දේශීය පුවත්

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පෙබරවාරි 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

අද අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබු රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

එහිදී පෙබරවාරි 17 දින දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

අද අලුයම දිවයිනට පැමිණි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගනු ලැබුවේ මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළවයි.

===========================================================

උදයංග වීරතුංග කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගනු ලැබු රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

අද අලුයම දිවයිනට පැමිණි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

ඒ, මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළවයි.

ඒ අනුව වීරතුංග මහතාගෙන් පැය කිහිපයක් ප්‍රශ්න කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

විදේශගතව සිටි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අද අලුයම 4.37 ට ඕමානයේ මස්කට්හි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් 208 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

එහිදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

ඒ මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලැබු විමර්ශනයකට අදාළවයි.

එලෙස අත්අඩංගුවට පත්වූ උදයංග වීරතුංග මහතා අද පස්වරු 6.40ට පමණ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

මිග් යානා මිලදී ගැනීමේ දී වංචාවක් සිදුකල බවට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පසුගිය රජය සමයේ සිදුකළ විමර්ශනයකට අදාළව උදයංග වීරතුංග මහතා සැකකරුවෙකු ලෙස නම් කර තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More