ව්‍යාපාරික පුවත්

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ආනයනික ලොකු ලූනු කිලෝවක තොග මිල රුපියල් 80 ත් 100 ත් අතර මිලකින් හදිසියේ ඉහළ ගොස් ඇත.

ඒ අනුව රුපියල් 110 – 120 කට අලෙවි වූ හොලන්ඞ් රටෙන් ගෙන්වන ලද ලොකු ලූනු කිලෝවක් රුපියල් 190 – 200 අතර මිලකටද, රුපියල් 110 – 120 කට අලෙවි කළ පාකිස්තාන් රටෙන් ගෙන්වන ලද ලොකු ලූනු කිලෝවක් රුපියල් 230 දක්වාත්, ඊජිප්තුව රටෙන් ගෙන්වන ලද 120 ට අලෙවි කළ ලොකු ලූනු කිලෝව රුපියල් 190 දක්වා ද ඉහළ නංවා තිබේ.

මේ පිළිබඳව නම අනාවරණය කිරීමට අකමැති ලොකු ලූනු තොග ව්‍යාපාරිකයන් කියා සිටියේ ඉදිරි සති දෙක තුන කාලය ඇතුළත ඉන්දියාවෙන් ලොකු ලූනු ආනයනය කිරීමට හැකි වෙතැයි අපේක්‍ෂාවෙන් පාකිස්තානයෙන් හා හොලන්ඞ් රටෙන් ලොකු ලූනු තොග ඇණවුම් නොකිරීමට තොග ව්‍යාපාරිකයන් පෙළඹී සිටීම නිසාවෙන් බව පැවසීය.

ඊට හේතුව ලෙස ඔහු කියා සිටියේ පාකිස්තානයෙන් හා හොලන්ඞ් රටවලින් මෙරටට ලොකු ලූනු ගෙන්වීම සඳහා වර්තමාන මිල ගණන් යටතේ ඇණවුම් බාරදුන් පසු ඒවා නැව් ගතකර මෙරටට ළඟා වීමට මාසයකට වැඩි කාලයක් ගතවීමත්, වර්තමාන වෙළෙඳපොළ මිලට එසේ ඇණවුම් කර ගෙන්වීමෙන් පසු ඒ වනවිට ඉන්දියානු ලොකු ලූනු අඩු මිලකට මෙරට වෙළඳපොළට පැමිණ තිබීම නිසා පාඩු සිදුවිය හැකි තත්ත්වයක් මතුවිය හැකිවීම නිසා තොග වෙළෙඳුන් මෙම පියවර ගෙන ඇති බවයි.

මේ වනවිට මෙරටට ගෙන්වා ඇති ලොකු ලූනු තොග ආනයනකරුවන් විසින් මෙම තත්ත්වය ප‍්‍රයෝජනයට ගෙන මිල ඉහළ දමා ඇති බව ඔහු කියා සිටියේය.

ඒ අනුව ලොකු ලූනු කිලෝවක සිල්ලර මිල රුපියල් 240 ත් 260 දක්වා ඉහළ ගොස් ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More