විදේශ පුවත්

අධික ශීතල දේශගුණයක් පවතින අයිස් ග්ලැසියර්වලින් සමන්විත ඇන්ටාක්ටිකා අර්ධද්වීපයට අයත් සීමෝර් දූපතේ උෂ්ණත්වය ඉතිහාසයේ ප‍්‍රථම වතාවට සෙල්සියස් අංශක 20.75ක් දක්වා ඊයේ (14දා) දිනයේ ඉහළ ගොස් තිබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඇන්ටාක්ටිකාවේ මේ සා ඉහළ උෂ්ණත්වයක් ඉතිහාසයේ මෙයට පෙර වාර්තා වී නොතිබුණු බව බ‍්‍රසීල ජාතික විද්‍යාඥයකු වන කාලෝස් ෂෙෆර් ප‍්‍රංශ පුවත් සේවයට පවසා ඇත.

ඇන්ටාක්ටිකා අර්ධද්වීපයේ උෂ්ණත්වය ඉකුත් සතියේ ද සෙල්සියස් අංශක 18.3 ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර කාලගුණ සංවිධානයට අනුව ගෝලීය උණුසුම වැඩි වීම හේතුවෙන් ඉකුත් වසර 50 ක කාලයේදී ඇන්ටාක්ටිකාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 3 කින් වර්ධනය වී තිබේ. එම කාලයේ දී ඇන්ටාක්ටිකාවේ බටහිර පෙදෙසෙහි පවතින ග්ලැසියර්වලින් සියයට 87 ක්ම දිය වීමේ තත්ත්වය සිදු වෙමින් පැවැති බවත් ඉකුත් වසර 12 ක කාලයේදී ගෝලීය උණුසුම නිසා මෙම ග්ලැසියර් දියවීමේ තත්ත්වය වැඩි වී ඇති බවත් එම සංවිධානය කියයි.

ඉකුත් ජනවාරි මාසය ඇන්ටාක්ටිකාවේ අධික උෂ්ණත්වයක් පැවැති මාසය ලෙස හැඳින්වෙන අතර මේ අයුරින් අයිස් ග්ලැසියර් දියවීම සිදු වුණහොත් ඉදිරි ශත වර්ෂවලදී ජාත්‍යන්තර මුහුදු මට්ටම මීටර් 3 කින් එනම් අඩි 10 කින් පමණ ඉහළ යෑමේ අවදානමක් පවතින බව විද්‍යාඥයෝ අනතුරු අඟවති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More