දේශීය පුවත්

නුවරඑලිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්විම එම කමිටුවේ සභාපති නුවරඑලිය දිස්ත්‍රික් පා.ම මුත්තුසිවලිංගම් මහතාගේ ප්‍රධානත්වයෙන් (13) දින උදැසන නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යයාලයේ අශ්චර්යය ශාලාවේදි පැවැත්විණ.

එම රැස්විමට ඉඩම් සහ ඉඩම් සංවර්ධන රාජ්‍යය අමාත්‍යය එස්.බි.දිසානායක , නුවරඑලිය දිස්ත්‍රික් පා.ම වි.රාධාක්‍රිෂ්ණන් මහතා සහ නුවරඑලිය දිස්ත්‍රික්කයේ පලාත් පාලන ආයතන වල සභාපතිවරුන් , නුවරඑලිය දිසත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා සහ රාජ්‍යය නිලධාරින් රැසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

මෙම රැස්විමේදි අඹේවෙල ප්‍රදේශයේ රජයේ ගොඩනැගිල්ලක වසර 20 පදිංචිව සිටින අයෙකු ඉවත් කිරිම සම්බන්ධයෙන් දිස්ත්‍රික් කමිටු සභාපතිවරයා සහ රාජ්‍යය අමාත්‍යය එස්.බි.දිසානායක මහතා අතර ඇති වු සංවාදයකට මැදිහත් වු නුවරඑලිය ප්‍රාදේශිය සභාවේ සභාපති වේලු යෝජරාජන් මහතා ද එම ඉඩම් ගැටළුව සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශයට පත් කිරිමට යාමේදි රාජ්‍යය අමාත්‍යය එස්.බි.දිසානායක මහතා සභාපතිවරයාට ( තමුසේ වාඩි වෙනවා යනුවෙන් ප්‍රකාශ කිරිමත් සමගම ) ලංකා කම්කරු කොන්ග්‍රසයේ පලාත් පාලන ආයතන සභාපතිවරුන් සහ රාජ්‍යය අමාත්‍යය එස්.බි.දිසානායක මහතා අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.

එම උණුසුම් තත්ත්වයෙන් අනතුරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති මුත්තු සිවලිංගම් මහතා සහ ලංකා කම්කරු කොන්ග්‍රසය නියෝජනය කරන පලාත් පාලන ආයතන වල නියෝජිතයන් රැස්විම වර්ජනය කරමින් රැස්විම් ශාලාවෙන් පිටතට පැමිණ ඇත.

නුවරඑලිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරයා සහ පලාත් පාලන ආයතන වල සභාපතිවරුන් ඉවත් වි යාමෙන් පසු දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්විම රාජ්‍යය අමාත්‍යය එස්.බි.දිසානායක මහාතාගේ ප්‍රධානත්වයෙන් පවත්වාගෙන ගිය අතර එම ස්ථානයට යලිත් පැමිණි මුත්තු සිවලිංගම් මන්ත්‍රිවරයා දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්විම කල් තබන බව පවසමින් රැස්විම් ශාලාවෙන් පිටවි යාමත් සමග නුවරඑලිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්විම නතර කර රාජ්‍යය අමාත්‍යය එස්.බි.දිසානායක මහතා ඇතුළු නිලධාරින් රැස්විම් ශාලවෙන් පිටව ගොස් ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More