දේශීය පුවත්

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් විදේශ මෙහෙයුම් සහ ආශ්‍රිත වැඩසටහන් විසර්ජන පනතේ 7031 (ඇ) වගන්තිය යටතේ නියම කර ඇති පරිදි, ශ්‍රී ලංකා යුද හමුදාවේ වත්මන් අණදෙන නිලධාරී සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නම් කර ඇත. ඒ අනුව ඔහුට හෝ ඔහුගේ පවුලේ අයට ඇමරිකාවට ඇතුල් වීම තහනම් කර තිබේ. පෙබරවාරි 14 සිකුරාදා ඇමරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ විසින් නිකුත් කළ නිවේදනයේ මේ බව සඳහන්.

2009 දී ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසන් අදියරේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 58 වන සේනාංකය විසින් සිදුකරන ලද බවට ඇමරිකාව විසින් කියනු ලබන “මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, එනම් නීති විරෝධී ඝාතන” සම්බන්ධයෙන් අණ දීම සඳහා ඔහු සම්බන්ධ බවට ඇමරිකාව චෝදනා කර තිබේ.

ඉහත කී ඇමරිකානු පනතේ 7031 (ඇ) වගන්තිය මගින් විදේශ රටවල නිලධාරීන් මානව හිමිකම් උල්ලංඝනය කිරීමකට හෝ සැලකිය යුතු දූෂණයකට සම්බන්ධ බවට ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාට විශ්වාසදායක තොරතුරු තිබේ නම්, එම පුද්ගලයින් සහ ඔවුන්ගේ ආසන්නතම පවුලේ සාමාජිකයන් එක්සත් ජනපදයට ඇතුළුවීමට නුසුදුසු බවට තීරණය කර එවැනි නිලධාරීන් සහ ඔවුන්ගේ ආසන්නතම පවුලේ සාමාජිකයන් ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව නම් කිරීම රාජ්‍ය ලේකම්වරයාට නීතියෙන් බලය හිමි වී තිබේ. ඒ අනුව ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට අමතරව, ඔහුගේ ආසන්නතම පවුලේ සාමාජිකයින් ද දෙපාර්තමේන්තුව විසින් නම් කරනු ලැබ ඇත.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන පරිදි එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් සංවිධාන විසින් නම් කර ඇති ශවේන්ද්‍ර සිල්වාට එරෙහි මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා බරපතල හා විශ්වසනීය බව ඔවුන් කියා සිටී. ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ඇමරිකාව මෙවැනි පියවර ගැනීම මගින් ගෝලීය වශයෙන් මානව හිමිකම් කෙරෙහි ඇමරිකාව දක්වන වැදගත්කම, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන් සඳහා දඩුවම් නොලැබීම පිළිබඳ ඇමරිකාවේ සැලකිල්ල මෙන්ම එවැනි ක්‍රියාවන්හි යෙදෙන අය සඳහා වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා ඇමරිකාවේ සහයෝගය පිළිබඳ අවධාරනය කෙරෙන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කියා සිටී.

මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම, යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම, ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණය කරමින් ඉදිරියට ගෙනයාම සහ යුක්තිය හා සංහිඳියාව ඇති කිරීම සඳහා වන අනෙකුත් කැපවීම් තහවුරු කරන ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බවද ඇමරිකානු රාජ්‍ය දෙපාර්තාමේන්තුව කියා සිටී.

ශ්‍රී ලංකා රජය සමඟ ඇමරිකාවේ හවුල්කාරිත්වය සහ ශ්‍රී ලාංකික ජනතාව සමඟ ඇමරිකාව බෙදා හදා ගන්නා දිගුකාලීන ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය බෙහෙවින් අගය කරන බවද මේ සම්බන්ධයෙන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික සම්බන්ධතාවය ශක්තිමත් කිරීමට සහ වර්තමාන හා මතුවෙමින් පවතින තර්ජනවලට මුහුණ දීම සඳහා එහි ආරක්ෂක අංශ නැවත සකස් කිරීමට උදව් කිරීමට කැපවී සිටින බවද ඔවුන් කියා සිටී.

ලොව පුරා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන් සිදු වූ විට හෝ ඒවා සිදුකළේ කවුරුන්ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා එක්සත් ජනපදය සුදුසු පරිදි තම හැකියාවන් සහ බලධාරීන් දිගටම භාවිතා කරනු ඇති බවද කියා සිටී. ශවේන්ද්‍ර සිල්වා සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගය තුළින් අවධාරණය කරනුයේ මානව හිමිකම් සඳහා සහයෝගය දැක්වීම, වැරදිකරුවන්ට වගවීම ප්‍රවර්ධනය කිරීම සහ සාමකාමී, ස්ථාවර සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සඳහා ප්‍රතිසන්ධානය දිරිමත් කිරීම බවද ඔවුන් කියා සිටී.

– rivira

එම නිවේදනය පහතින්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More