දේශීය පුවත්

මීගමුව කඩොලාන පද්ධතිය විනාශ කරමින් කී‍්‍රඩා පිටියක් ඉදිකිරීමට ගත් තීරණයකට එරෙහිව නැගී සිටිමින් නීතිය කි‍්‍රයාත්මක කිරීමට ඉදිරිපත් වූ ගම්පහ වන සංරක්‍ෂණ නිලධාරිනිය සමග ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් සමස්ත කැබිනට් මණ්ඩලයත් සිටින බව සම කැබිනට් ප‍්‍රකාශක උසස් අධ්‍යාපන, තාක්‍ෂණ සහ නවෝත්පාදන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

රටේ නීතිය නිවැරදිව කි‍්‍රයාත්මක කරවීම රජයේ වුවමනාව බව කී ඇමැතිවරයා, නීතිය කි‍්‍රයාත්මක කරන රාජ්‍ය නිලධාරීන් ආරක්‍ෂා කිරීමට කිසිවිටෙකත් ජනාධිපතිවරයා හා රජය පසුබට නොවන බවද සඳහන් කළේය.

කැබිනට් තීරණ දැනුම් දීම සඳහා ඊයේ (13 වැනිදා) රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවේ මතුවූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

රජයේ නිලධාරීන් කි‍්‍රයාත්මක විය යුත්තේ කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරයාගේ උපදෙස් අනුව බවද මෙහිදී ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

මීගමුව කඩොලාන පරිසරය විනාශ කරමින් ධීවර ගම්මානයක දරුවන් සඳහා කී‍්‍රඩා පිටියක් ඉදිකිරීම සඳහා වූ යෝජනාවක් පිළිබඳ රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතාගේ මූලිකත්වයෙන් පැවති රැස්වීමක් අතරතුර දසතින් වාග් ප‍්‍රහාර එල්ල වෙද්දී තමන් කටයුතු කරන්නේ නීතියට අනුව බව ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මිය නොබියව ප‍්‍රකාශ කළාය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

පොහොට්ටුවේ නායකයින් සෙසු පක්ෂ කොටු කරයි – සන්ධානය හැදුවත් ඡන්දය ඉල්ලන්නේ පොදුජන පෙරමුණ පක්ෂයෙන්

පොදුජන පෙරමුණේ නායකයින් පසුගිය 17 වැනි දින කඩිමුඩියේ එක් දිනක් ඇතුලත ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය නමින් දේශපාලන සන්ධානයක් හ...


Read More

අමෙරිකාව කෝරෝනා වසංගත තත්වයක් අභියස!

අමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලනය සහ නිවාරනය කිරීමේ මධ්‍යස්ථානය Centers for Disease Control and Prevention (CDC). පවසා සිටින්නේ න...


Read More

2021 මාර්තු වන තෙක් ජිනීවා යෝජනාවලියෙන් ඉවත් විය නොහැකියි… මානව හිමිකම් කවුන්සිල ආරංචි මාර්ග කියයි

2021 මාර්තු මස වන තෙක් ජිනීවා යෝජනාවෙන් ඉවත් විය නොහැකි බව මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග ඊයේ පැවසීය. එම යෝජනාව සම්මත වූවක් නිසා එල...


Read More