පුරවැසි කොලම

හරියටම පසුගිය ජනාධිපතිවරණය දා මියගිය මාගේ මිතුරෙකු වූ ආචාර්ය සරත් ද අල්විස් සිරිසේන මහතා මෙයට වසර ගනනකට පෙර මතුගම ඔහුගේ වතුයායට වී ඔහු කරන පර්යේෂණ අතරට තවත් එක් බරපතල කටයුත්තක් පිලිබදව මාගේ අදහස් විමසා සිටියේය. ඒ පාම් තෙල් නිපදවන විට ඉතිරිවන අපද්‍රව්‍ය දිරාපත් කිරීමට ක්ශූද්‍ර ජීවීන් යොදා කරන විශේෂ පරීක්ෂණයක් පිලිබදවය. ඒ එම අප ද්‍රව්‍ය පහසුවෙන් දිරාපත් කිරීමට අපේ පරිසරයේ ජීවීන්ට සාමාන්‍ය ලෙසට නොහැකි බැවිනි. මතුගම ලිහිණියාව ආසන්නයේ පිහිටි පාම් තෙල් සමාගමක් මෙම පර්යේෂණය සදහා ඔහුට ආරාධනය කර තිබිණි. සමාගම් ඒ වන විට ඒවා පුත්තලම සිමෙන්ති කම්හල වෙත දැවීම සදහා යවමින් තිබුනි.පාම් තෙල් වගාව අපේ පරිසරයට සුදුසු යැයි පුන පුනා කියන කතා මේ දිනවල එලියට පැමිණෙනුයේ මීට දශක ගණනකට පෙර ඇකේෂියා , ඉයුකෙලිප්ටස් ,පයිනස් වගාවන් අපේ රටට ගැලපේ යයි පිට රටින් ව්‍යපෘති මුදල් ලබාගත් විශ්ව විද්‍යාල ඇදුරන් ප්‍රකාශ කල ලෙස්ටමය. .එහෙත් සුද්දන් මෙහි සිට ලන්ඩනයේ ලොක්කන් වෙත ලියා යවා ඇත්තේ මෙලෙසය .(අවසානයේ මෙලෙස ලියා ඇත්තේ 1923 දී බව සටහන් වලින් පෙනේ.)

“වෙල්ලස්ස ප්‍රදේශයේ ඇති කුඹුරු වලින් මුළු රටටටම අවශ්‍ය සහල් නිපදවිය හැක.එසේ වන තරමට තවත් කැරැල්ලක් අවශ්‍යනම ඇරඹිය හැක.ඔවුන් වතු වගාවේ සේවයට නොපැමිණේ .කල යුත්තේ උවේ සිට පහලට ගලන ගංගාවන් වියලා දැමීමයි. අප ඒ සදහා ඇකේෂියා සහ ඉයුකැලිප්ටස් වගා කරමින් සිටිමු.”

එසේ කීවේ සුද්දන්ය.තවමත් සිටින අලුත් සුද්දන් අපේ පොල් ගසට වඩා පාම් ගස ආර්ථිකයට ලාභ බව කියමින් එපමණ “කප් රුකක් ” මෙතෙක් ලොව පහළවී නැති බව කියති. කෙන්දක්වත් වත් ඉතුරු නොවන පොල්ගස තෙල් ලබාගෙන රොඩ්ඩ වීසි කිරීමටවත් නොහැකි කට්ටක් වත් නැති කටුපොල් ගස ගස තරම් වටින්නේ නැතැයි කියන එවුන් පිළිබඳව මුළු ශ්‍රී ලාංකික ජාතියම විමසිලිමත් විය යුතුව තිබේ.

පිළිකා කාරක අඩංගු යැයි පිළිගන්නා පාම් තෙල් ලොවින් ඉවත් කිරීමට නිර්දේශ වීමට ආසන්නයේ තිබියදී , ඉන්දුනීසියාව වැනි රටවල් අපේ රසෙන් උසස් පොල් බීජ රැගෙන ගොස් වනාන්තර මැද අපේ මෝඩ ,ද්‍රෝහී පර්යේෂකයින්ම රැගෙන ගොස් වගා කරමින් සිටියදී කටු පොල් වගාව දියුණු කිරීමට කතා කරන්නන් යනු අපේ කර්මාන්තයට සහ පොල් වගාවෙන් ජීවත්වන දශ ලක්ෂයක් වන පවුල් සංඛ්‍යාවකට එරෙහිවන විජාතිකන් පිරිසක් විය යුතුමය .

පසුගිය දිනක පාම් කටුපොල් වගාවේ ගුණ කියන කුඩා ලිපියක එය බිස්කට්,ඖෂධ සබන් නිපදවීමට ගන්නා බව කියයි.එලෙසම කිරිපිටි නිපදවීමටත් ගන්නා බවත් නොවලහා කියයි.රට කිරිපිටි කාරයින් දැන් කියන්නේ කුමක්දැයි බලමු.මේ කියවන පාඨකයින්ට කීමට දෙයක් ඇත .පොල් පිටි වලින් බිස්කට් පමණක් නොව පිපුම් කාරක අවශ්‍ය පාන් පවා නිපදවනු ලබයි.ලෝකයේ උසස්ම රසයෙන් යුතු පොල් පිටි නිපදවනුයේ වර්ජින් පොල් තෙල් නිපදවා ඉතිරි වන කුඩ්ඩෙන්ය.එය ඉහලම ප්‍රමිති සහතික වලින් මාස 24ක් දක්වා කල් පවතින ලෙස ලංකාවෙන් අපනයන කරයි.එය ISO 22000-2018 ප්‍රමිතියෙන් පොල් කර්මාන්ත කරුවන් වෙනුවෙන් නිපදවන ප්‍රධාන මධ්‍යස්ථානය මාගේ කර්මාන්ත ශාලාවයි .එය තිරිගු පිටි වෙනුවට සහල් පිටි නිපදවූ ශ්‍රී ලංකාවේ එකම කර්මාන්තයමයි .දැන් ඇමෙරිකාව ,යුරෝපය ,කැනඩාව ,ජපානය ,බ්‍රසීලය වෙත තිරිගු පිටි වෙනුවට පාන් ,බිස්කට් ,කේක් සැදීමට පොල් පිටි නිපදවන අයුරු බැලීමට සුද්දන්ද පැමිණේ.පාම් තෙල් නිපදවීම පොල් තෙල් නිපදවීමට වඩා ආර්ථික වාසි ඇති බව කියන ලොක්කන් සමග ඕනෑම තැනක ,ඕනෑම වාදයකට පොල් වගා කරුවන් ඉදිරිපත් නොවන්නේ නම් වුවත් මා ඉදිරිපත් වීමට සුදානම් බව මේ ලිපියේනම් ප්‍රකාශ කර සිටිමි.

ලංකාවේ වැනිලා වගා කරයි .එයට ඇති ඉල්ලුම ඉතා ඉහලය.එය හානිකර භෝගයක් නොවේ .ලංකාව කුරුඳු ප්‍රධාන අපනයන කරුවාය .නමුත් පිලිපීනයේ ,ඉන්දුනීසියාවේ වැවෙන කැෂියා නම් මිල අඩු එහෙත් සුවඳ සහ රසින් යුත් භෝගයකින් කුරුදු වලට අභියෝග එල්ල විය. නමුත් එය පිළිකාකාරකයක් ලෙස දැන් තහවුරු වී ඇති බැවින් අපේ කුර්දු වලට ගැලවීමක් ලැබී ඇත..ගැලවීමට වඩාත් පහසු වී ඇත්තේ කුරුදු ගලවා කැෂියා වගා කිරීමට ඉදිරිපත් වූ බුරුවන් වාසනාවකට ලංකාවේ බිහි නොවී තිබීම නිසා බව සෘජුවම ප්‍රකාශ කර සිටිමි.

ලංකාවේ පොල් අක්කර ලක්ෂ 11ක් තිබේ. එහි පොල් ගස් මිලියන 77ක් තිබිය යුතුවේ,පරණ පොල් ගස් සහිතවද එහි ඇත්තේ මිලියන 40කි.අලුත් බිම් අඟලක් නොමැතිව. වසර 7කින් පොල් නිෂ්පාදනය දෙගුණයක් කළ හැකිය .එය රටක ආර්ථික ඉතිහාසයකට නිමේෂයකි .කුඹුරු, ගෘහස්ත සහ තෙත් බිම් අශ්‍රිතව වසරකට ගෙඩි 65ක් වෙනුවට 165ක් කැඩෙන පොල් ප්‍රභේද වගා කිරීම එක් කරන්නේ නම් පොල් නිෂ්පාදනය 4 ගුණයකින් ඉහල දැමිය හැක.ශරීරයට විෂ සහිත ලොවින් ප්‍රතික්ෂේප වන කටුපොල් සියල්ල ගලවා ඉවත් කර පොල් වගා කරන්නේ නම් ආර්ථිකයට තවත් වාසි වනු ඇත .

අරුණ කාන්ත බණ්ඩාර
කළමණාකාර අධ්‍යක්ෂක
හෙල්දිෆ්ලා (healthyfla ) කර්මාන්ත ශාලාව.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More