විදේශ පුවත්

ජර්මනියේ ප්‍රධාන ආරක්ෂක සහකරුවා වන අමෙරිකාව ලෝක සාමයට තර්ජනය කරන ජාතීන් අතර දෙවැනි ස්ථානයේ සිටින බව ජර්මානු පොදුජනයා විශ්වාස කරන බව ජර්මනියේ කරන ලද නවතම ජනමත සමීක්ෂණයකින් තහවුරු වී ඇති බව වාර්තාවේ.

ජර්මනියේ ක්‍රියාත්මක “අලෙන්ස්බාච් ඩිමෝස්කෝපි ආයාතනය” නිකුත් කර ඇති නවතම ආරක්ෂක වාර්තාවෙන් පවසා සිටින්නේ ජර්මානු ජනයගෙන් 60%කට වඩා වැඩි පිරිසක් අමෙරිකාව ලෝක සාමයට බරපතලම තර්ජනය ඇති කරන රටවල් අතර දෙවැනි ස්ථානයේ පසුවන බව විශ්වාස කරන බවයි. වාර්තාවට අනුව 66%ක් වූ ජර්මානු ජනයාගේ විශ්වාසය ලෝක සාමයට තර්ජනය ඇති කරන්නේ ඉරානය බවයි.ඒ අනුව ජර්මානු ජනයාගේ ලෝක සාමයට තර්ජනය ඇති කරන ජාතීන් අතර පළමු ස්ථානය ඉරානය හිමිකරගෙන සිටී.

බටහිර ජනමාධ්‍ය විසින් උතුරු කොරියාව සම්බන්ධයෙන් ඇතිකරන ප්‍රතිරූපයට සාපේක්ෂව ලෝක සාමයට තර්ජිත ලයිස්තුවේ තෙවැනි ස්ථානයට ජර්මානු ජනයා පත්කරනු ලබන්නේ උතුරු කොරියාවයි. ඒ 55%ක ජර්මානු ජනයාගේ විශ්වාසය තහවුරු කරගනිමිනුයි. ජර්මනියේ තවත් ආරක්ෂක සහකරුවෙකු වන තුර්කිය දෙස ජර්මානු ජනයා බලන්නේ හතරවන ස්ථානයට ලෝක සාමයට තර්ජනය කරන ජාතියක් හැටියටයි.

තුර්කියේ සිරියානු මැදිහත්වීම මෙම තත්වයට බලපා ඇති බව වාර්තාව පෙන්වා දෙයි. රුසියාව සහ චීනය පිළිවෙලින් 36%ක් සහ34%ක් ලෙස ලෝක සාමයට තර්ජිත ජාතීන් ලෙස ජර්මානු ජනයා වරගන්වයි.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More