දේශීය පුවත්

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා 2014 කාලයේ ධීවර අමාත්‍ය ධූරය දරන වකවානුවේ මෙරට ධීවර කර්මාන්තය කඩාවැට්ටවීමේ කුමන්ත්‍රණයක් හරහා වසරකට රුපියල් කෝටි 1800ක පමණ පාඩුවක් සිදු කර ඇති බව හෙළිදරව් වී තිබේ.

රජයට හානි සිදු කිරීමේ අරමුණ ඇතිව යුරෝපා සංගමය හඳුන්වා දී තිබූ නිර්දේශ ක්‍රියාත්මක නොකරමින් සහ ඔහුගේම ව්‍යාපාරයක් ආරම්භ කර මෙරටට ලැබීමට තිබු ආදායම් නැති කරමින් ධීවර කර්මාන්තයට මෙම අලාභය සිදුකර ඇත.

රාජිත සේනාරත්න මහතා නැව් කිහිපයක් මිලට ගෙන එම නැව්වලට මුහුදේ දී මාළු මිල දී ගනිමින් එම මාළු ගොඩබිමට නොගෙනවිත් මුහුද මැදදී විදෙස් ව්‍යාපාරිකයන්ට විකිණීම මෙම ජාවාරම මඟිනි සිදු කර ඇති බවද හෙළිදරව් වී ඇති බව ධීවර අමාත්‍යාංශයපවසයි.

රාජිතගේ මෙම මුහුද මැද සිදුවූ ජාවාරම නිසා මෙරටින් විදෙස් රටවලට මාළු අපනයන කරන ව්‍යාපාරිකයන් හතළිහකට ආසන්න පිරිසකගේ ව්‍යාපාර සම්පුර්ණයෙන් ම කඩා වැටී එම ව්‍යාපාර වැසි ගොස් තිබූ බවද පැවසේ. මෙම ව්‍යාපාරය හරහා රාජිත සේනාරත්න මහතාට රුපියල් කෝටි ගණන් ආදායම් ලැබී යද්දී මෙරට ධීවර කර්මාන්තය හරහා රටට ආදායම් ලබා දෙන සහ විදේශ විනිමය උපයා දෙන පිරිසගේ ආදායම් සම්පූර්ණයෙන් ම කඩා වැටී ගොස් ඇත.

එවකට පැවැති රජයට සියලු කරුණු වසන් කර ඉතාමත් සූක්ෂම ලෙස ධීවර කර්මාන්තය කඩා වැටීමට ලක්කර මේ ආකාරයෙන් රජයට විශාල හානියක් සිදු කර ඇති රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා රජයට තවත් පැත්තකින් ආදායම් ලබා දෙන ධීවර සංස්ථාව වැසී යන තත්ත්වයට කරුණු කාරණා සිදු කර ඇති බවද අමාත්‍යාංශය තවදුරටත් කරුණු හෙළිදරව් කරයි.

ඒ අනුව ධීවර සංස්ථාවට එන මාළුවලින් සෑම වසරකම සිංහල අවුරුද්දට පාර්ලිමේන්තුවේ සිටින 222ක් පමණ වූ සාමාජිකයන්ට මිල ඉහළ තෝරු තලපත් කෙලවල්ලා ඉස්සා ඇතුළු මාළු කිලෝ ගණන් සහිත විශාල පෙටිටිය බැගින් ලබා දීමටත්, තමාට හිතවත් රජයේ නිලධාරීන් පෞද්ගලික අංශවල පිරිසටත් ඇතුළු රුපියල් කෝටියක පමණ මාළු ත්‍යාග වශයෙන් යැවීමටත් මේ ආකාරයෙන් ම දෙසැම්බර් නත්තල් කාලයටත් ඇතුළු තම හිතවතුන්ගේ විවිධ අවශ්‍යතා සඳහා ද මාළු පෙට්ටි පිටින් යැවීම සිදුකර ඇත.

මෙම වියදම ධීවර සංස්ථාවට දැරිය නොහැකි තරම් බරක් වූ අතර ඉන් ධීවර සංස්ථාවට ලාභයටත් වැඩි වියදමක් දැරීමට සිදුවිම නිසා ධීවර සංස්ථාව පාඩු ලබන ආයතනයක් බවට පත් වී ඇත.

රාජිත සේනාරත්න මහතගේ මෙම සූක්ෂම වැඩ පිළිවෙළ නිසා යුරෝපා රටවල් අතර අංක එකට අපේ මාළුවලට තිබුණු තැන මාලදිවයිනට ලැබෙන තරම් දුරට ක්‍රියාත්මක වී ඇති බවද වාර්තා වෙයි.

යුරෝපා සංගමය මෙරට ධීවර කර්මාන්තය තවදුරටත් වැඩි දියුණු කිරීම පිණිස කරුණු කිහිපයක් හඳුන්වා දී තිබුණි.

එනම් මුහුදු යන බහුදින යාත්‍රාවලට ජී. පී. එස්. තාක්ෂණ උපකරණ සවිකිරීම, දිනපතා ලබා ගන්නා මාළුවල දත්ත ක්‍රමයක් පවත්වා ගෙන යාම, මාළු අපනයනය සඳහා හොඳම මාළු ගණනාවක් නිර්දේශ කිරීම, ජාත්‍යන්තර මුහුදු සිමාවන්ට පිටස්තර ධීවරයන්ගේ පැමිණීම වැළැක්වීමට පියවර ගැනීම මේ ආකාරයෙන් ධීවර කර්මාන්තයේ දියුණුවට යුරොපා සංගමයෙන් හඳුන්වා දී තිබූ එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම ඇමැතිවරයා වළක්වාලීම නිසා යුරොපා සංගමය ගත් තීරණ නිසා කාලයක්තිස්සේ මෙරට ධීවර කර්මාන්තය සහ ජාත්‍යන්තරයේ අංක එකට සිටි මෙරට ධීවර කර්මාන්තයට විශාල හානියක් සිදු වී ඇත.

රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා එවකට පැවැති රජයට කරුණු වසන් කරමින් තම පුද්ගලික ධීවර ව්‍යාපාරයක් මුහුද මැද ආරම්භ කළ මාළු අපනයනය හොර රහසේ සිදු කිරීමත්, ධීවර සංස්ථාව පාඩු ලබන ආයතනයක් බවට පත් කිරීමත් ලෝකයේ ධීවර කර්මාන්තයට තිබු තැන නැති කිරීමත් නිසා මෙරට ධීවර කර්මාන්තයේ නියැලි විශාල පිරසකට ආදායම් නැති කර දැමිනි.

එසේම ධීවර ව්‍යාපාර විශාල ප්‍රමාණයක් වසා දැමීම නිසා ධීවර කර්මාන්තයට ගණනය කළ නොහැකි තරම් විශාල හානියක් සිදු කර ඇති බව ධීවර අමාත්‍යාංශය කරුණු අනාවරණය කරගෙන ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More