සහ ජනපති

ගෝඨාභය රාජපක්‍ෂට එරෙහිව සාවi තොරතුරු ඉදිරිපත් කිරීමට සූදානම් වී සිටිති.

එහෙත් මෙරට විදේශ කටයුතු බලධාරීන් ඊට ප‍්‍රතිචාර දැක්වීමට සූදානම් වී සිටීද? යහපාලන රජය සමයේ ජිනීවාහි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාල බලධාරීන්ට රට වෙනුවෙන් කොටි ඩයස්පෝරාවට එරෙහිව විරෝධතා දැක්වීමට සහ කොටින්ගේ සාවi ප‍්‍රකාශ වලට ප‍්‍රතිචාර දැක්වීමට පැමිණි දෙස් විදෙස් ශ‍්‍රී ලාංකිකයන් වහකදුරු විය.

කොටින්ට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය තුළ සමාන්තර රැුස්වීම් පැවැත්වීමට කටයුතු කරන අවස්ථාවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් දේශපාලන පත්වීමක් ලත් ඔත්තුකරුවකු ද එවා තිබුණි.

එසේම දේශපේ‍්‍රමී ශ‍්‍රී ලාංකිකයන්ට තානාපති කාර්යාලයේ සහය ලැබුණේ නැත. ජිනීවාහි තානාපති වෙනස් වුවත් එදා යහපාලන රජය යටතේ අරක්ගෙන සිටි නඩය තවදුරටත් තානාපති කාර්යාලයේ සිටිති. මේ පාර්ශව වෙතින් රටට යහපතක් බලාපොරොත්තු විය හැකිද?

ජනපති ගෝඨාභය රාජපක්‍ෂ පසුගියදා වැලිකඩ රඳවා සිටින සිරකරුවන් පිළිබඳ නිරීක්‍ෂණය කිරීමට කි‍්‍රයාකළේය. එහිදී සිරකරුවන්ගේ දුක්ගැනවිලි විමර්ශනය කිරීමට කමිටුවක් පත්කරන බවද පවසනු ලැබීය. මේ කමිටුව හිටපු විනිසුරුවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පත්කළ යුතු යයි සිරකරුවන්ගේ අදහස වී ඇත.

මෙම සිරකරුවන් අතර ත‍්‍රස්තවාදී සැකකරුවන්ද වේ. මේ සිරකරුවන් අතර වසර 11 ක් ඇප නැතිව සිටින පොලිස් අධිකාරි ලක්‍ෂ්මන් කුරේද වේ.

කීර්ති වර්ණකුලසූරිය

දිවයින ඉරිදා



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කොරෝනා පාලනයේ කියුබාව පරමාදර්ශය – පරීක්ෂණ වැඩි කිරීමෙන් රෝගය පාලනය කළ හැටි – ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය

ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් භාගයකට ප්‍රමාණයක් වාසය කරන එහෙත් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් මෙන් දෙගුණයකට වැඩි සංචාරකයින...


Read More

දිස්ත්‍රික්ක 18 ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර , යාපනය දිස්ත්‍...


Read More

තම සන්තකයේම තිබුණු රුපියල් 200න් 100ක් දීලා කොරෝනා නිසා අසරණ වූ අයට උදව් කරන්න කියපු උතුම් අම්මා (Video)

මේ දවස්වල ඇඳිරි නීතියත් එක්ක එදා වේල හම්බකරගෙන කාපු බීපු මිනිස්සුන්ට මේක බොහොම අමාරු කාලයක් කියන එකනම් අමුතුවෙන් කියන්න දෙයක් නොවෙයි. මහ...


Read More