විදේශ පුවත්

ඉරානය චන්ද්‍රිකා යානයක් අභ්‍යවකාශයට දියත් කිරීමට උත්සහා කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව දැඩි සේ නොසන්සුන්තාවයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කළ අමෙරිකානු රාජ්‍යය ලේකම් මයික් පොම්පෙයෝ සඳහන් කරන්නේ අමෙරිකාව මින් ඉදිරියට ඉරානයට කිසිදු ආකාරයකින් උඩු ගුවනට චන්ද්‍රිකා දියත් කිරීමට ඉඩ නොතබන බවයි.

අමෙරිකාව ඊයේ(11) කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විග්‍රහයක යෙදෙන විදෙස් විත්ති විචාරකයින් පවසන්නේ, 2015 වර්ෂයේදී ඉරානය න්‍යෂ්ඨික වැඩ පිළිවෙල දියත් කළ වහාම අමෙරිකාව මෙවැනිම ආකාරයේ හැසිරීමක යෙදුනු බවයි. එහෙත් 2018 වර්ෂය වනවිට අමෙරිකාව ඉරානයට එරෙහිව පනවා තිබූ සම්බාධක ඒක පාර්ශවීයව ඉවත් කරගනු ලැබූ බව විදෙස් විත්ති විචාරකයෝ පෙන්වා දෙති.

ඔවුනට අනුව අමෙරිකාව ඉරාන න්‍යෂ්ඨික වැඩ පිළිවෙළට අකුල් හෙලීමට නොයෙකුත් බලපෑම් එල්ල කළේය. ඒවා අතර තමන්ගේම කඳවුරේ සගයන්ට පවා අනවශ්‍ය ලෙස මැදිහත් වෙමින් ඉරානය සමඟ ගනුදෙනු කරන සමාගම් වලට පවා වක්‍රාකාර අමෙරිකානු සම්බාධක පැනවීමට කටයුතු කළේය.

ඉරානයේ අසාර්ථක චන්ද්‍රිකා දියත් කිරීම පවා හුවා දක්වමින් අමෙරිකාව කටයුතු කරන්නේ ඉරාන රාජ්‍ය ප්‍රතිපත්තියේ කිසිදු අංගයක් සාර්ථක කර ගැනීමට ඉඩ දීමට අමෙරිකාව සූදානම් නැතිබවයි. සත්‍ය තත්වයනම් ඉරානය චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගතකිරීම තනිකරම සාමකාමී ක්‍රියාවක් බවත් එහි අසාර්ථකත්වය විසින් ඉරාන රාජ්‍යයේ අරමුණුපවා ළඟා කරගැනීමට අපහසු වූ බවයි.

“සෑම අසාර්ථක චන්ද්‍රිකා ගුවන්ගත කිරීමකින්ම ඉරානය අත්දැකීම් එකතුකරගනු ලබනවා. එම අත්දැකීම් සාමකාමී අභ්‍යවකාශ වැඩසටහනක් යන වදනට මුවාවී මිසයිල නිෂ්පාදන වැඩසටහන ඉදිරියට ගෙනයාමට ඔවුනට අවස්ථාව ලැබෙනවා.”යැයි අමෙරිකානු රාජ්‍යය ලේකම් මයික් පොම්පෙයෝ අවධාරණය කළේය.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More