දේශීය පුවත්

මේ දිනවල පවතින අධික රස්නය හේතුවෙන් දරුවන් විජලනයට පත්විය හැකි බැවින් වෙනදාට වඩා ජලය පානය කිරීමට උපදෙස් දෙන්නැයි රිජ්වේ ආර්යා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

විශේෂයෙන්ම මේ දිනවල ක්‍රීඩා උත්සව පවත්වන බැවින් දරුවන් වැඩි වේලාවක් අව්වේ සිටීම විජලනයට හේතුවක් විය හැකිය. එමගින් තාපකම්පන තත්ත්වයන් ඇතිවිය හැකි බවද පෙන්වා දෙයි.

තාපකම්පන තත්ත්වයට පත්ව දරුවන් රෝහල් ගත කිරීම සෑම වසරකම සිදුවන්නක් බැවින් ඒ ගැන සැලකිලිමත් විය යුතු බව අවධරණය කෙරේ.

තවද මේ දිනවල දරුවන් නෑවීම අනිවාර්යයෙන් කළ යුතු වන අතර වෙනත් දිනවල නෑම සඳහා යොදවන කාලයට වඩා වැඩි කාලයක් දරුවන්ට ස්නානය කිරීමට ඉඩ ලබාදීමද වැදගත්වෙයි.

එසේම පෑවිල්ලත් සමග පරිසරයේ දූවිලි ප්‍රමාණය ඉහළ ගොස් ඇති බැවින් ඇදුම තිබෙන දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව කෙරෙහි වැඩි සැලකිල්ලක් යොමු කිරීමේ වැදගත්කමද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පෙන්වා දෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More