විදේශ පුවත්

හුවායි ඇතුළු අනෙකුත් චීන ඉලෙක්ට්‍රොනික සමාගම් අමෙරිකාව තුළ “ට්‍රෝජන් අශ්වයෙකු” ලෙස කටයුතු කරන බව අමෙරිකානු රාජ්‍යය ලේකම් මයික් පොම්පෙයෝ මහතා ප්‍රකාශ කරයි. චීන ඉලෙක්ට්‍රොඉනික සමාගම් වලට එරෙහිව අමෙරිකානු රාජ්‍යය ලේකම්වරයා එල්ල කළ නවතම වාග් ප්‍රහාරය මෙය බව විදෙස් විත්ති විචාරකයෝ පවසති.

ජර්මනියේ මියුනිච් නුවර පැවති ආරක්ෂක සමුළුවක් අමතමින් වත්මන් ලෝකයේ ආරක්ෂාවට වැඩිම තර්ජනය ඇත්තේ කුමකින්ද යන කාරනය සම්බන්ධයෙන් තම මතය ඉදිරිපත් කරමින් ඔහු “හුවායි ඇතුළු චීන රාජ්‍යයේ සම්බන්ධතා තිබෙන තාක්ෂණික සමාගම් චීන බුද්ධි අංශ සඳහා ට්‍රෝජන් අශ්වයන් ලෙස කටයුතු කරනවා” යැයි පැවසීය.

අමෙරිකානු රාජ්‍යය ලේකම්වරයාගේ මනෝභාවයම ප්‍රතිබිම්බගත කරමින් අමෙරිකානු ආරක්ෂක ලේකම් මාක් එස්පර් මහතා මියුනිච් සමුළුවේදී පවසා සිටියේ මිත්‍ර පාර්ශවයේ සමාගම් හෝ අමෙරිකානු සමාගම් චීන ඉලෙක්ට්‍රොනික තාක්ෂණ සමාගම් සමඟ කරට කර තරඟයක් දිය හැකි තමාගේම තාක්ෂණයක් නිර්මාණය කරනු දැකීම වොෂින්ටනයේ අභිප්‍රාය බවයි.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More