විදේශ පුවත්

කොවිඩ් 19- (කොරෝනා) වෛරසය වැලඳුණ රෝගීන් චීන රජය විසින් ඝාතනය කරන බව දැක්වෙන වීඩියෝ පට කිහිපයක් සමාජ මාධ්‍ය ජාලා හරහා සංසරණය වන බවත් එම වීඩියෝ සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් චීන රජය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

මෙම සිදුවීම චීනයේ මානවීය ගුණයට එල්ලවූ ප්‍රහාරයක් බව එම නිවේදනයේ සඳහන්ය. වෛරසය සමග සටන් කිරීමට චීන රජය උපරිම සහ ඉහළම තීන්දු ගෙන ඇති බවත් රට පුරා එකොළොස් දහසකට අධික සෞඛ්‍ය වෘත්තිකයන් අදටත් සේවයේ නියුතු බවත් කියයි.

චීන රජය දින 10ක් ඇතුළත රෝහල් දෙකක් ඉදිකළ අතර ඇමරිකානු ඩොලර් මිලියන 10ක් රෝගය වැළැක්වීමට වෙන් කොට ඇති බව සඳහන් කර සිටී. චීනයේ සහ ලෝකයේ සියලුම ජනතාවගේ සෞඛ්‍ය ප්‍රවර්ධනයට සෑම විටම කැප වෙන බව වැඩිදුරටත් නිවේදනයේ සඳහන් කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More